මාරාන්තික කොරෝනා වයිරසය වැලදුණු චීන කතක අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමත් සමග එහි නේවාසිකව රැදී සිටි සාමාන්‍ය රෝගීන් ටිකට් කපාගෙන සිය නිවාසවලට ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම බාහිර රෝගී අංශ වෙත දිනපතා පැමිණෙන රෝගීන්ගේ විශාල අඩුවක් දැකගන්නට ඇති බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව මේ වනවිට රෝහලේ බොහෝ වාට්ටු හිස්ව පවතින බව දැනගන්නට ඇති අතර විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් රෝහල පුරා දියත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් දැනගන්නට ඇත.

දැනට කොරෝනා වයිරසය වැළදුණු කාන්තාවට අමතරව තවත් උණ වැළදුණු චීන ජාතිකයන් 10 දෙනකු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ගන්නා බව වාර්තා වේ.
මේ අතර කොරෝනා වයිරසය වැළදී ඇතිි කාන්තාවගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සදහා විදේශ රටක රසායනාගාරයක් වෙත යොමු කර ඇති බවද දැනගන්නට ඇත.










