• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සාරුවා සුනිල් අවුරුදු 15කට හිරේ ගියාද-යැව්වාද?

January 26, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
සාරුවා සුනිල් අවුරුදු 15කට හිරේ ගියාද-යැව්වාද?
Share on WhatsAppShare on Facebook

පහුගිය දිනෙක සාරුවා සුනිල් හිරේ ගියේය. රන්ජන්ගේ හඬ පටත්, දුමින්ද නිදහස් කරගැනීමේ උපක්‍රමික සටනත් මිස වෙන මඟුලක් ජනතාවට මතක නැත. සාරුවා සුනිල්ට අවුරුදු පහළොවක හිරදඬුවමක් ලැබුණේය. මුළු රටම දන්නේ ඔහු ගෑනු සීයක් දූෂණය කර පාටි දැමූ බවය. නමුත් මේ කතාවේ බොහෝ අපි නොදන්නා කොටස් ඇති බව අකුරැස්සේ කරක් ගැසූ අපට පෙනුණේය. නමුත් ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැත. අපි මේ හදන්නෙ සුනිල් සුද්ද කරන්නට නොවේ. නමුත් ඇත්ත බොහෝ විට ඇත්තේ අඳුරුම අහුමුලුවලය. ඒවා ඇත්තේ අතපොවනා මානයට බොහෝ දුරින්ය. ඒවා මේවගෙ රටකට වලංගු නැත. මේ කියන්නේ සාරුවා සුනිල් ගැන නොවේ. ඒ ඇත්ත නැත්තත් ගැන කතා කිරීම වෙනමම කතාවකි. යුක්තිය පසිඳලීම් සීයට සීයක්ම අධිකරණ ක්‍රියාවලියකි. අපට එයට අභියෝග කිරීමේ අයිතියක් හෝ උවමනාවක් නැත.
නමුත් අප අකුරැස්සේදී දුටු සහ ඇසූ දේ මෙසේ ලියා තබමු. මේ හරහා යම් කිසි පාර්ශ්වයකට හිත් තැවුලක් වේ නම් අපේ කනගාටුව ප්‍රකාශ කරමු. මේ කිසිම වචනයකට හෝ විශේෂ යාළු මිත්‍රකමක්වත් වාසියක්වත් අප කිසිවෙක්ට නැත.
සාරුවා සුනිල් ගෑනු සීයක් දූෂණය කරනා තුරු ඒ ගම්වල අය මොනවා කළා දැයි වරක් මේ ගැන කතා කරනා විටක අකුරැස්සට පිටස්තරයෙක් ඇසීය.
සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙක්ට සිය දෙනෙක් දූෂණය කරන්නට ඉඩදී ගමක් බලා හිටියා නම් ඒ ගමෙන් වැඩක් නැත. මිනිස්සු ඒ ජඩකමට එරෙහිව නැඟී සිටිය යුතුය. එසේ කරන්නට බැරි වෙන තරමට දේශපාලනය බලය තිබුණේ නම් ඒ බලය කාගෙද? එදා ආණ්ඩුව තිබුණේ මහින්ද රාජපක්‍ෂ අතේය. අද තියෙන්නේත් මහින්ද රාජපක්‍ෂලා අතේය. එදා පීඩාවට පත්වූ ජනතාවට එරෙහි වෙන්නට බැරි තරමේ ධනය, බලය සාරුව සුනිල්ට තිබුණේද, එහෙම නැත්නම් මහින්දලාගේ බලය ගෙන ගෑනු සියයක් දූෂණය කර පාටියක් දැමූ ගමක. දූෂණයට පත්වුණු ගෑනුන්ගේ හත්මුතු පරම්පරාවම මහින්දලාට එරෙහි විය යුතුය. ඒත් එහෙම වුණේ නැත. අකුරැස්සෙන් මහින්දලා උඩින්ම දින්නේය.
එහෙම නම් අකුරැස්සෙ මොකද වුණේ?
අපි ඒ ගැන සොයා ගියා.
පසුගිය දිනෙක ඔහු අපිට මේ ගැන කී කතාද මොරල් විය යුතුය.
‘මහත්තයො මම ගෑනු සියයක් මරලා පාටි දැම්මේ නැහැ. මම ඔය කියන පාටිය දැම්මෙ මගේ වසමෙ. එදා ඒ පාටියට මගේ නෝනා ආවා. දරුවො ආවා. ඒ උත්සවය තිබ්බේ මගෙ පුතාගෙ මිත්‍රයෙක්ගෙ හෝටලේක. ඒක මගෙ ජයග්‍රහණයට උදව් වෙච්ච අයට. ඒක මගේ දේශපාලනෙත් එක්ක ඉන්න අයට මම එහෙම සලකනවා. මට පිස්සුද එහෙම පාටි දාන්ඩ. මේ වගේ මිනිස්සුත් එක්ක.
ඔහු එසේ කීය. ඔහු කියනා පරිදි මේ කතාව දේශපාලන උප්පරවැට්ටියක්. සාරුව සුනිල්ගේ වචනවලින් කියන විට ‘මගේ ප්‍රසිද්ධිය නිසා එක්තරා දේශපාලකයෙක් බය වුණා’
ඔහු කීවේය.
