• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අහසට ළඟ රන් පාට පුදබිම

January 25, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
අහසට ළඟ රන් පාට පුදබිම
Share on WhatsAppShare on Facebook

ඔන්න මුලින්ම කියනවා මේ නම් පටලවා ගන්න නම් එපා. අපේ ලංකාවේ “නෙල්ලි” කියන ඒ වචනෙන් පටන් ගන්න ප්‍රසිද්ධ ස්ථාන දෙකක් තියෙනවා. එකක් වෙන්නේ නෙල්ලිගල. අනෙක තමයි නෙල්ලිකුලම. එම ස්ථාන දෙක අතරින් නෙල්ලිගල තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ. එතකොට අර නෙල්ලිකුලම තියෙන්නේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ. මේ සුප්‍රසිද්ධ ස්ථාන දෙක ගැන අපි තාම ලියලා නෑ. ඒත් අද අපි තීරණය කළා ඒ ස්ථාන දෙකෙන් නෙල්ලිගල ගැන ලියන්න. ඒ හින්දා අපි පහුගිය දුරුතු පසළොස්වක පෝය දවසේ උදේම නෙල්ලිගල වඳින්න ගියා. ඇත්තටම කිව්වොත් නම් වඳින්න විතරක් නෙවෙයි ඒ නෙල්ලිගල ඉතිහාසයම හොයන්න බලාගෙනයි අපි නෙල්ලිගල ගියේ. පෝය දවසක් හින්දම නෙල්ලිගල තිබුණේ සුදු ඇඳගත්තු බෞද්ධ මිනිසුන්ගෙන් පිරිලා. ඒ අතර විදේශිකයෝ කීපදෙනකුත් දකින්න ලැබුණා. කොහොමින් හරි අපි ඔන්න නෙල්ලිගලත් ගියා. ඒ හින්දම අපි අද ලියන්න යන්නෙත් එදා ගියපු කතාව ගැන. ඉතින් නෙල්ලිගල කතාව මෙන්න මෙහෙමයි.

ඇත්තටම නෙල්ලිගල කියන්නේ අපි යද්දි හිතන් සිටි ජාතියේ පොඩි විහාරයක් එහෙම නෙවෙයි. ඒක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක්. ඒ කියන්නේ එය විහාරයකට එහා ගිය එකක්. කට වචනෙට අපි දැනට නෙල්ලිගල පුදබිම කිව්වට මේ නෙල්ලිගල ඇත්තටම දැන් හඳුන්වන්නේ “නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය” කියලා. ඇත්තටම කිව්වොත් අපි ඒක දැනගත්තෙත් නෙල්ලිගලට ගියාට පස්සේ. අපි මෙදා හොයාගත්තු තොරතුරුවලට අනුව අපේ රටේ අලුත් පරම්පරාව එකතු වෙලා බෞද්ධ ඉතිහාසයේ නිමවූ විශිෂ්ට ගණයේ නිර්මාණයක් විදියටයි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සැලකෙන්නේ. එදා නෙල්ලිගල කියන්නේ මහා ලඳු කැලෑවක්. ඒත් ඉතින් තරුණ ජවය එකතු වෙනකොට මොනවද කරන්නත් බැරි. ඒ තරුණ ජවයේ ප්‍රතිඵලයක් තමයි අද අපි ආපු නෙල්ලිගල. කියවන ඔබ පෝය දවසක මේ පැත්තේ ආවොත් බලාගන්න පුළුවන් නෙල්ලිගල වඳින්න එන යන මිනිස්සු ප්‍රමාණය. ඔව් නෙල්ලිගලට අද සිය දහස් ගණනින් මිනිස්සු එනවා.

