ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙම උත්සව සමයේත් HNB කාඞ්පත් මගින් විශේෂිත වූ වට්ටම් තම වටිනා පාරිභෝගිකයන්ට ලබා දෙන බව නිවේදනය කර සිටියි. දිවයින පුරා පිහිටි වෙළෙඳ ආයතන 200කට අධික සංඛ්‍යාවකින් 70%ක් දක්වා වූ වට්ටම් උත්සව සමයේදී HNB කාඞ්පත් හිමියන්ට ලබා ගත හැකි බව බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
තම පාරිභෝගිකයන්ට හොඳම දේ ලබා දීමට සැමවිටම උනන්දු වන හැටන් නැෂනල් බැංකුව පිළිගත් දේශීය සහ ජාත්‍යන්තර සන්නාම විශාල සංඛ්‍යාවක් සඳහා විශේෂ වූ වට්ටම් ලබා දීමට තීරණය කර ඇත. මීට අතිරේකව ළඟ එන උත්සව සමයේ තම සමීපතමයන් සමඟ නිවාඩුව ගතකරන්න, ආහාර වේලක් බුක්ති විඳින්න හොඳම ආපන ශාලා හෝටල් සහ විනෝදාස්වාදය ගෙන දෙන ස්ථාන රාශියක් සඳහාද මෙම සුවිශේෂී වට්ටම් පිරිනමනු ලැබේ.