ඔහු ඒ තරම්ම අකුරැස්සට වැඩ කළාද?
අප ඒ ගැනත් හෙව්වෙමු.
පහුගිය කාලයේ ඇති වූ ගංවතුර කාලයේ ඔහු තනිව සමඟ සටන් වැදි බව අකුරැස්සේ ජනතාව පවසයි. සුනිල් සාමාන්‍යයෙන් බොහෝ කටයුතුවලට මුල්තැන ගෙන වැඩ කළ අයෙකි. ඒ බොහෝ විට ඔහු සිය පෞද්ගලික ධනයත්, වෙහෙසත් දැරූ බවට සාක්‍ෂි ඕනෑ තරම් අකුරැස්සේ තිබේ. ඔහු අකුරැස්සෙන් ප්‍රාදේශීය සභාවට පත්වන්නේම වාර්තාගත මනාප ප්‍රතිශතයක් සමඟය. අකුරැස්ස ප්‍රාදේශීය සභාවට තරග වැදුණු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම මුළු ඡන්ද දහනව දහසක් ලබාගනිද්දී ඉන් පහළොස් දහසක් ගන්නේ ඔහුය. ඔහුගේ සාමාන්‍ය සියයට අසූවකට ආසන්නය. නමුත් ඒ වන විට ඔහුට මේ කිසිම චෝදනාවක් තිබුණේ නැත. ඇත්තටම සුනිල් කන්‍යාවියන් සියයක් දූෂණය කළා නම් ඒ දූෂණය කළේ මේ ඡන්දය දුන් ජනතාව විය යුතුය. අකුරැස්සේ ජනතාවට එවැනි ව්‍යසනයක් වුණා නම් ඔවුන්ට තිබුණේ සාරුවා සුනිල්ට එරෙහිව මීට පෙර නැඟී සිටින්නටය.
නමුත් සාරුවා සුනිල්ට අකුරැස්සේ මිනිස්සු බොහෝ විට වෙනසක් කළේ ගිය අවුරුද්දේත් ඉස්කෝලවල ක්‍රීඩා උත්සවවල ඔහුට මුල් පුටුවක් ලැබුණේය. ශිෂ්‍ය නායක නිල ලාංඡන පලඳවන්නට ඔහුට ආරාධනා ලැබුණේය. එක්කෝ ජනතාවට වැරැදී තිබුණේය. නැත්නම් වරද්දා තිබුණේය. එහෙම නැත්නම් ජනතාව ඇත්ත දැන උන්නේය. මේ කතාව මෙතැනින් එහාට කියන්නට අප දන්නේ නැත.
අකුරැස්ස නගරයේ පහුගිය දිනෙක ඇති වූ හදිසි ගින්නකදී ඔහු එය මැදිහත් වූ බවක් අපට දැනගන්නට ලැබුණේය.
කඩවල්වල ගින්නක් පටන් ගත්තා. ගිනි නිවන එකෙනුත් ආවා. ඒත් නිවන්න බැහැ. අන්තිමට සුනිල් අයියා ඇවිල්ලා ඩෝසරේ ගත්තා. අරගෙන ගින්න මැදින් ගිහිල්ලා මැද කඬේ කැඩුව. එයා වතුර අල්ලන්න කියලා ඒකෙන් තමා ගින්න නැවැතුණේ.
මේ ඔහු ගැන කියන කතාවකි. නමුත් මේ මොනව කළත් සුනිල්ට ගිය පළාත් පාලන ඡන්දයේදීවත්, ඉන් පෙර හෝ පසු වෙන කිසිම ඡන්දයකදීවත් නාම යෝජනා ලැබුණේ නැත. සාරුවා සුනිල් කියන්නේ ඒ නොදෙන්නට බලපෑවේ එක්තරා දේශපාලන කෙරුමෙක් කියාය. ඔහු ඔහුගේ දේශපාලන ගමනට ඇති බාධාවක් ලෙස සාරුවා සුනිල්ව දේශපාලන ගමනෙන් ඉවත් කළ බව සමහරුන්ගේ මතයයි.
නමුත් සාරුවා සුනිල්ට පහළොස් වසරක හිරදඬුවමක් ලැබෙන්නේ මේ කන්‍යාවියන් සියයක් දූෂණය කළාය කියන වරදට හෝ පාටි දැමූ කතාවකට නොවේ. ඔහු විසින් බාලවයස්කාර දැරියක දූෂණය කළ බවට වූ චෝදනාවටය. අපි ඒ කතාව ගැන ලියන්නට යන්නේ නැත. එය පූර්ණ වශයෙන්ම අධිකරණ ක්‍රියාවලියකි. නමුත් මේ ගෑනු සියයක් දූෂණය කිරීමේ කතාව, අකුරැස්සේ මිනිසුන් අනුව නම් නාට්‍යයකි. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනය ගොඩනඟන්නට බැරි එකක් නොවෙනා බවද අප්‍රසන්න සත්‍යයකි.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

‘අපි ඉන්නේ ඉතා අවදානම් තත්ත්වයක: එළියට එන්න බෑ’: සීල් තබා ඇති චීන නගරයේ සිටින ලංකාවේ සිසුන් කතාකරයි

Next Post

හැංගිලා හිටපු කළු ‌කොටියා එළියට දැම්මේ ඌවත් මරාගන්නද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.