• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

2015 එජාප ජනපති ‌කෙනෙක් ‌කෙස් ගහෙන් මිස්වුණු හැටි

August 21, 2019
in Politics
Reading Time: 2 mins read
A A
2015 එජාප ජනපති ‌කෙනෙක් ‌කෙස් ගහෙන් මිස්වුණු හැටි
Share on WhatsAppShare on Facebook

එහෙන් මෙහෙන් සද්ද දාගෙන කලබල කරගෙන ඡන්දයක් පැමිණෙමින් තිබේ. ලොකු උත්සවත් ලොකු උත්සවත් අතර රජවරු බිහිව තිබේ. අයියලා මල්ලිලා තවත් මල්ලිලා සමග පවුල් පිටින් යළි කරළියට පැමිණේ. වේදිකා මත මහ ගෙවල් තැනේ. වළව් ඉදිවේ. ඒ අතර තෑගිබෝග, සිල් රෙදි වෙනුවට සහෝදරයාද රටට දන්දෙන වෙස්සන්තරලා බිහිව සිටී. ඉතින් ඒ උදානය නොකියා සිටිය නොහැකිය. ප්‍රශස්ති නොගයා සිටිය නොහැකිය.
ඒ අතර සමහරු මහ ජනතාවගේ කර පිටින් වේදිකාවලට වඩිති. වේදිකා මත අතපය හෝදා රජකම ඉල්ලති. මිට මොළවති. අත් ලෙළවති. ගයති. වයති. නටති. තව තව අය රඟති. මහ ජනතාව දෙපසට බෙදී ඇන ගන්නටත් කොටා ගන්නටත් පටන්ගත යුතුය. ලැබෙන ලබ්බක් නැති මුත් දැන් ඉතින් හීන දකින්නට පටන්ගත යුතුය. හීන දකින්නට නම් ඇහැරගෙන සිට බැරිය. ඒ නිසා හැකි ඉක්මනින් දෑස වසාගෙන අඳුරක ගාල්විය යුතුය. ජනාධිපතිවරණයේ මෙදා මේ පේන කොටහේ කතාව ඕකය.
ඒ නිසා අපි දෙදහස් පහළොවේ ඉතිහාසගත ජනාධිපතිවරණ කතාව සොයා යමු. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අපූරු සැමරුම වනු ඇතැයි සිතමින් සිටි අය වූහ. නමුත් දැන් ඒ කයි කතන්දර අවසන්ය. මාදුළුවාවේ සෝභිත නායක හාමුදුරුවන් නැත. ගිරාඹේ නායක හාමුදුරුවන්ද නැත. උන්වහනසේ ගිය මඟ යතැයි සිතන්නට ඉතිරි වන්නේ දඹර අමිල හිමි සහ පිරිවරයි. නමුත් අපි ඒ කතාව වංහුං ඇතිව හොයා යායුතුය.
මේ කතාව ඇරඹෙන්නේ ‘සාධාරණ සමාජයක සඳහා වූ ජාතික ව්‍යාපාරය’ සමඟය. ඒ නම එක කාලයක සමහරුන්ගේ ලොමු දැහැගන්වල සුළු වචනයක්ව තිබුණේය. දැන් එය එසේ නැතැයි නොකියමු. නමුත් එදා කතන්දරය වෙනස්ය. දැනගන්නට ඇති විදියට මේ සිවිල් සංවිධාන එකතුව ගැන හාව හූව පටන්ගන්නේ දෙදහස් දොළහේ විතරය. එදා ඒ වන විට ඒ සඳහා කාලය දීපය දේශය ගැළපෙන මට්ටමකට පැමිණ තිබිණි.
මේ කතාබහ මුලින්ම එන්නේ මාදුළුවාවේ සෝභිත හිමි වෙනුවෙන් පැවැති ජන්මදින සැමරුමකදීය. උනවහන්සේට උවමනා වන්නේ කවුරුවත් රජකරවන්නට නොව යහපාලනය ඇතිකරවන්නටය. ඒ සඳහා කවුරු හෝ කෙනෙක් යෝජනා කරගත යුතුව තිබුණේය. මේ කතාබහේ මුල එසේ සිදුවිය. මුල්ගල තිබ්බේ එහෙමය.
මුල්ගල තැබූ තැන සිට මන්දිරය තනන්නට අවශ්‍ය කටයුතු සූදානම් විය. එය ලෙහෙසි පහසු දෙයක් නොවීය. සෝභිත හිමි පෙරටු කොටගත් පිරිසක් මුලින්ම මුණගැසුණේය. ඒ පිරිස අප දන්නා පරිදි උලපනේ සුමංගල හිමි, ශිරාල් ලක්තිලක, සරත් විජේසූරිය, නිර්මාල් රංජිත් දේවසිරි, පාලිත ලිහිණියකුමාර, රවි ජයවර්ධන, සමන් රත්නප්‍රිය යන පිරිසය.