අපේ ලිපිය කියවලා නෙල්ලිගල එන්න ඔබට හිතුණොත් ඒ ගමන පහසුවෙන්න නෙල්ලිගලට එන මාර්ගයත් ඔන්න අපි දැන් කියනවා. ඔබ කොළඹ මහනුවර ප්‍රධාන මහා මාර්ගයේ මහනුවර පැත්තට ආවොත් පිළිමතලාව නගරය පහුවෙද්දිම වගේ වම් පැත්තට තියෙනවා මාර්ගයක්. අපේ මතකය හරි නම් ඒ හන්දියට කියන්නේ පොල්ගහමුල හන්දිය කියලා. ඒ මාර්ගයේ එද්දි මුරුතලාව කියන සුන්දර ගම්මානය හම්බවෙනවා. ඒක පහුකරන් පොඩි දුරක් ආවම ඔන්න වම්පසින් “නෙල්ලිගල” කියන නාම පුවරුව දකින්න පුළුවන්. කෙළින්ම ඒ මාර්ගයේ ආවම නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට එන්න පුළුවන්. ඒ වගේමයි නුවර ගැටඹේ හන්දියෙන් ගන්නෝරුව මාර්ගයේ ඇවිදින් යුධ හමුදා කඳවුරට මඳක් පසුපසට වෙන්න දකුණට තියෙන මුරුතලාව මාර්ගයේ මුරුතලාව හන්දියෙන් දකුණට හැරිලා පොඩි දුරක් ආවමත් නෙල්ලිගල නාම පුවරුව සඳහන් මාර්ගය දකින්න පුළුවන්. ඉතින් ඒ ගියත් වැටෙන්නේ මාර්ගය කෙළවර තියෙන නෙල්ලිගල මේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයටම තමයි.

ඇත්තටම නෙල්ලිගල පුදබිමට නම් මහා ලොකු ඉතිහාසයක් නෑ. ඒත් නෙල්ලිගල පුදබිමට ගියාම මේ නෙල්ලිගල ලොකූ ඉතිහාසයක් හැංගිලා තියෙනවා වගේ හැඟීමක් දැනෙනවා. කොහොම හරි මහා ලොකු ඉතිහාසයක් නෙල්ලිගලට නැතිවුණාට අපේ බෞද්ධ පුදබිමක තිබිය යුතු හැම අංගයක්ම මේ නෙල්ලිගල තියෙනවා. ඒ අතරින් දාගැබ නම් විශේෂයි. උසින් අඩි හැත්තෑ ගණනක් වෙන බුබ්බුලාකාර වූ ආකෘතියට හදපු ඒ දාගැබ දැක්කම හිතෙන්නේ ඒක අනුරපුරයේ රුවන්වැලිසෑයේ කුඩා අනුරුවක් කියලමයි. ඊළඟ දේ තමයි මේ දාගැබ මාස තුනක් වැනි කෙටි කාලයකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ එක්කම මහා සම්බුද්ධ ප්‍රතිමාවක් සහ ධාතු මන්දිරයකුත් අද ඔබට නෙල්ලිගල ගියොත් දැකබලාගන්න බැරිකමක් නෑ. ඒ වගේම හුඟාක් අය ඡායාරූප ගන්න ඉසව්වක් වෙන රත්තරන් පැහැ ඇති හංස පෙළත් නෙල්ලිගලට ගෙන එන්නේ හරි අපූරු බවක්. නෙල්ලිගල බෝධිය වගේම එහි නිර්මාණය කරලා තියෙන හිටි පිළිම වහන්සේලා ගැනත් කියන්න ඕනෑ. බෝධීන් වහන්සේ තියෙන්නේ රත්තරන් පැහැ විශාල පාත්‍රයක් සේ සැකසූ අනුරුවක. ඒ වගේම හිටි පිළිම වහන්සේලාගේ තියෙන්නෙත් එම රත්තරන් පැහැය. නෙල්ලිගල බොහෝ අංග දිදුලන ඒ පැහැයෙන් තමයි තියෙන්නේ. ඒකත් හරි අපූරුයි.
අපි මුලින්ම කිව්වනේ නෙල්ලිගල කියන්නේ එදා ලඳු කැලෑවක් කියලා. ඔව් ඒ කතාව ඇත්ත. එදා එහෙම ලඳු කැලෑවක් විදිහට තිබුණු මෙම භූමිය නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විදිහට ලොකුවට වෙනස් කරන්න අවුරුදු හයක් විතර දීර්ඝ කාලයක් යනවා. කොහොමින් හරි හුඟාක් අයගේ අධිෂ්ඨාන මහිමයෙන් වගේම කැපවීමෙන් සහ උත්සාහයෙන් නෙල්ලිගල ලංකාවම දන්න පුදබිමක් වෙනවා. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් හත්සීයක් විතර උසින් තමයි මේ නෙල්ලිගල තියෙන්නේ. ඒ වගේමයි අපේ ශ්‍රී ලංකාවේ පූජනීය නගරයක් විදිහට හඳුන්වන මහනුවර ඉඳන් නෙල්ලිගලට තියෙන්නේ කිලෝමීටර් එකොළහයි. ඒ වගේම පේරාදෙණියේ ඉඳන් නම් කිලෝමීටර් හතක් විතරයි. නෙල්ලිගල පිහිටීමත් ඉතාම සුන්දර අපූර්ව දර්ශනයක්. කලින් නොකීවට නෙල්ලිගල තියෙන්නේ කන්දක් මුදුනේ. ඒත් ඒ අසලටම වාහනයෙන් යන්න පුළුවන්. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. ගහගෙන යන්න තරම් හුළං රැලි මැදින් ඉහළ ඉඳන් බැලුවම වටේම පේන්නේ කඳු තමයි. එක් පැත්තකින් හන්තාන. අනෙක් පැත්තෙන් හුන්නස්ගිරි. ඒ වගේම ආඳාගල, අලගල්ල, බතලේගල වගේම අම්බුළුවාව, ඇටිපල, රාමසාර කන්ද, ශ්‍රී පාදය සහ පිදුරුතලාගල කියන කඳු පන්තිත් නෙල්ලිගලදී දුරින් දකින්න අමාරු නෑ.

