2019 වර්ෂයේ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගාවලියට, 11 වැනි වරටත් සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් ත්‍යාග ලබා දීමේ මහෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. දිවයින පුරා සියලු ශාසනාරක්ෂක බල මණ්ඩලයන්හි පවත්වනු ලබන සිසු නිපුණතා තරගාවලියෙහි පළමු, දෙවැනි, තෙවැනි, සිව්වැනි හා පස්වැනි ස්ථාන හිමි කරගත් දහම් පාසල් දරු දැරියන් හට මුදල් හා අනෙකුත් ත්‍යාග පිරිනැමීම සම්පත් බැංකු දහම් තිළිණ වැඩසටහන යටතේ සිදු කරනු ලබයි. දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් දරුවන් තූළ උනන්දුවක් ඇති කිරීම හා ඒ තුළින් යහපත් සමාජයක් ගොඩ නැඟීම අරමුණු කර ගනිමින් වසර 20ක් තිස්සේ මාණ්ඩලික සිසු නිපුණතාවන් වෙනුවෙන් අඛණ්ඩව ත්‍යාග හිමි කර දෙන සම්පත් බැංකුව, සමස්ත ලංකා ජයග්‍රහණයන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කරනු ලබයි.