නමුත් එතැන් සිට මේ අය මුණගැසුණේම රහසින්ය. නාග විහාරයට ආගිය අය ආවේ ගියේ තමන්ගේ පෞද්ගලික වාහනවලින් නොවේ. සෝභිත හාමුදුරුවන්ගේ වාහනය දෙපාරක්ම අනතුරට ලක්වෙන්නට ගියේය. ඒවා කොහොම වුණාදැයි ටක්කෙටම කියන්නට නොදන්නා මුත් අපි දන්නවාට වඩා කතන්දර මේ අය දැන ඉන්නට ඇත. මේ අය ඒ කාලයේ ලේසියෙන් දුරකතන ඇමතුමක්වත් ගත්තේ නැත.
කතාවේ ඊළඟ කොටස වෙන්නේ ඉන් අනතුරුවය .මේ අය තම දේශපාලන ඉලක්ක මොනවාදැයි යෝජනා කරගන්නේ ඒ අවස්ථාවේදීය. එහි ප්‍රධාන ඉලක්ක දෙකක් විය. එකක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවාගැනීමය. අනෙක ඒ සඳහා පොදු අපේක්ෂකයෙක් යෝජනා කරගැනීමය. මේ සඳහා එන යෝජනා අතර වඩා වැඩි තැනක් හිමිවන්නේ කරු ජයසූරිය කියන නමටය. හැබෑවටම මේ මුල් නම් අතර මෛත්‍රීපාල සිරිසේන නම අහල පහළකවත් තිබුණේ නැත. භික්ෂුන් වහන්සේලාගේ වැඩි කැමැත්ත තිබ්බේ කරුටය. අපි එයට හේතුව කුමක්දැයි හොයා බැලුවෙමු.
මේ වෙනකොටත් පුටුව දමා යන්නට තරමේ හිත හදාගත හැකි මනුස්සයෙක්ට හිටියේ ඔහු බවට ඔවුන් හිතමින් හිටියේය. එයට වැඩි තල්ලුව ලැබුණේ ලොකු ලොකු හාමුදුරුවරුන්ගෙනි. නමුත් කරු මෙදා වගේම එදත් ලොකුවට දැඟලුවේ නැත. ‘මමයි රජා’ කියනා මානසිකත්වයක් කරුට එදාවත් මෙදාවත් නැත. එදා කරුගෙ නම තැන තැන කියැවුණු බව කරු ජයසූරිය දැන සිටියේය. භික්ෂුන් වහන්සේලාගේ කැමැත්ත ගැන ඔහු කිසිම තැනක කිසිම අදහසක් කීවේ නැත. ඒ නිසාම ඒ වතාවේ කරුට ජනාධිපති තරගයට එන්නට බැරිවිය. නමුත් එදා භික්ෂුන්වහන්සේලා කීවේ රටට පාලකයෙක්ට එහා ගිය රාජ්‍යතාන්ත්‍රිකයෙක් අවශ්‍ය බවය. එදා ඒ රාජ්‍යතාන්ත්‍රිකයා වූයේ කරුය.
නමුත් මේ කතාබහ අතරට චන්ද්‍රිකා මෛත්‍රීපාල සිරිසේන නම යෝජනා කළේය. ඒ වෙලාවේ සම්බන්ධන් ඔහු විශ්වාසදැයි ඇසූ බව දැනගන්නට තිබේ. නමුත් චන්ද්‍රිකාලා හිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන කෙනෙක් එළියට එන මොහොත වඩාත්ම ආකර්ෂණීයයි කියාය. හැබෑවටම වැඬේ නැඟලම ගියේය. වැඬේ වඩාත් ආකර්ෂණීය විය. රට පුරාම රැල්ලක් හැදුණේය. කරු අමතක විය. සජිත්ගේ නම යෝජනා වුණේවත් නැත. නමුත් කරු එදා කිසිම කෝන්තරයක් නොමැතිව යහපාලනය වෙනුවෙන් කරළියට ආවේය. සටනට බැස්සේය. වේදිකාවට ගොඩවිය. පෞද්ගලික ආසාවල් ඔහු වෙත නොවීය. හැබෑම රාජ්‍යතාන්ත්‍රිකයා ඔහු වෙතින් මතුව ආවේ එදාය.
එදා පොදු අපේක්ෂකයා කරු වුණා නම් අද ජනාධිපති කරුය. ඒ රැල්ල එදා හැමුවේ එහෙමය. මිනිස්සු කලේ තමන්ගේ පිලේ සිට ගියාය කියා කාටවත් ඡන්දය දුන්නේ නැත. ශ්‍රීලනිප ඡන්ද කැඩුණේ නැත. මිනිස්සු විශ්වාසය තිබ්බේ සෝභිත හාමුදුරුවන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් වෙතය. මැදහත් ඡන්ද යහපාලනයට පක්ෂව වැටුණේය. එදා කරු ආවා නම් ඒ ඡන්ද වැටෙන්නේ කරුටය. එහෙම වුණා නම් කරුට සියලු බලය සියතට ගෙන දවස් පනස් එකේ නාඩගම විසඳන්නට වෙන්නේ නැත.


