• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිත්තර කටුවෙන් එළියට ආපු පවුල් හුටපටය… උන් බිත්තරවලට මරාගන්නවා, රටේ මිනිස්සු බිත්තරයක් කන්න නැතිව දුක් විඳිනවා…

March 15, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
බිත්තර කටුවෙන් එළියට ආපු පවුල් හුටපටය… උන් බිත්තරවලට මරාගන්නවා, රටේ මිනිස්සු බිත්තරයක් කන්න නැතිව දුක් විඳිනවා…
Share on WhatsAppShare on Facebook

ඉතිහසයේ කිසිම දවසක මාතෘකාවක් නොවූ පාරිභෝගික භාණ්ඩයක් වන බිත්තරය මේ දිනවල ලංකාවම කලඹවමින් තිබේ. මේ කැලඹිල්ල කොතෙක්දැයි පවසතොත් වෙළෙඳ ඇමැතිගේ සිට සිය ප්‍රෝටීන් අවශ්‍යතාව සඳහා බිත්තරයක් කෑමට එක් කරගන්නා කුඩා දරුවා තෙක් බොහෝ දෙනකු ඊට හසුව හතර අතේ කැරකැවෙමින් සිටියි.

අර්බුදය ඇතිවන්නේ බිත්තර මිල අහස උසට ඉහළ යෑමත් සමගය. ඉහළ යන මිල පාලනයට ආණ්ඩුවේ විසඳුම මිල පාලනය කරමින් ගැසට්ටුවක් නිකුත් කිරීමය. එහෙත් බිත්තර නිෂ්පාදකයෝ පවසනුයේ බිත්තර මිල ඉහළ යාමට හේතුව සත්ව ආහාරවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම බවය. සත්ව ආහාර නැති නම් මේ අර්බුදයට අදාළව කුකුළු කෑමවල මිල ඉහළ යන්නේ ඒවා නිෂ්පාදනයට දේශීයව යොදාගන්නා බඩඉරිඟු වැනි ධාන්‍ය වර්ග වෙළෙඳපොළේ කළුනික ගානට පත්වීම නිසාය. ලංකාවේ බඩඉරිඟු එතෙර, දුර්ලභ භෝගයක් වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැය 24න් රසායනික පොහොර තහනම් කර ලංකාවේම ගොවිබිම් කාබනිකකරණය කරන්නට යාම නිසාය. හිටපු ජනපතිට ඒ සඳහා ලණුව කැවුවේ රතන හිමි සහ වෛද්‍ය පාදෙණිය වැනි පුරෝහිතයෝය. එහෙයින් ඒ දෙන්නාටද දුප්පතාගේ බත්පතෙන් බිත්තරය වාෂ්ප වීමේ වගකීමෙන් මිදෙන්නට බැරිය.

පවට බය නිසා කුකුළන් ප්‍රමුඛ සත්ව ප්‍රජාවට අභය දානය දෙන්නෝ පවා අජීවී දෙයක් ලෙස සලකා බිත්තර කෑමට ගනිති. එහෙයින් ශ්‍රී ලංකිකයන්ගේ වාර්ෂික බිත්තර පරිභොජනය දළ වශයෙන් බිත්තර බිලියන දෙකකි. ඒ අනුව මාසික බිත්තර පරිභෝජනය මිලියන 200ක් ලෙස දැක්විය හැකිය. එහෙත් පවතින සත්ව ආහාර අර්බුදය හමුවේ මෙරට මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 50 සීමාවේ පවතී. ඒ අනුව ශ්‍රී ලංකාවේ මාසික බිත්තර හිඟය ආසන්න වශයෙන් මිලියන 150කි. ඍජු ආහාරයක් ලෙස භාවිත කරනවාට අමතරව විවිධ කෙටි කෑම, බෙකරි නිෂ්පාදන, රස කැවිලි ආදිය සකසන්නටද බිත්තර යොදාගනී. එහෙයින් සිංහල හා හින්දු අවුරුදු සමයන්හි මෙන්ම නත්තල් කාලයේදී බිත්තර අර්බුදය වඩාත් තීව්‍ර වීම සාමාන්‍ය තත්ත්වයකි. එම නිසා පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසය වන විට මෙරට පාරිභෝගිකයා බිත්තර මිල හමුවේ බිත්තර කටුවක් ලෙසින් පොඩි වී යන්නට පටන්ගෙන තිබිණි. ඒ අනුව 2022 අගෝස්තු 19 වැනිදා අංක 2293/69 දරන ගැසට්ටුව ප්‍රකාශයට ප‍ත්කරමින් ආණ්ඩුව බිත්තර සඳහා පාලන මිලක් පැනෙව්වේය. එකී ගැසට්ටුව මගින් සුදු බිත්තරයක් රුපියල් 43කටත්, රතු හෝ දුඹුරු බිත්තරයක් රුපියල් 45කටත් මිල නියම විය. එහෙත් බිත්තර නිෂ්පාදකයෝද නිකම් සිටියේ නැත. ඔවුහු ඊට එරෙහිව උසාවි ගියහ.

