යුනියන් ඇෂුවරන්ස් සමාගම ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේය. ජීවිත රක්ෂණයක් මගින් ලැබෙන සුරක්ෂිත බව සමගින්ම ජීවිතයේ සතුට උපරිමයෙන් විඳ ගැනීම සඳහා රක්ෂණ හිමියන්ට අවස්ථාව ලබාදීම මෙම වැඩසටහනේ ඉලක්කය වේ.
ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහයේ සාමාජික සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් මෙරට වසර 30ක කාලයක් සම්පූර්ණ කිරීමට සමත් වූ එකම පෞද්ගලික රක්ෂණ සමාගමයි. දශක තුනක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ට හොඳම රක්ෂණ විසඳුම් පිරිනැමූ එම සමාගම 2020 නව වසරේදී ජීවිත රක්ෂණයක වැදගත්කම පිළිබඳ පණිවුඩය නවමු මුහුණුවරකින් ජනතාව අතරට රැගෙන යෑම සඳහා ‘යුනියන් ලයිෆ් ස්ටයිල් බෝනස්’ වැඩසටහන දියත් කර ඇත.