බොහෝදෙනෙක් ඉර සේවය දැකලා තියෙන්නේ සමනල කන්ද උඩදී විතරයිනේ. ඒ නමුත් උදේ වරුවේ ආවොත් නෙල්ලිගලදිත් ඔබට ඉර සේවය බලන්න පුළුවන්. ඒක හරි රමණීය දර්ශනයක්. ඒ වගේම ඉර බහින අපූර්ව දර්ශනයත් නෙල්ලිගලදී අපූරුවට දැකබලා ගන්න පුළුවන්. ඒ හින්දා කියවන ඔබ නෙල්ලිගල යනවා නම් උදේ වරුවේ හරි හවස් වරුවේ හරි යන්න මතක තියාගන්න. මොකද පූජනීය නෙල්ලිගලට ඉර උදාවෙන්නේ වගේම ඉර බහින්නේ ඒ අත්දැකීම දකින ජීවිතවලට අපූර්ව වූ මතකයක් එක් කරමින්. කොහොම හරි මෙම නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දහසකුත් දුක් පීඩා මැද 2014 ඔක්තෝබර් මස 22 වැනිදා නිල වශයෙන් නෙල්ලිගල පුදබිමේ නිර්මාතෘ වන පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ තෙරුවන් සතු භූමියක් ලෙස සම්බුද්ධ ශාසනය වෙත පූජා කර තියනවා. එතැන් පටන් නෙල්ලිගල අයිති අපට. තවත් විදිහකට කිව්වොත් අපේ රටේ මිනිසුන්ට. ඒ හින්දා නෙල්ලිගල රැකගැනීම අපේ යුතුකමක් කියලා මතක් කරන්නම වෙනවා.

ඉතින් මහා ලොකු ඉතිහාසයක් නැති නෙල්ලිගල මේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කතාව ඔන්න ඔහොමයි. මහා ලොකු ඉතිහාසයක් නැතිවුණත් මහා ලොකු ඉතිහාස කතා තියෙන පුදබිම්වලටත් වඩා අද නෙල්ලිගල ප්‍රසිද්ධයි. ඒකට හේතු නම් එකක් දෙකක් නෙවෙයි හේතු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එකක් තමයි නෙල්ලිගල පුදබිම කන්දක් මුදුනක තිබීම. ඒ හින්දම සීතල සුළං රැලිවලින් පුදබිම සෑහෙන්නම පොහොසත්. ඉතින් මිනිස්සු ඒකට කැමැතියි. දෙවැනි කාරණාව පුදබිමේ අපූර්වත්වය. රත්තරන් පැහැයෙන් හිරු එළියට දිදුලන ඒ අපූර්වත්වය අපට නම් අකුරු කරන්න තේරෙන්නේ නෑ. තව සොබාදහමේ සොඳුරු අපූර්වත්වය සහ ජෛව විවිධත්වය වගේ දේවලුත් ඔය හේතූන් අතර තියෙනවා.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

කේ.ඒ.ඩබ්ලිව්. හොයාගත්ත ලස්සන කෙල්ල

Next Post

රජවරු දෙවිවරු ඇවිත් ගියපු දෙවනගල

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.