දරුවන්ට අපි කවුරුත් කැමැති ඒ සොඳුරු හඬින් රටට දෙන පණිවුඩය කොතරම් රටේ ජනතාවට බලපානවාද. අද මේ කියන්නට යන්නේ අපේ කලාවට බිහිවුණු පුංචි තාරකාවියක් ගැන. මෙනෝලි කියූ සැණින් ඔබට මතකයට නැඟෙන්නේ ඇය ටෙලිනාට්‍යයේ ඒ පුංචි තාරකාවියයි. ‘මෙනෝලි’ගේ රංග කුසලතාව ඒ තරම් ප්‍රබලයි. කවුද ඒ මෙනෝලි ඇය තමයි ගගනි ටමාෂා.
මේ දවස්වල හැමෝම කතාවෙන්නේ මෙනෝලිගේ රඟපෑම ගැන. මොකද හිතෙන්නේ ඒ ගැන?
ඇත්තටම එය මට සතුටක් තමයි. පාරතොටක ගියත් හැමෝම කතා කරනවා ‘මෙනෝලි’ කියලා. මාව දැක්ක ගමන් ඉස්සෙල්ලාම කරන්නේ මම එක්ක පින්තූරයක් ගන්න එක තමයි. ඊට පස්සේ ඉතින් මගේ රඟපෑම ගැන වර්ණනා කරන්නේ. මමත් හිතුවේ නැහැ මේ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. මම කරපු ටෙලිනාට්‍යවලින් වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ඇය ටෙලිනාට්‍යයේ ‘මෙනෝලිගේ’ චරිතයට.
මෙනෝලි ඇත්ත නම?
මම ගගනි ටමාෂා.
ගම් පළාත්?
පානදුර.
අධ්‍යාපනය හදාරන්නේ එතකොට?
හොරණ තක්‍ෂිලා මහා විiාලයේ.
මේ තරම් ජනප්‍රියතාවක ඉද්දි පාසලෙන් ලැබෙන සහාය මොන වගේද?
ඇත්තටම මගේ රඟපෑමට මගේ පාසලෙන් කිසිම බාධාවක් නැහැ. පාසලේ විදුහල්පති ජනක් අබේරත්න මහතා ඇතුළු පාසලේ ගුරු මණ්ඩලයෙන් මට ලැබෙන්නේ පුදුම සහායක්. ඔවුන් මාව දිරිමත් කරනවා. මොන ජනප්‍රියතාවක් මම ලැබුවත් පාසලේ වැඩකටයුතු මම මඟහරින්නේ නැහැ.
අපි ඔබව මුලින්ම දැක්කේ ‘පාලි’ ටෙලිනාට්‍යය හරහා තමයි. එය ගැන කතා කළොත්?
‘පාලි’ ටෙලිනාට්‍යය අධ්‍යක්‍ෂණය කළේ සමන් කුමාර ලියනගේ මාමා තමයි. ඒ ටෙලි නාට්‍යයත් සමන් මාමාගේ. සමන් මාමා මට ගොඩාක් උදවු කරනවා. ඉතින් මම ‘පාලි’ ටෙලිනාට්‍යයේ රේණුගේ චරිතය තමයි නිරූපණය කළේ.
පසුකාලීනව දුව යශෝධරා වුණා නේද?
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ යශෝධරා දේවියගේ ළමා කාලය නිරූපණය කිරීමට මාව තෝරා ගත්තා. ඒකත් ළමයින් ගොඩ දෙනෙක් පරීක්‍ෂා කරලා තමයි අවසානයේ මට කතා කළේ ඒ චරිතයට සම්බන්ධ වෙන්න කියලා. ඇත්තටම මගේ රංගන ජීවිතයේ වෙනස්ම අත්දැකීමක් වුණා යශෝධරා චරිතය.
‘මෙනෝලි’ චරිතය වෙනුවෙන් සම්මානයක් ලැබෙයි කියලා හිතනවාද?
ඇත්තටම ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම හිතනවා ළමා නිළි සම්මානයක් මට ලැබෙයි කියලා. මොකද මම කරපු අනෙකුත් ටෙලිනාට්‍යවලට වඩා ගොඩාක් කැපවීම් කළා ‘මෙනෝලි’ චරිතය වෙනුවෙන්.
ඇය ටෙලිනාට්‍යයේ මෙනෝලි වැඩි පිරිසක් කළේ අඬපු එකලු. ඇත්තද මේ කතාව?
ඇත්තටම ඒ කතාවේ හරිම දුක හිතෙන තැන් තියෙනවා. ඒ වෙලාවට මට දරාගන්න බැහැ. මට ඒ වෙලාවට මගේ මවුපියන් මතක් වෙනවා. මගේ අම්මාත්, මොනතරම් කැප වෙනවාද කියලා අපේ ඉදිරි අනාගතය වෙනුවෙන් කියලා. ඇය ටෙලිනාට්‍යයෙත් අම්මා දහදුක් විඳලා අපිට උගන්වනවා. අම්මාට ලෙඩක් තියෙනවා. ඒ හැම දේම හංගගෙන මගෙයි, මල්ලිගේ අනාගතය වෙනුවෙන් අම්මා කෙනෙක් කැපවන විදිය තමයි එයින් කතා කරන්නේ.
තවම චිත්‍රපටයකට ආරාධනා ලැබුණේ නැතිද?
මගේත් ආශාවක් තියෙනවා ළමා චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. ඒත් තවම ආරාධනාවක් ලැබුණේ නැහැ.
වසන්ත විතාරණගේ