පාලන මිල සම්බන්ධයෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ගොනුකළ පෙත්සම අභියාචනා අධිකරණය හමුවේ සලකා බලන අතර, බිත්තර නිෂ්පාදනය සඳහා වැයවන පිරිවැය සමග සැසඳීමේදී එම පාලන මිල යටතේ බිත්තර අලෙවි කිරීම ප්‍රයෝගික නොවන බව ඔවුහු පෙන්වා දුන්හ. එම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය පසුගිය දෙසැම්බර් 15 සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර පාලන මිල සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ සමගම යළිත් බිත්තරය අහසට පාවී ගියේය. බිත්තර මිල පාලනයට එකම විසඳුම බිත්තර ආනයනය කිරීම බව කනින් කොනින් කියැවෙන්නට ගන්නේ මේ අවස්ථාවේදීය. ප්‍රශ්නයට වහා මැදිහත් වන වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු බිත්තර ආනයනයට තීරණයක් ගන්නේ මෙවන් අවස්ථාවකය.

එහෙත් එහිදීද පොඩි කොස්සක් මතුවන්නේය. ඒ, බිත්තර ආනයනය සම්බන්ධව මෙරට පවතින නීති රීතිය. පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට යම් රටකින් බිත්තර ගෙන එන්නේනම් මාස හයක කාලයක් තුළ එරට කුරුලු උණ රෝගීන් වාර්තා නොවිය යුතු බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසීමත් සමග ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ගෙන ඒම අ‍ර්බුදයට ලක්විය. එම දෙරටින් බිත්තර ගෙන ඒමට අවසර ලබාදෙන්නේ නම් රුපියල් 30ත් 35ත් අතර මිලකට බිත්තර අලෙවි කළ හැකි බව පාර්ලිමේන්තුවේ පවා ප්‍රකාශයට පත්විය. එහෙත් කුරුලු උණ මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බැවින් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කිරීමට නිර්දේශ ලබාදිය නොහැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසීමත් සමග තත්ත්වය බොහෝ දුරදිග ඇදෙන්නට විය. අවසානයේ අදාළ සහතික ලබාගැනීමෙන් පසු ඉන්දියාවෙන් බිත්තර මිලියන දෙකක් ආනයනය කිරීමට රජය තීරණය කළේය. ඒ කටයුත්තට මැදිහත් වූයේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවය. එබැවින් බිත්තර ආනයනයේදී 50% ලෙස පැවැති ආනයන බද්ද එම සංස්ථාවට පමණක් අදාළ වන පරිදි 1% දක්වා පහත හෙළීමට වෙනමම පනතක්ද ගෙන ඒමට ආණ්ඩුවට සිදුවිය.

ඒ ආකාරයෙන් බිත්තර ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමත් සමග බිත්තර නිෂ්පදකයන්ගේ සංගමය ඊට සිය දැඩි විරෝධය පාන්නට පටන්ගත්තේය. එම සංගමයේ සභාපති සරත් රත්නායක ඊට එරෙහිව අභියෝග කරන්නට විය. එමතුදු නොව බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි ඍජුවම ආණ්ඩුවට සහ වෙළෙඳ අමාත්‍යවරයාට බර අවිවලින් පහරදෙන්නට විය. අවසානයේ රටට හෙළිවෙන කරුණ නම් ජන මාධ්‍ය ඔස්සේ මරාගෙන මැරෙන්නට ඉදිරිපත්ව සිටින වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු සහ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඇන්ටන් නිෂාන්ත අප්පුහාමි යනු දෙමස්සිනෝ බවය.

ඇන්ටන් අප්පුහාමි යනු කවුදැයි රටේ බොහෝ දෙනෙක් නොදන්නා මුත් බිත්තර කන නොකන කොයි කවුරුත් දැනගත යුතු චරිතයකි. ඔහුම පවසන පරිදි මීට කලකට පෙර සිය බිරිඳ සතුව තිබූ පර්චස් විසි ගණනක ඉඩමකට පමණක් හිමිකම් කී ඔහු අද රට පතළ කෝටිපතියෙක් වී ඉන්නේ බිත්තර අලෙවියෙනි. තමාටම යැයි කියා එක කිකිළියකවත් නැති ඇන්ටන් අප්පුහාමි, බිත්තර අලෙවියේ අංක එකේ අතරමැදියාය. මේ වන විට ඔහු සතු සීත ගබඩාවේ එක වරකට ගබඩා කළ හැකි බිත්තර ගණන හැටලක්ෂයකි. ලංකාවේ මහා පරිමාණයෙන් කේක් සහ රසකැවිලි නිපදවන ආයතන රැසකට බිත්තර සපයන ඔහු මෙරට බිත්තර සේදීමේ යන්ත්‍රාගාරයක් සතු එකම පුද්ගලයාද වෙයි. පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පසුගියදා මහ හඬක් නඟමින් වටලා මුද්‍රා තැබුවේ මෙකී ඇන්ටන් නිෂාන්ත අප්පුහාමිගේ බිත්තර ගබඩාවය.

