• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දස මාසයක් කුස තුළ රැක සිටිය මට… නොබලා ඉන්න බැහැ පුතුනේ මුහුණ කට… ඇවිත් යන්න බැරි නම් මොහොතක් ළඟට… ඈත හිටං අඬගහපං පුතේ මට…

March 15, 2023
in Exclusive, News
Reading Time: 14 mins read
A A
දස මාසයක් කුස තුළ රැක සිටිය මට… නොබලා ඉන්න බැහැ පුතුනේ මුහුණ කට… ඇවිත් යන්න බැරි නම් මොහොතක් ළඟට… ඈත හිටං අඬගහපං පුතේ මට…
Share on WhatsAppShare on Facebook

“මහත්තයා, මහත්තයා…” යනුවෙන් නිවෙසේ ඉදිරිපස මිදුල දෙසින් ඇසුණු නාඳුනන කාන්තා කටහඬක් නිසා ඒ අවස්ථාවේ කුස්සියේ උදේ ආහාරය පිළියෙල කරමින් සිටි මමත් අපේ පුතාලගේ අම්මාත් මුහුණට මුහණ බලාගත්තෙමු. ඒ වන විට වේලාව උදෑසන හයට ඔන්න මෙන්න ගානටය.

විවිධ හේතූන් නිසා මා හමුවීමට දිනකට හත්අට දෙනකු ඒ දිනවලත් ආවත් මෙච්චර අලුයමින් කාන්තාවකගේ පැමිණීමක් නම් මතක හිටින කාලෙක සිදුවී නැත. “කවුරුද දන්නෙ නෑ ගිහින් බලන්නං” මම කීවෙමි.

ඒ වන විට සම්පූර්ණ නිවෙසටම අත්තිවාරම දමා තිබුණත් කුස්සියත් සමග කාමර දෙකකුත් අටවාගෙන අපි පුතාලා තුන් දෙනාත් සමග පදිංචිව සිටියෙමු. ඔය නවසිය අසූහතර හෝ පහ හෝ තරමේදීය. ඒ වන විට ලොකු පුතාගේ වයස අවුරුදු දහතුනක් පමණය. මා දොර ඇර බලන විට ඉදිරි අත්තිවාරම ආසන්නයට වෙන්නට වැඩිය නූස් (උසනැති අඩි හතරක් හතර හමාරක් තරමේ) වයස විසිපහත් තිහත් අතරේ යැයි පෙනෙන යුවතියක් දැරියක් වඩාගෙන සිටියාය. ඒ දරුවාට වයස අවුරුද්දක් ඇති නැති තරම්ය. කාන්තාව ඇඳ සිටියේ පරණ වැරහැලි ගැහෙන්නට ඔන්න මෙන්න ගවුමකි. තනි කරලක් වෙන්නට ගොතා තිබූ කොණ්ඩය හොඳටම අවුල්වී තිබිණි. රාත්‍රී නින්දෙන් ඇහැරපු ගමං පැමිණි සෙයකි.

ඇගේ මුහුණ ඉදිමී ඇස් තඩිස්සි වී තිබිණි. එසේ වීමට හේතුව නිදිවර්ජිත වීම පමණක් නොව එළිවෙනතුරු හොඳටම අඬා වැලපී සිටීම බව නම් ඉතා පැහැදිලිය.

ඇගේ ගවුමේ වම් පැත්තේ කොනක අවුරුදු හතරක් ඇති නැති තරමේ තවත් දැරියක් එල්ලී සිටියාය. ඇගේ අනිත් අතේ බාගෙට කා තිබුණු රොටී කෑල්ලකි. ගවුම් මාල්ලක් අන්දවා සිටි සිටි “කෙලිමැලැක්ක”ගේ දෙනෙත්වල සිට නිකට දක්වා ගලා ගිය කඳුළු පාරවල් වියළී ගිය ලකුණුය.

ගෘහ මූලිකත්වය වැඩි වශයෙන් ස්ත්‍රී පක්‍ෂයට බර නිවෙසකට කුකුළා අතින් අරන් කිරි බොන වයසේ දරුවන් දෙදෙනකුත් සමග තරුණ කාන්තාවකගේ සංක්‍රමණය වනාහි (මගෙ බුදු සන්තානං මෑණියනේ) තුන්වැනි ලෝක යුද්ධයට අත වනන්නක් හෙයින් මම හෙමින් සීරුවේ පස්ස හැරී බැලුවෙමි. මගේ උගුර කට වියළී ගියේය. එහෙත් ඒ ගැන නොසලකා මේ මනුස්යා දෙස හැරී බලා මම “ඇයි” යැයි ඇසුවෙමි.

