• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF කොන්දේසි! ඡන්දෙ කල් දාන කුමන්ත්‍රණය! සිසුන්ට ගහන කඳුළු ගෑස්වල ප්‍රමිතිය! සජිත් 27/2 යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO

March 21, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟ වූ කොන්දේසි මොනවා ද යන්න පාර්ලිමේන්තුවට හෙළිදරව් කළ යුතු බවත්,ජනමතයට එරෙහි ආණ්ඩුව මැතිවරණ කල් දැමීම හරහා දෙන පණිවිඩය බරපතළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පසුගියදා උද්ඝෝෂණ වලට එල්ල කළ ප්‍රහාර වලදී භාවිතා කළ කඳුළු ගෑස් වල ප්‍රමිතිය පිළිබඳවද ඒවායේ අන්තර්ගත යම් පිළිබඳවද අන්තර්ගත යම් පිළිබඳවද වහා රටට හෙලිදරව් කළ යුතු බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

රටේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුතු ගැටලු වශයෙන් සලකා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

  1. ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ අත්සන් කර ඇති ගිවිසුම ක්‍රියාත්මක කරනු ලබන දිනය කුමක් ද?
  2. එම ගිවිසුම ප්‍රකාරව ප්‍රතිව්‍යුහගතකරණයට ලක්වන රාජ්‍ය ආයතන, රජයට අයත් සමාගම් මොනවාද?
  3. එම ගිවිසුමේ සඳහන් අනෙකුත් කොන්දේසි මොනවා ද? එම ගිවිසුම මෙම ගරු සභාවට මේ සතියේ දී ඉදිරිපත් කළ හැකි ද?
  4. ජනමතය නොමැති නිසා මැතිවරණ කල්දමන ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහ අනෙකුත් පාර්ශව සමග එළඹෙන ගිවිසුම් සහ තීන්දු තීරණ වලට ජනතා ආශිර්වාදය ලබා ගන්නේ කෙසේ ද?
  5. නිසි කලට මැතිවරණ නොපවත්වන රටක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් හඳුන්වන්නේ කෙසේ ද?
  6. මෙම වසර තුළ දී කිසිදු මැතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු නොකරන්නේ ද?  
  7. නොඑසේනම්, දෙවන වරටත් දින නියම කෙරුණු පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිදහස් නොකිරීමට හේතු කවරේ ද?
  8. මුද්‍රණාලයාධිපති විසින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව මගින් ඉල්ලා ඇති මුදල කොපමණ ද?
  9. එයින් කොපමණ මුදලක් මේ වනවිට මුද්‍රණාලය වෙත ලබා දී තිබේ ද? තව කොපමණ මුදලක් මුද්‍රණාලය වෙත ලබා දිය යුතුව තිබේ ද? එම මුදල කවදා වනවිට ලබා දිය යුතුව ඇත් ද?
  10. නව ආදායම් බදු පනත ක්‍රියාත්මක කිරීමත් සමඟ පසුගිය මාස 2 තුළ දී එයින් රජයට ලැබුණු ආදායම කොපමණ ද?
  11. පසුගිය කාලයේ දී වෘත්තිකයින් විසින් නව බදු පනත සම්බන්ධයෙන් යෝජනා කර ඇති සංශෝධනයන් මොනවා ද? එම සංශෝධන සිදු කිරීමට රජය එකඟ වන්නේ ද?
  12. නව ආදායම් බදු පනත සංශෝධනය කිරීමට රජය අපේක්ෂා කරනු ලබන්නේ නම් ඒ කෙබඳු ආකාරයට ද යන්න පැහැදිලි කරන්නේ ද?
  13. පසුගියදා කොළඹ විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළට පොලීසිය ඇතුළු වී සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගරු අධ්‍යාපන අමාත්‍යතුමා විසින් කැඳවනු ලැබූ වාර්තාව සහ ඒ අනුව ගන්නා ලද ක්‍රියාමාර්ගවල ප්‍රගතිය කවරේ ද?
  14. කොළඹ විශ්ව විද්‍යාල සිසුන්ට පහරදුන් හමුදාපති හෝ පොලිස්පති නොහඳුනන හමුදාවන් විසින් භාවිතා කරන නිල ඇඳුමකට සමාන ඇඳුම් ඇඳ සිටි පොලු රැගත් පිරිස කවු ද?
  15. එම නොහඳුනන කණ්ඩායමට අණ ලබා දුන්නේ කවු ද? මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වල ප්‍රගතිය කවරේ ද?
  16. පසුගිය කාලය ඇතුළත දී උද්ඝෝෂණ විසුරුවා හැරීමට ආණ්ඩුව භාවිතා කළ කඳුළු ගෑස් හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඊට හේතුව රසායනික විෂ වීමක් ද? නැතහොත් කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කිරීමක් ද?
  17. 2022 මැයි මස 9 වැනි දින අරලියගහ මන්දිරය අසල,

2022 ජුලි 13 වැනි දින අග්‍රාමාත්‍ය කාර්යාලය අසල,

2023 පෙබරවාරි 26 වැනි දින ලිප්ටන් වටරවුම අසල සහ,

2023 මාර්තු 07 වැනි දින කොළඹ සරසවිය අසල

සිදු කරන ලද උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා භාවිතා කෙරුණු කඳුළු වායු උණ්ඩ (CS Shells) සහ කඳුළු වායු බෝම්බ (CS Grenade) වල නිෂ්පාදන අවුරුදු සහ කල් ඉකුත්වීමේ දින මොනවාද?

  1. එම උද්ඝෝෂණ සඳහා භාවිතා කළ කඳුළු වායු උණ්ඩ සහ කඳුළු වායු බෝම්බ ප්‍රමිතිය සහතික කිරීමට විධිමත් රසායනාගාර පරීක්ෂණයක් සිදු කොට තිබේ ද? එම පරීක්ෂණ වාර්තාව මෙම සභාවට ඉදිරිපත් කළ හැකි ද? නොඑසේ නම් ඒ මන්ද?
  2. අලුතින් තවත් කඳුළු වායු උණ්ඩ සහ කඳුළු වායු බෝම්බ 15,000ක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ ද? ඒ සඳහා ඇස්තමේන්තු ගත මුදල කොපමණද?

SendShareShare
Previous Post

හෙට ජනාධිපති IMF කොන්දේසි මාලාව අරන් පාර්ලිමේන්තුවට එනවා! කතාවකුත් කරනවා! ඡන්දයකුත් විමසනවා!

Next Post

ජනාධිපති කාර්යාලයෙන් ආ ලිපියකින් කළ අත්තනෝමතික ක්‍රියාවක්! දහස් ගණනකට අසාධාරණයක්! VIDEO

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper