• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හැංගිලා හිටපු කළු ‌කොටියා එළියට දැම්මේ ඌවත් මරාගන්නද?

January 26, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
හැංගිලා හිටපු කළු ‌කොටියා එළියට දැම්මේ ඌවත් මරාගන්නද?
Share on WhatsAppShare on Facebook

“කළු කොටියෙක්”
ඔව්, මේ මාතෘකාව පහුගිය සතිය පුරාම මතුවෙමින් යටයමින් තිබ්බ හුඟාක් මාතෘකා පහු කරගෙන ඉක්මනට ඉස්සරහට ආවා.
“කොහෙද ඉන්නෙ?”
“කවුද දැකලා තියෙන්නෙ?”
“කොහොමද හම්බවෙලා තියෙන්නෙ?”
වගේ මාතෘකා තැන් තැන්වල කියවෙන්න ගත්තා. හැබැයි අපිට පෙනුණෙ මේක මිනිසුන්ට අතිශය අහඹු මාතෘකාවක් විදියට. ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවෙ රට වැසියන් අතරින් කීප දෙනෙක් විතරයි මේ “ලංකාවෙ කොටියා” ගැන දන්නෙ. එහෙම දන්නා අය අතරිනුත් ඉතාම අඩු ගණනක් අය තමයි කොටියෙක්ව දැකලා තියෙන්නෙ.
“ලංකාවෙ කොටි ඉන්නවද?”
කියලා අහන අය වගේම,
“ලංකාවෙ කොටි නෑ.” කියන අයත්,
“ලංකාවෙ ඉන්න එකා දිවියා”
කියලා කියන අයත් අපිට නිතරම හම්බවෙනවා. ඇත්තටම කොටියා ගැන කතා කරන්න කලින් මේ ප්‍රශ්නය විසඳගෙන ඉන්න එක වටිනවා.
ලංකාවෙ මිනිස්සු කොටි ගැන කතා කරන්න කැමැති නෑ. ඒකට ඇත්තම හේතුව අපේ අඳුරු ඉතිහාසයේ මතක සටහන්. අවුරුදු තිස් තුනක් මේ රටේ කොටි හිටියා. නිකන් කොටි නෙමෙයි, මිනී මරු කොටි. ඒ කතාව ඉවර වුණේ අවුරුදු තිස් තුනක් ගතවෙලා සිංහල, දෙමළ මිනිස්සු ලක්ෂ ගානක් මැරිලා. ඒ අතර වඩාත්ම දරුණු කළු කොටි. අද වෙන කොට ඒ කළු කොටි සමහරු ඉන්නෙ දේශපාලන ඔඩොක්කුවල. හැබැයි මේ කොටි කතාව ඒ වගේ එකක් නෙමෙයි. මේක ලංකාවෙන් හම්බවුණ ඇත්ත කළු කොටි ගැන කතාවක්.
ඒක ගැන කියන්න කලින් ලංකාවෙ කොටි ඉන්න වග කියන එකට උත්තර දෙන්න ඕන. ලංකාවෙදි හම්බවෙන බිළාල කියන සත්ත්ව කුලයට අයිති විශාලතම සතා හඳුන්වන සත්ත්ව විද්‍යාත්මක නාමය පැන්තරා පාඩුස් කොටියා. ඒ නිසාම මේ කොටියා දිවියා කියන පටලැවිල්ල ලෙහා ගෙන ඉන්න ඕන.
දැන් ඊළඟට එමු මේ කළු කොටියා ගැන කතාවට.
අපි මේ ගැන හොයන්න තීරණය කළා. ඇත්තටම මොකක්ද මේ කඵ කොටි කතන්දරේ. අද වෙනකොට මුඵ රටම ඉන්නෙ ඒ ගැන කතා කරමින්,
කඵ කොටි මීට කලින් ඉඳලා නැත්ද? මේක තමයි බහුලවම ඇහෙන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට ඉතාම පැහැදිලි පිළිතුරක් ගිරිතලේ වන ජීවී කාර්යාලයේ අදාළ මතක සටහන් ගොන්නේ තියෙනවා. ඒ මිනිස්සු මරා දමපු හැබෑ කඵ කොටියෙක්ගේ පුඵන් පුරවන ලද හම. මිනිස්සු කරපු වරද කියන්න බැරි වුණත් ඒ ඇස් තවම ඈත වනන්තරේ දිහා බලාගෙන ඉන්නවා. මේ විදියට මරලා දාපු කඵ කොටි ගැන නිතරම අහන්න නොලැබුණත් ඒ ගැන තියෙන මතක සටහන් ඒ තරම් හොඳ ඒවා නෙමේ. මේ විදියට මිය ගිය කඵ කොටි කිහිප දෙනෙක් ගැන කියවෙනවා. මේ මරණ කීපයක්ම වෙලා තියෙන්නෙ සිංහරාජය ආශ්‍රිතව කියලයි කියන්නෙ. කොහොම නමුත් කඵ කොටි සිරුරු එහෙන් මෙහෙන් හම්බ වෙලා තියෙනවා.

පුලුන් පුරවපු කලු දිවියා

එතකොට මේ කොටි ලංකාවෙ හිටියෙ නැද්ද?
ඒ ප්‍රශ්නයට මේ උත්තරය ලැබෙන්න කලිනුත් හම්බවුණ උත්තර කිහිපයක් තියෙනවා.
“හඳුන් දිවියා සහ අඳුන් දිවියා” කියන නම් දෙකෙන් දෙතැනක කියැවෙන්නෙ එකම සතා ගැන කියලා අපිට බැලූ බැල්මට හිතෙන්නෙ. ඒත් ඇත්ත ඒකම නෙවෙයි කියලයි මේ ගැන දන්න කියන උදවිය කියන්නෙ. ඉතිහාසයෙ ඉඳලාම මේ “අඳුන් ” කියන වචනයත් එක්ක “කඵ” කියන එකේ තිබුණා සම්බන්ධයත් මේ කතාවෙදි සැලකිල්ලට ගන්න පුඵවන්. එහෙම නම් ඒ කියන්නෙ කඵ සතෙක් ගැන. ඒ එදා කතා කළත් අද අපි මේ කතා කරන “කඵ කොටියා” කියන උපවර්ගය ගැන කියලයි කියැවෙන්නෙ.
එහෙම නම් එදා ඉඳලම මේ කඵ කොටි ලංකාවේ ඉඳලා තියෙනවා. මේ විදියට කඵ කොටියෙක් ගැන, 1970දි විතර කාලයෙ අම්පාර පැත්තෙන් වාර්තා වෙනවා කඵ කොටියෙක්ව දැක්කාය කියලා. තාඹුගල ආනන්ද හාමුදුරුවො තමන්ගෙ පොතකත්, මේ විදියටම කඵ කොටියෙක් ගැන සඳහන් කරලා තියෙනවා. උන්වහන්සෙ මේ ලියන්නෙ ඇසින් දුටු හෝ අහපු කාරණයක් වෙන්න පුඵවන්. ඒ වගේම 1982 වගේ කාලයේ සිංහරාජයේ “මොනින් සයිඞ්” කියන කොටසේ කඵ කොටියෙක් සහ පැටියෙක්ව දැකපු වනජීවී නිලධාරීන් ඉඳලා තියෙනවා. ඔවුන් ඒ ගැන තමන්ගෙ සහෝදර නිලධාරීන්ට කිව්වාය කියලත් කියැවෙනවා.
මේ විදියටම පැල්මඬුල්ල පැත්තෙ පතලකට මුක්කු කපන්න පිරිසක් ඒ අසල තිබුණ කැලයකට ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වෙලාවෙ පුංචි කඳු ගැටයක් උඩ කඵ කොටියෙක් ඉන්නවා ඒ අය ඉතාම පැහැදිලිව දැකලා තියෙනවා. ඒ වගේම 2001දි විතර නල්ලතන්නියට ආසන්න ප්‍රදේශයකදී මේ විදියටම කඵ කොටියෙක් දැකපු බවක් වාර්තා වෙනවා. හැබැයි මේ සීතල පරිසරයේදී විතරක් නෙවෙයි ත්‍රිකුණාමලයෙ කුච්චවේලිවලදීත් කඵ කොටියෙක්ව දැකපු බවට වාර්තා වෙනවා. ඇත්තටම ඒ අනුව කඵ කොටියා ලංකාවෙන් වඳවෙලා ගියාය කියලා යම්කිසි කෙනෙක් කරන සඳහන වැරැදියි.
පහුගිය වසර කිහිපයක කාල පරිච්ඡේදයක් ඇතුළත විවිධ අවස්ථාවල විවිධ තැන්වලින් කඵ කොටින්ව වාර්තා වෙලා තියෙනවා. ඒ කතාව එළියට නොආවෙ හේතු කිහිපයක් නිසා. ප්‍රධානම හේතුවක් වුණේ මේ සතා දැකපු අයට ඒ ගැන ඔප්පු කළ හැකි සාක්ෂියක් නොමැති වීම. සාමාන්‍යයෙන් ලංකාවෙදී සාමාන්‍ය කොටියෙක්ව පින්තූර ගත කර ගැනීම පවා සලකන්නෙ ඉතාම අපහසු දෙයක් විදියට. එහෙම තත්ත්වයක් යටතෙ කඵ කොටියා ඡායාරූප ගත කිරීම ලෙහෙසි වෙන්නෙ නෑ.
හැබැයි පරිසරවේදී නයනක රංවැල්ල වගේ අය මේ ගැන කියන්නෙ වෙනමම කතාවක්. ඒ අය කියන්නෙ මේ සතා ගැන හෙළිදරව් කිරීමෙන් ඒ සතාට ජීවිත අවදානමක් පවා ඇතිවෙන්න පුඵවන්ය කියලා. ඒ නිසාම මේ සතා ගැන කිහිප වතාවක්ම වාර්තා වුණත් ඔවුන් ඒ ගැන සඳහන් කරලා නැහැ. අදත් මේ හෙළිදරව්ව ඒ සතාට කරන හානියක් විදියටයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ නිසාම “මව්රට” අපිත් ඔබෙන් ඉල්ලන්නෙ අපි මේ දැක්මෙන් පමණක් සතුටු වෙමු. මේ සතා ගැන වාර්තා වුණ ප්‍රදේශය අපි හෙළිදරව් නොකළත් ඒ ගැන දන්න අය ඉන්න බව අපි දන්නවා. ඔබ පරිසරයට, සතුන්ට ආදරය කරනවා නම් ඔබ කළ යුත්තෙ උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දෙන එක. ඒ වගේම යම්කිසි කෙනෙක් මේ සතා හෝ කුමන සතෙක් හෝ දඩයම් කරන්න සැරැසෙනවා නම් හරි, සත්ත්ව හම්, දත්, නිය, කෙඳි ආදිය අලෙවියට හෝ ප්‍රදර්ශනයට සූදානම් නම් ඒ ගැන අදාළ අංශවලට දැනුම් දෙන්න. ළඟම පොලිසිය, වනජීවී කණ්ඩායම් ඊට පියවර නොගන්නවා නම්, ඔබ “මව්රට” අපිට ඒ ගැන දැනුම් දෙන්න. අපි කඵ කොටියා ගැන හොයන්න සූදානම් නෑ. ඒ වෙනුවෙන් කාලෙ ගන්නත් අපිට වුවමනාවක් නැහැ. හැබැයි අපි මේ අසම්මත හෙළිදරව්වෙන් අනාරක්ෂිත වුණ “ක`ඵ කොටියා” ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්න සූදානම්.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

සාරුවා සුනිල් අවුරුදු 15කට හිරේ ගියාද-යැව්වාද?

Next Post

ආණ්ඩු‌වේ මාස ‌දෙකේ ‌කෙරුවාව ගැන බිමල් ප්‍රශ්න කරයි: රමේෂ් උත්තර ‌දෙයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.