“පත්තරේ වැඩකරන මාරසිංහ මහත්තයා නේද?”
(ඒ කාලයේ මේ තරම් පත්තරත් නාලිකා තබා කේශ නාලිකාවත් නැති යුගයකි)
“ඔව්”
“අනේ බුදු මහත්තයා, මහත්තයාට බුදුබව අත්වෙයි පත්තරේට දාලා මේ දරුවන් දෙන්නා කාට හරි දෙන්න හදල දෙන්න….”
“කාගෙද දරුවො…”ඒ ප්‍රශ්නය ඒ හාම මගේ පිටුපසින් ඇසුණේය.
“මගෙ”
“ඇයි කාටවත් දෙන්නෙ..?” ඒ වැලහින්නියකගේ කඩාපැනීමකි.
“ඒක දිග කතාවක් නෝන මහත්තයා….” ඒ පිළිතුර ආයේ මහා ඉකිගැසීමකුත් සමගය. ඒ ඉකිගැසීමේ හඬට අපේ දරුවන් තිදෙනා අවදි වී එළියට ආවෝය. අපේ නෝනා වහ වහා පැදුරක් එළා කුඩා දරුවා තියන්න සලස්වා දුන්නාය. අසරණත්වයට පත් ඒ මනුස්ස දියණිය සමග ඒ දරුවන් දෙදෙනාට සියල්ල එසේ සැපයිනි.

ඉන් අනතුරව ඒ අසරණිය කී කතාව මෙසේය.

රඹුක්කනට ආසන්න වත්පොහොසත් පවුලක ඇය එකම දියණියයි. ඒ ගමේම දියුණුම වෙළෙඳසල ඇගේ පියාට අයත්ය. ඇගේ එකම අයියාත් තාත්තාත් ව්‍යාපාරය පවත්වාගෙන ගියෝය. ඇය හයේ පන්තියේ සිට යවනු ලැබුවේ කෑගල්ලේ ඉහළම පෙළේ කාන්තා විදුහලකටය. නිවෙසේ සිට රඹුක්කනට සැතපුම් තුනක් සහ රඹුක්කන සිට කෑගල්ලට සැතපුම් පහක් යන පරිදි බසයෙන් ගමන දිනකට සැතපුම් අටකි.

සම්මාන හතක් සමග විභාගය සමත් වීමෙන් පසුව ඇගේ අපේක්‍ෂාව වූයේ වෛද්‍යවරියක් වීමටය. වයස අවුරුදු දාහත පමණ වන විට ඇය Highly Inflamable. වහා ගිනිගන්නාසුලුය. බසයේ “ගින්දර” තිබිණි. රියැදුරා කඩවසම්ය. තරුණය. ඔහු ඇගේ පියාගේ පවුලට දුර නෑකමක් ඇති බව ද දැනගත්තාය. ඉතින් පත්තු වුණේය. පත්තුවී ඇවිළුණේය.

දිනක් උදයේ පාසල් ගිය ඇය ඔහු සමග දුර පළාතකට ගොස් කුලියට ගත් නිවෙසක යුගදිවිය ඇරඹූවාය. ඒ අතරතුර ඔහු දින දෙක තුනක “ලෝංටි්‍රප්” ගිය බැවින් දිනයක් දෙකක් ගෙදර ආවේ ද නැත. ටික කලකින් ඔහුට දුර පළාතකට තාවකාලික මාරුවක් ලැබුණු අතර නිවෙසට ආවේ සති අන්තයේය. අන්තිමේ දී ගෙදර ඒම සම්පූර්ණයෙන්ම නැවතිණි. ඒ වන විට ඇය සිවුමස් ගැබිනියකි.