සිවිල් ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙක් අදද ඉන්නේ කරු නම් මරු කියනා තැනය. නමුත් තවමත් කරු වේදිකාවේ නැත. එදා භික්ෂුන් වහන්සේලා කරු ගැන තැබූ විශ්වාසය තවමත් එහෙමමය. කරු ජයසූරිය නම් වූ රාජ්‍යතාන්ත්‍රිකයා තව තවත් මුවහත් විය. ඔහු දෙදහස් පහළොවට පෙර සටනට බැස්සාට වඩා පහුගිය වසරේ සටන් කළේය. ඒ දේශපාලන පක්ෂකට එරෙහිව නොව අයුක්තියට එරෙහිවය. ඒ නිසා දැන් කරු එදාටත් වඩා ශක්තිමත්ය. දෙදහස් පහළොවේ වැරැදුණු තැන හදාගන්නට දැන් කාලය හරිය. හැබෑවටම රටට පැහුණු රාජ්‍යතාන්ත්‍රිකයෙක් අවශ්‍ය බව කියන්නේ අප නොව එදා බලමුළු ගැන්වුණු සිවිල් ක්‍රියාකාරිකයන්මය.
එදා දෙදහස් පහළොවේ කරුගේ නම යෝජනා වන්නට බලපෑ ප්‍රධානතම හේතු කිහිපයක් විය.
එකක් ඔහු පැසුණු පුද්ගලයෙකි. අනෙක ඔහු වෙත ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාවගේ විශාල පැහැදීමක් විය. ඒ අතර ඔහු හමුදා නිලධාරියෙක් සහ දක්ෂ ව්‍යාපාරිකයෙකි. මේ දෙකම ඔහු වෙත වූ නිසා ආරක්ෂාව ගැනත් ආර්ථිකය ගැනත් ඔහුට අවබෝධයක් තිබේ. අනෙක් අතට ඔහුට විශේෂයෙන් බලකාමී බව පෙනෙන්නට තිබුණේ නැත. පුටුව හැරදා යා නොහැකි තණ්හාවක් ඔහු වෙතින් පහළ නොවෙතැයි හිතන්නට හේතු තිබුණේය. එවක වූ ප්‍රධානතම වුවමනාව විධායක ජනාධිපතිකම අහෝසි කරවාගැනීමය. මේ කතාව අද අපට කියන්නේ එදා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හැදූ අයමය. නමුත් අද එවන් සටනකට පෙරමුණ ගන්නට සෝභිත හාමුදුරුවෝ නැත. නමුත් අර ප්‍රශ්න ටික එහෙමම තිබේ. ඒ අතර එදා යෝජනා වූ කරු ජයසූරියද තවම එහෙමම සිටී. අපට තියෙන්නෙ ජනතාව ලෙස බලා ඉන්නය. අපට වුවමනා මේ වතාවේවත් ඇත්තටම සාධාරණ සමාජයකි.

SendShareShare
Previous Post

තරු කැකුළ එනතුරා මඟ බලන තරු කුමරා

Next Post

පුංචි තිරේ කටකාරි කෝ?

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.