• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දා ගල විදපු තැන ඩෝසන්ගේ මතකය

January 31, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සුද්දා ගල විදපු තැන ඩෝසන්ගේ මතකය
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහා මාර්ගය ලෙස තවමත් පැවසෙන්නේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයයි. එය ඉදිකරනු ලැබුවේ බි්‍රතාන්‍ය ජාතිකයන් හෙවත් එවකට සිටි සුද්දන් විසිනි. ඒ ඔවුන්ගේ වෙළෙඳ කටයුතු කරගැනීමේ පහසුව පිණිසය. මෙම කොළඹ මහනුවර මහා මාර්ගයේ අපූර්වතම ස්ථානයක් වන්නේ සීතල කඩුගන්නාවයි. ඉපැරණි කඩුගන්නාවේ ගල් ගෙයද රටේ ප්‍රසිද්ධ ස්ථානයකි. එහෙත් අප අද කතාබහ කරන්නේ එම ගල්ගෙය ගැන නොව ගල් ගෙය අසල ඇති විශාල කුලුන ගැනය. නමින් “කැප්ටන් ඩෝසන් කුලුන” ලෙස හඳුන්වන එය ඉපැරණි කුලුනකි. තවද එය දෙස් විදෙස් සුප්‍රසිද්ධ කුලුනක් ලෙසද හැඳින්විය හැකිය.

කැප්ටන් ඩෝසන් යනු කොළඹ මහනුවර මහා මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල පුරෝගාමියකු ලෙස කටයුතු කළ බි්‍රතාන්‍ය ඉන්ජිනේරුවෙකි. වර්තමානයේ කඩුගන්නාවේ දැකිය හැකි කුලුන හෙවත් ස්මාරකය ඇත්තේ ඔහු සිහිවීමට සහ ගෞරවයක් පිණිසය. ඔහු මෙම මහා මාර්ගය ඉදිකරන අතරතුර වර්ෂ 1829 දී මියගිය අතර ඔහු වෙනුවෙන් මෙම කුලුන ඉදිවන්නේ 1832 වර්ෂයේදීය. එහි විශේෂත්වය වන්නේ කුඹුක් ලී කඳන් මැදිව බොහෝ උසට එය ඉදිකර තිබීමයි. එය ඉදිකරනු ලබන්නේ එවකට සිටි බි්‍රතාන්‍ය පාලකයන් විසිනි. කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාවේ ඉදිකර සුදු පැහැ ගන්වා ඇති එම කුලුන හෙවත් ස්මාරකය අදටත් දැකගත හැකිය.

එදා බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් මෙරට ඉදිකළ මුල්ම මහා මාර්ගය වූයේ කොළඹ මහනුවර මහා මාර්ගයයි. එහි වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ 1820 වර්ෂයේදීය. එම මාර්ගයේ වරකාපොළ සිට අඹන්පිටිය දක්වා වූ සැතපුම් එකොළහක පමණ දුර ප්‍රමාණයේ ඉදිකිරීම් මේජර් තෝමස් ස්කිනර්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටත් එහි සම්පූර්ණ දුර ප්‍රමාණයේ ඉදිකිරීම් කැප්ටන් ඩෝසන්ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමටත් එදා නියමිතව තිබූ බව පැවසෙයි. එහෙත් සිදුවන්නේ අවාසනාවන්ත සිදුවීමකි. එනම් මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වී එහි කටයුතු සම්පූර්ණ කිරීමට ප්‍රථමව කැප්ටන් ඩෝසන් එක්වරම අසනීප වීමයි. පසුව ඔහුට ප්‍රතිකාර කරනු පිණිස කොළඹට රැගෙන යන අතර එයින් කිසිදු ඵලක් නොවන්නේ වර්ෂ 1829 මාර්තු 28 වැනි දින කොළඹදී කැප්ටන් ඩෝසන් මියයෑම නිසාය.