ඔහු විවාහකයකු බවද, රුවන් දෙදෙනකු සිටින බවද දැනගත් හෙයින් ඇය ආපසු මාපියන් කරා ගියාය. ඔවුන් ඇය භාරගත්තත් ඇයගේ නෑනණ්ඩිය හරහට හිටියාය. ඇයට ලැබුණේ දැරියකි. මාපිය දෙදෙන දරුවාගේ වගකීම භාරගත්හ. ඒ වනවිට ඇගේ අයියා ව්‍යාපාරයේ තනි හිමිකරුය. ලොරියක්ද තිබුණේය. පියා වයසට ගොසිනි.

නෑනණ්ඩිය ඇයට පලා බෙදන්නට වූයෙන් ඇය රැකියාවක් සොයා ගත්තාය. ඒ මාර්ග අලුත්වැඩියා කරන (තාරදමන) කොන්ත්‍රාත්කරුවකුගේ කණ්ඩායමේය. ඒ කණ්ඩායමේ සිටි එක් තරුණයකු සමග ඇය හාද වූවාය. නිවෙසින් ඈත්වුණු ඇය ඔහු සමග ජීවිතය ඇරඹුවාය.

රජයෙන් බෙදාදුන් ඉඩම්වලින් ලැබුණු අක්කර කාලක මුළු පවුලම පදිංචිව උන්හ. ඇගේ සැමියාගේ සහෝදරියන් දෙදෙනකුද වැඩිමල් සහෝදරයකුද ඒ අක්කර කාලේම පොඩි පොඩි පැල් අටවාගෙන උන්හ. ඔවුනට දරුවෝද වූහ. ඇයත් ඔහුත් දෙදෙනාද ඒ ඉඩමේම පැල් කොටයක් අටවා ගත්හ. පළමු දරුවා ලැබී වසර තුනහමාරකින් පසුව දෙවැනි දරුවා ලැබුණේය. දෙදෙනාම ගැහැනු දරුවන්ය. ඒ අතරේ දිනෙක පොල් ගෙඩියක් කඩාගැනීමට නැග්ග ගසෙන් වැටී ඇගේ සැමියා මියගියේය.

ටික දිනක් ගතවන විට ඇයට තබා දරුවන්ටත් කෑමට දෙයක් නොවීය.

ඇය සිටින පැල්පත ඇයට දෙන්නට වේය යන කරුණ නිසා ඇය ඉන් පන්නා දමන්නට සැමියාගේ පවුලේ උදවිය උත්සාහ ගත්හ. ඒ කරදරත් කුසගින්නත් ඉවසනු බැරිම තැන ඕ මාපියන් කරා ගියාය.

“ඉස්සර වෙලා උඹ හිතුවක්කාරෙට වුණත් අපේ වංසෙ එකෙක් එක්ක ගිය හින්දා ළමය අපි භාරගෙන හදනව. ඔය අඩු කුලේ එවුන් මෙහෙ හදන්න බෑ. ඔය “තුවක්කු” දෙක කාටහරි දීලා ආවොත් උඹ විතරක් භාරගන්නං, නැත්තං ආපු හැටියටම ආපහු පලයං” ඒ ඇගේ නෑනණ්ඩිය ප්‍රමුඛ පවුලේ ප්‍රතිචාරය වූයෙන් ඇය ඇගේ මිතුරියක් සොයාගෙන ගියාය.

ඇයගේද උපදෙස් මත දරුවන් කාට හෝ දෙන්නට උදව්වක් පතා පත්තරකාරයකු සොයා ආවේ ඉන් අනතුරුවය.

මා එදවස සේවය කළේ ‘දිවයින’ කර්තෘ මණ්ඩලයේය. ප්‍රවෘත්තිය පළවූ පසුව ළමයින් දෙදෙනා ගෙන යාමට විදුලි පණිවුඩ සහ ලියුම් දින දෙක තුනක් ඇතුළත දෙසියයකට වැඩි ප්‍රමාණයක් මට ලැබුණේය. (මගේ නමට ලිපි ලැබීමද තවත් කතාවකි. ඉන්න හිටින්නට තැනක් නැති ඇයට ලිපිනයක් පවා නොවිණි. ඒ නිසා එවක ‘දිවයින’ ප්‍රධාන කර්තෘ එඩ්මන් රණසිංහ මහතාට විස්තරය පවසා මගේ ලිපිනය පත්‍රයේ දැම්මෙමි.)

