ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති International Wood Expo 2019 ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේය.
JAT Holdings සමාගම, ඉන්දියානු කර්මාන්ත සංගමය (Confederation of Indian Industry) සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යන පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං මහතා විසින් විවෘත කරන ලදී.
අඛණ්ඩව 7 වැනි වරටත් පැවති එම ප්‍රදර්ශනයේදී දැව කර්මාන්ත සහ ගෘහභාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයන්ට අදාළ නිෂ්පාදන, යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණයන් ප්‍රදර්ශනය කෙරිණි. මෙය එම ක්ෂේත්‍රවල සාමාජිකයන්ට නව නිෂ්පාදන හඳුනාගැනීමට, විශේෂඥයන් වෙතින් නව දැනුම ලබාගැනීමට සහ ක්ෂේත්‍රයේ අනෙකුත් සාමාජිකයන් දැන හඳුනා ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවකි.