එසේ කැප්ටන් ඩෝසන් එක්වරම අසනීපවීමට හේතුව වන්නේ විෂ සහිත සර්පයකුගේ දෂ්ට කිරීමක් නිසා බව පැවසෙයි. එහෙත් එය විශ්වාසයක් පමණි. කෙසේ හෝ කැප්ටන් ඩෝසන් නමින් මෙසේ ස්මාරකයක් හැදෙන්නේ ඉන් පසුවය. එනම් කැප්ටන් ඩෝසන්ගේ මියයෑමත් සමඟිනි. එසේ ස්මාරකයක් හැදෙන්නට බලපාන්නේ ඩෝසන්ගේ ඉන්ජිනේරු මිතුරන්ට ආ එක්තරා සිතුවිල්ලකි. ඒ අනුව මාර්ගය ඉදිකිරීමේදී කැප්ටන් ඩෝසන් විසින් සිදුකරන ලද කැපකිරීම් ඇගයීමකට ලක්කළ යුතු යැයි සිතූ ඔහුගේ මිතුරන් ඊට අදාළ යෝජනාවක් එවකට සර් රොබට් හොර්ටන් ආණ්ඩුකාරවරයා වෙතට ඉදිරිපත් කරනු ලබයි. කැප්ටන් ඩෝසන් විසින් මාර්ගය ඉදිකරන කාලයේ සිටි බාන්ස් ආණ්ඩුකාරවරයා ඒ වන විටත් සිය තනතුරින් නික්ම ගොස් සිටීම නිසා සර් රොබට් හොර්ටන් ආණ්ඩුකාරවරයා ඊට අනුමැතිය ලබාදෙයි. කැප්ටන් ඩෝසන් වෙනුවෙන් කැප්ටන් ඩෝසන් කුලුන හෙවත් ස්මාරකය ඉදිකර ඇත්තේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ගල් ගෙය අසලය. අතීතයේ “සුද්දා ගල විද්ද ස්ථානය” ලෙස හඳුන්වන්නේද එම ඉපැරණි ගල් ගෙයයි. එමෙන්ම එදා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය තිබුණේද මෙම ගල් ගෙය තුළිනි. එහෙත් ඉතා උස වාහන එයින් ගමන් කිරීමට නොහැකි නිසාවෙන් අද ඒ සමීපයෙන් මාර්ගය වෙනස් කර තිබේ. එහෙත් අලුත් මාර්ගයේ යන විටද එය අදටත් දැකගත හැකිය. මහනුවර දෙසට ගමන් කරනා විට ගල් ගෙය ඇත්තේ වම්පසින් වන අතර අප අද කතාබහ කරන කැප්ටන් ඩෝසන් කුලුන ඇත්තේ දකුණු පසිනි. එමෙන්ම ඊට මඳක් නුදුරින් එදා කොළඹ මහනුවර මාර්ගයේ කටයුතු සඳහා යොදාගත් ඉපැරණි යන්ත්‍ර සූත්‍රද දැකගත හැකිය.

මෙම කැප්ටන් ඩෝසන් කුලුන ඉදිකිරීම සඳහා ඊට මුල්ගල තැබෙන්නේ එංගලන්තයේ වෙලින්ටන් ආදිපාදිවරයා අනුස්මරණය කිරීම සඳහා ලන්ඩනයේ හයිඞ් පාක්හි තැනූ විශේෂ කුලුනට මුල් ගල තැබූ දිනයේදීම බව පැවසෙයි. මෙම ස්මාරක දෙකෙහිම උස ප්‍රමාණය එකක් බවද කතාවක් තිබේ. ඒ අඩි 200කි. එහෙත් ඇතැම් තැන්හි සඳහන් වන්නේ කැප්ටන් ඩෝසන් කුලුනේ උස වන්නේ අඩි 150ක් බවයි. කෙසේ හෝ මෙම කුලුනේ උස ප්‍රමාණය අඩි 150 ට වඩා වැඩි මිසක් අඩු නම් නැත. ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන මහනුවර නගරය වෙත ගමන් කරන ඔබටද කැප්ටන් ඩෝසන් කුලුන දැකබලා ගැනීමට හැකිය. සැබෑවටම කොළඹ සිට මහනුවරට යන ඔබ අද ගමන් කරන්නේ ඔහුගේ අධීක්ෂණය යටතේ ඉදිකළ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේය.
නලින්ද සම්පත්

SendShareShare
Previous Post

අමීෂාගේ අමුතු කතාව

Next Post

PickMe සමාගමේ තරිඳු කුමාරගේට ශිෂ්‍යත්වයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.