ළමයින් දෙදෙනා ඉල්ලා සිටි දෙතුන් දෙනකු මගේ අතට ගානක් දෙන්නට කැමැති බවද දන්වා තිබිණි. (ඒ කාලයේ පටන් දරුවන් විකිණීමේ ජාවාරමක් ඇති බව මා දැනගත්තේ ඔය සිද්ධියෙනි)

එදින අපේ නිවෙසේ නවත්වා ගත් ඒ පවුල දින දෙකතුනකින් එන පොරාන්දුව පිට පසුදින උදේ ඇගේ නිවෙසට ගියාය. එහෙත් ඒ ගියදාම සවස ඕ දරුවන් සමග ආපසු ආවේ වැළපෙමිනි. ඒ ඈ සිටි පැලට ඇගේ සැමියාගේ කට්ටිය ගිනිතබා තිබූ හෙයිනි.

පත්තරේ පළවූයේ මගේ ලිපිනය නිසා මේ මනුස්සයාට මොකක් හරි කරදරයක් වූවොත් මා “ගස්”ය. ඒ නිසා ළමයින්ගේ ප්‍රශ්නය අවසන් වෙනතුරු ඔවුනට නවාතැන් දීමට අපට සිදුවිය.

මේ ගැටලුව මට තනිව විසඳිය නොහැකි බැවින් දරුවන් දීම සඳහා සුදුස්සන් දෙදෙනකු තේරීමට මම එවක (මට මතක හැටියට) රඹුක්කන පොලිස් ස්ථානාධිපති පී.කේ.සී. පෙරේරා (පසු කලෙක නියෝජ්‍ය පොලිස්පති වශයෙන් විශ්‍රාම ගිය) ප්‍රාදේශීය ලේකම් සිරිවර්ධන සහ පරිවාස සහකාර කොමසාරිස් මිල්ටන් ඉලංගංතිලක යන මගේ හිතමිතුරන් තිදෙනාගේ උපකාරයෙන් ඉතාම සුදුසු එමෙන්ම ධනවත් දරුවන් නැති පවුල් දෙකකට ඒ දරුවන් නීත්‍යනුකූලවම භාරදුනිමු.

මේ වන විට මේ සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කරගැනීමට බැරි අතදරුවා හැලහොල්මනක් නැතිව අලුත් මාපියන් අතට ගියාය.

එහෙත් අනිත් දරුවා (වයස හතරක පමණ) අලුත් අම්මාගේ අතට වැදූ අම්මා විසින් භාරදෙන ලද විට පටන්ගත් මුරගෑම ඇය ගෙනයන විටත් ආපසු හැරි හැරී “අම්මේ, අම්මේ”යයි කියමින් විලාප දුන් හැටි වසර හතළිහකට ආසන්න මේ ලියන මොහොතේත් මගේ ඇස්වලින් කඳුළු වගුරවයි.

ඒ මොහාතේ සිදුවූ අනිත් සිද්ධිය එවකට වයස දහතුනක් වූ මගේ ලොකු පුතා කෑමොර දෙමින් මට බැණවැදුණු අන්දමයි “තාත්තෙ තාතත්තට පුළුවන්ද අපේ මල්ලිල දෙන්න කාටහරි දීලා ඉන්න…”

(ඔහුත් මමත් දින ගණනාවක් වැලපුණෙමු. කෑම කෑමට පවා බැරිවිය. නිවෙසම දින ගණනක් යනතුරු අමු සොහානක් මෙන් විය. කාට කාටත් කතාකිරීමට පවා නොහැකි විය. මගේ බිරියට දින ගණනාවක් යනතුරු සිහිය විකල්වූවා සේය.

ඉන් පසු ඒ අසරණියට එඩ්මන් රණසිංහ මහතා රැකියාවක් සොයා දුන්නේය. මා ලද අමිහිරි අත්දැකීමක් මෙසේ පැවැසුවේ අද රටේ උද්ගතව ඇති මවුවරුන් විසින් සිය දරුවන් මරාදමනු ලැබීමට පෙලඹවීමේ ප්‍රවණතාව උත්සන්නව සමාජය නමැති සිරුර පුරා පිළිකාවක්ව ඔද්දල්ව ඔඩුදුවා කුණු පණුවන් ගසා කුණු ලේ සැරව ඕජස් ගලන හෙයින් මේ අන්දමේ සමාජ ප්‍රශ්නයක් ඔබේ එකක් වශයෙන් සිතා බැලීමට සිහි ගැන්වීමටය.