එහෙත් ඇන්ටන් නිෂාන්ත අප්පුහාමි පවසනුයේ මෙම මුද්‍රාතැබීම හුදෙක් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු තම සමග පවතින වෛරය පිරිමසා ගැනීමට සිදුකළ ක්‍රියාවක් බවයි. පාරිභෝගික සේවා අධිකාරියේ උපාය දූතයෙක් පැමිණ තමාගෙන් බිත්තර 260ක පෙට්ටියක් ඉල්ලා සිටි බවත්, තමා බිත්තර පෙට්ටිය දෙක විකුණන්නේ නැති බැවින් එම ගනුදෙනුව ප්‍රතික්ෂේප කළ බවත්, ඉන් අනතුරුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පැමිණ තම ගබඩාව මුද්‍රා තැබූ බවත් ‘ටෘත් විත් චමුදිත’ යූටියුබ් නාලිකාව හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවැසීය.

එදින තමා සතුව තිබුණේ බිත්තර 60,000ක් පමණක් බවත්, සී.බී.එල්. සහ ලිට්ල් ලයන් සමාගමට එම බිත්තර 60,000 ලබාදීමට නියමිතව තිබූ බවත්, ඒ බව කෙතරම් පැවැසුවද ඒ බව නොතකා නිලධාරීන් තම ගබඩාව මුද්‍රා තබු බවත් ඔහු පවසයි. මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදීද සාකච්ඡාවට ගැනුණු අතර, ඇන්ටන් නිෂාන්ත අප්පුහාමි ජාවාරම්කාරයකු බව එහිදී පැවැසිණි. මේ අතර ඉන්දියාවෙන් ගෙන එන බිත්තරවල කුරුලු උණ වෛරසය සහිත බවත්, එවැනි බිත්තර හමුදාවට ලබාදී ඇති බවට නිශාන්ත අප්පුහාමි චෝදනා කරන්නේය. එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනුයේ එම ප්‍රකාශයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිට තමා උපදෙස් දුන් බවයි.

බිත්තර කර්මාන්තයේ මාෆියාකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා ඇන්ටන් අප්පුහාමිට චෝදනා කළද ඔහු පවසනුයේ මෙම කර්මාන්තයේ මාෆියාකරු බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති කොබෙයිගනේ සරත් රත්නායක බවයි. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය, අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ඇතුළු පාර්ශ්වයන් එක වේදිකාවට කැඳවන්නේ නම් තමා සැබෑ මාෆියාකරුවන් කවුරුන්දැයි හෙළිකරන බවත් ඔහු පැවැසීය. එමෙන්ම ඉන්දියාවෙන් බිත්තරයක් ගන්නෙ රුපියල් 16කට වුවත් ලංකාවේ ප්‍රචාරය කරන්නේ ඒ සඳහා රුපියල් 30ක් වැයවන බව යැයි පැවසූ ඔහු, බිත්තර ලක්ෂ 20ක් ඉන්දියාවෙන් ගෙන ඒමේදී රුපියල් කෝටි 9ක වංචාවක් සිදුව ඇති බවටද චෝදනා කරයි. වත්මන් වෙළෙඳ ඇමැතිවරයා බැසිල් රාජපක්ෂගේ අනුගාමිකයෙක් බවත්, පාර්ලිමේන්තුවට පැමිණි මුල් අවස්ථාවේදීම ඔහුට ඇමැතිකමක් හිමිවීමට හේතුව කුමක්දැයි සොයා බැලිය යුතු බවත් ඔහු පැවසීය.

එමෙන්ම වත්මන් වෙළෙඳ ඇමැතිවරයාගේ අත්තනෝමතික තීරණ නිසා බිත්තර දමන කිකිළියන් පවා මස් කඩයට යවා අවසන් බවත්, එළැඹෙන සිංහල අවුරුදු සමයේ බරපතළ බිත්තර හිඟයක් ඇතිවන බවත් ඔහු පවසයි. රටින් ගෙන ආ බිත්තරවලින් ලක්ෂ 20ක් මේ වන විටත් යුද හමුදාවට ලබාදී ඇති බවත්, එසේ ලබාදී ඇත්තේ එම බිත්තර සඳහා නිරෝධායන සහතිකයක්වත් ලැබීමට පෙර බවත්, එමගින් කුරුලු උණ පැතිරීමේ අවදානමක් ඇතිවි‍ය හැකි බවත් ඔහු පවසයි. එමෙන්ම අවුරුදු සමයේදී බිත්තරයක් රුපියල් 70 ඉක්මවා යනු ඇති බවත්, මේ අවුරුද්දට කේක් කෑල්ලක් කන්නට නොලැබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දස මාසයක් කුස තුළ රැක සිටිය මට… නොබලා ඉන්න බැහැ පුතුනේ මුහුණ කට… ඇවිත් යන්න බැරි නම් මොහොතක් ළඟට… ඈත හිටං අඬගහපං පුතේ මට…

Next Post

කලාකරුවෙක් අසරණ වුණාම පක්ෂ පාට අමතක කරලා ඉස්සරහට වරෙල්ලා! අපේ ජනප්‍රිය නිළිය සුසන්තා වෙනුවෙන් විපක්ෂනායක ඉදිරිපත් වෙයි! VIDEO

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.