ශ්‍රී ලාංකේය පුරෝගාමී බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන් සමාගම, අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2019 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී රසකැවිලි හා බේකරි නිෂ්පාදන කාණ්ඩයේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත්විය.
ජනාධිපති අපනයන සම්මාන උළෙල යනු ශ්‍රී ලාංකේය අපනයන වෙළෙඳපොළ තුළ කැපී පෙනෙන දායකත්වයක් දැක්වූවන් ඇගයීම වෙනුවෙන් පවත්වන්නකි. සිය සන්නාමයේ විශිෂ්ටත්වය අඛණ්ඩව රඳවා ගනිමින් අපනයන ආර්ථිකයේ මෙන්ම දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා මැලිබන් ආයතනය දැක්වූ දායකත්වයට මෙම සම්මානය මනා නිදර්ශනයකි.
මෙම ඇගයීම් කාර්යයේදී 2018/2019 මූල්‍ය වර්ෂය තුළදී මැලිබන් ආයතනය විසින් වාර්තා කරනු ලැබූ අපනයන පිරිවැටුම, උත්පාදනය කර ඇති රැකියා ප්‍රමාණය, වෙළෙඳපොළ විවිධාංගීකරණය, වර්ධන වේගය සහ අගය වර්ධනය කිරීම වැනි අංශයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් පුළුල් විනිශ්චයකට ලක් කළේය.