මට හමුවූ මව මුහුණ පෑ තත්ත්වය බඳු තත්ත්වයක් වෙනත් මවකට (කාන්තාවකට) මුහුණ දෙන්නට සිදුවූයේ නම් ඇය කවර අන්දමේ තීන්දු තීරණයක් ගනීද? මා හමුවට පැමිණි දෙදරු මව පසු කලෙක මා හමුවූ විටෙක පැවසුවේ “මහත්තයා අද මගේ දරුවො දෙන්නා ලෝකෙ කොහේ හරි මට වැඩිය සැපෙන් ජීවත් වෙන බව මම දන්නවා. මම මොන දුක වින්දත් ඒක මට හරි සැනසීමක්. මහත්තයා මට හම්බ නොවුණා නම් අපි තුන් දෙනා අද ජීවතුන් අතර නෑ. මම මහා පාපකර්මයකින් බේරුණා” යන්නය.

කාන්තාවන් ගැන ඉංගිරිසියෙන් Weaker sex යැයි කියති. ගැහැනුන්ගෙ මොළේ “හැඳිමිටේ දිග”යැයි සිංහල කියමනකි. කාන්තාවන්ට අපහාස නොවේවා. සම අයිතිය ඉල්ලා අරගල කරන කාන්තාවන් ඇතැම් කරුණුවලින් පුරුෂ පක්‍ෂ අභිබවන බව ප්‍රත්‍යක්‍ෂය. අද රාජ්‍ය අංශයේ ඉහළ තනතුරුවල ප්‍රතිශතය කාන්තාවන් වීම සාධකයකි.

ඒ ඔවුන් තරග විභාගවලින් පුරුෂ පක්‍ෂයට වඩා පෙරමුණේ නිසාය. එහෙත් ඇතැම් ගැටලුවලදී ඔවුන්ගේ විසඳීමේ හැකියාව “සීරෝ”ය. ඇයි, ඔවුහු ඉතාම සංවේදීතාවෙන් වැඩි අන්තගාමී හෙයිනි. දරාගැනීමේ ශක්තිය මඳ බැවිනි.

උණහපුළුවාට උගේ දරුවා මැණිකක් කියන්නේය. මවුවරුන්ට ඊට දහස් ගණනක් වැඩිය. එහෙත් සමාජ ප්‍රශ්න මේ වනවිට අනුන්ගේ ප්‍රාණයට වඩා තමන්ගේ ප්‍රාණයට අගයක් එක්කර තිබේ. විසඳුම් සෙවිය යුත්තේ ඒවාටය.

පවුලේ ආරාවුලක් නිසා ගම්පොළ දැල්පිටිය ප්‍රදේශයේ දහතුන් හැවිරිදි සහ හත් හැවිරිදි දැරියන් දෙදෙනකුට සහ සිවු හැවිරිදි පුතෙකුට වස පෙවූ පුවතක් ඇසේ.

වවුනියාවේ, ගුඩ්ෂෙඩ් පාරේ පදිංචි හතළිස් එක් හැවිරිදි සිවපාතසුන්දරම් සහ තිස්හය හැවිරිදි කෞෂිගන් මර්දනාංජි යන මාපියන් දෙදෙනා ණය බර නිසා හිස එසවිය නොහැකිව නව හැවිරිදි කෞෂිගන් මෛත (පුත්‍රයාත්) තෙහැවිරිදි කෞෂිගන් කෙෂරා( දියණියත්) මරා දිවි නසාගත්හයි කියති.

පුත්තලම ප්‍රදේශයේ ඉස්සන් වගා ළිඳකට තම දරුවා දැමූ මවකගේ කතාවක් මාධ්‍යවලින් ඇසිණි.

මේ වට්ටෝරුව මෙතකින් අවසන් වේවායි පතමු.

තමා ආදරය කළ වස්තුව තමාට එරෙහි වූ කල්හි වෛර ගිනි බුරබුරා නැඟේ. තමා පණමෙන් ආදරය කළ තැනැත්තා සැමියාගේ තනතුරට පත්කර ගත් කල්හි ඔහු ගැන කිසියම් කුකුසක් ඇතිවීමෙන් අද අප රටේ පමණක් නොව දේශ දේශාන්තරවල පවා සිදුවී ඇති වින්නැහිය පිළිබඳ සංඛ්‍යා ලේඛන දත්ත අහස උසටත් වැඩිය.

අපේක්‍ෂාභංගත්වයට පත්ව සැමියා සහ දරුවන් ගෙන් වෙන්වූ මගේ මිතුරියක් (කුඩා කල පටන්) දීර්ඝ කාලයකට පසු මට හමුවූවාය.

“මහත්තයාගෙන් වෙන් වුණත් දරුවෝ නොබලා ඉන්නෙ කොහොමද?” මම ඇසුවෙමි.
“මට, මට, මට” යැයි දත්මිටි කමින් තැතණූ ඇය “ඌත් එපා, මගෙ බඩේ ඉපදුණත් උගෙ ලේවලින් එපා. එවුනුත් මට එපා…” යැයි කීවාය. මම සුසුමක් හෙළීමි.

“මට දරුවන් ජීවත් කරවන්න බෑ, මමත් නැති වුණාම දරුවන් දුක්විඳිනවා. ඒ නිසා මාත් එක්කම දරුවන් මියයා යුතුයි” මේ ඇතැම් මවුවරුන් දරන මතයයි.

“මට මේ මනුස්සයත් එක්ක ඉන්න බෑ, මම නැති විටෙක මේ මනුස්සය එයාගෙ පර අඹුව ගේනවා. මගේ දරුවන්ට පර අම්මාගෙන් හිරිහැර විඳින්න මම ඉඩ තියන්නෙ නෑ….” ඔය කතාවත් වැඩිපුර අසන්නට ලැබෙන්නකි. ඒ සමාජ ගැටලුය.

කරුණාවේ වැඩිමහල් සහෝදරයා ආදරයයි. ආදරයේ නිවුන් සොහොයුරා දයාවයි. දයාවේ ඇවැස්ස නෑනණ්ඩිය රාගයයි. මේ මානසික ධනාත්මක සංසිද්ධිය ඍණාත්මක තලයට ද පොදුය. දරුවන් මරා දැමීම සම්බන්ධව මාතෘත්වයට නිගා නොකළ මැනවි.

මේ වනවිට බුද්ධ පරිනිර්වානයෙන් වසර දෙදහපන්සිය හැටහතක් (2567) ගෙවී බුද්ධ දේශිත ශාසන (ධර්ම) පරිහානිය ආරම්භවී ලෝකය උඩුයටිකුරු වෙමින් තිබේ. කොසොල් රජතුමා දුටු සිහින සනාථ වෙමින් තිබේ. විද්‍යාවෙන් නොව අවිද්‍යාවෙන් මිනිසා තිරිසන් වෙමින් සිටියි. සමාජ ප්‍රශ්න ඔද්දල්ය. ආර්ථිකය ඍණ බිංදුවේය. සැමියා මියගොස් හෝ අන් අතක් බලාගත් හෙයින් හෝ පවුල් සංස්ථාව දෙදරා ගොසිණි.

මේ නවසිය හැත්තෑපහෙන් පසුව වර්ධනය වූ සමාජ ගැටලුවක් විනා ඉන් ඔබ්බේ දකින්නට අසන්නට නොවූවකි. අපේ රටට දෙදහස් පන්සියයකටත් පෙර ඉතිහාසයක් තිබූ බව මතයකි. පැහැදිලි ඉතිහාසය විජයගෙන් ඇරඹියේ යැයි කියති. අපේ ඉතිහාසය බෞද්ධ ධර්මයෙන් සන්නද්ධ වූවකි.

කරුණාවේ උල්පත අම්මාය. සිරුරේ රතු රුධිරය සුදු වන්නේ කෙසේදැයි තවමත් කිසිම විද්‍යාඥයකුට සොයාගත නොහැකිය. එහෙත් එසේ වන්නේ අසමසම සෙනෙහසේ ප්‍රාතිහාර්යයෙනි.

“දස මාසයක් කුස තුළ රැක සිටිය මට
නොබලා ඉන්න බැහැ පුතුනේ මුහුණ කට
ඇවිත් යන්න බැරි නම් මොහොතක් ළඟට
ඈත හිටං අඬගහපං පුතේ මට”

මා පියන් විසින් දරුවන් මරාදමන ලද ශෝකාන්න ධර්මයේ හෝ බෞද්ධ සාහිත්‍යයේ හෝ නැත්තටම නැති තරම්ය.

ඉතා දිළිඳු මාපිය දෙපළකට මහා සංඝරත්නයට දානයක් දීමට වත්කමක් නැති තැන සිය එකම දරුවා මරා ඒ කාර්ය ඉටුකිරීමට ගිය බව කියන කතාවක් බෞද්ධ සාහිත්‍යයේ තිබූ බවට මා කියැවූ කවි පොතක හමුවූ බවක් මතකය.

සත් හැවිරිදි දරුවා මරාගැනීමට නිවෙස අසල නාගයකු සිටි තුඹසකට අත දැමීමට කී බව එහි තිබිණි. දරුවා තුඹසින් අත ඉවතට ගනිද්දී නාග මාණික්‍යය අතේ තිබිණි. ඒ කතාව ධර්මය කෙරෙහි පැවැති භක්තිය ගැන කීමටය.

මස්මාංශ නැතිව කෑම කෑ නොහැකි බේබදු රජ කෙනකුට එක් දිනක් දිවා භෝජනයට මස් වෑංජනයක් නොවූ තැන ඒ ඇයිදැයි ඇසූකල්හි පෝය දිනයක් නිසා මස් සොයාගත නොහැකි වූ බව අරක්කැමියා කීයෙන් අගබිසව අතේ සිටි තම දරුවා මරා උයා දෙන්නට කී බවත් මත් ගතිය සංසිඳී දරුවා මැරූ නියාව දැන වැළපුණු බවත් සුරාපානයේ ආදීනව කීමේ කතා වස්තුවක් නම් බෞද්ධ සාහිත්‍යයේ ඇත.

උපන් දා සිට ලොකු මහත්වන තුරුත් කතා නොකළ කුමරකු කතා කරවීමට පිය රජ අණින් අත්පා සිඳිත් දීත් ඔහු කතා නොකළ බව “තේමිය” ජාතකයේ එයි. යම් හෙයකින් තමා කතාකෙළේ නම් රාජ්‍ය පාලනය භාරගැනීමට සිදුවන බවත් එසේ වූ කල අපරාධකරුවන්ට මරණීය දණ්ඩනාදිය පැනවීමේ පාපයට අසුව අපාගත වීමට බියෙන් කතා නොකර සිටි බව පැවසූ බව එම පුවතේ දැක්වේ.

ඔය කතා කීපය විනා මාපියන් විසින් දරුවන් ඝාතනය කළ හෝ අංග විච්ඡේදනය කළ බැව් හෝ සඳහන්ව නැත.

අජාසත්ත කතාවේ සඳහන් වන්නේ රාජ්‍ය ලෝභයෙන් සිය පියා මැරූ කතාවකි.

එහෙත් මවුපිය කරුණාව, දයාව, මෛත්‍රීය ගැන කීමට එදා මෙදාතුර ඇසුණු ලියැවුණු කියැවුණු ගී කවි, කතන්දර මහමෙරට ද වඩා උස්ය.

“වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පං මල වාසනාවන්
දෙපෝදාට පුන්සඳ වාසනාවන්
අපෙ අම්මා ජාතිත් වාසනාවන්”

“ඈත හිටං මට අඬගහපං අම්මේ”
“මල්ලියෙ යමං අම්මා වැළලුව තැනට” පැදිවැල් උදාහරණය.

ඇයි “මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාාා..ආ….ද? අම්මේ..ඒ..ඒ..”යැයි කපුගේ ඉහඅත බැඳ මොරගාන හැටි.

“වැදු මව බුදුවේ වා” කීවද මවක් (කාන්තාවකට) බුදුවීමට නොහැකි බව බෞද්ධ ඉගැන්වීමයි.

එතකුදු වුවත් සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන්ට බුද්ධත්වය උදෙසා ප්‍රථම විවරණය දුන්නේ මව බව “මනෝප්‍රනිධානය” නමැති පුරාණයේ විස්තෘතය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සජිත් පලස්තීන චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න යයි! PHOTOS

Next Post

බිත්තර කටුවෙන් එළියට ආපු පවුල් හුටපටය… උන් බිත්තරවලට මරාගන්නවා, රටේ මිනිස්සු බිත්තරයක් කන්න නැතිව දුක් විඳිනවා…

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.