• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

රජවරු දෙවිවරු ඇවිත් ගියපු දෙවනගල

January 25, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
රජවරු දෙවිවරු ඇවිත් ගියපු දෙවනගල
Share on WhatsAppShare on Facebook

මාවනැල්ල නගරයේ ඉඳලා කිලෝමීටර් පහ හමාරක් විතර දුර හෙම්මාතගම පාරෙ ගමන් කළාම දෙවනගල පර්වතය දැකගන්න පුළුවන්. අක්කර 72ක විතර භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙන මේ පර්වතය පරිසරයේ සුන්දරත්වය අතින් වගේම ඓතිහාසික වශයෙනුත් ඉතාමත් වැදගත් ස්ථානයක්. අනුරාධපුර යුගයේ ඉඳලා මහනුවර යුගය දක්වාම බැඳුණු ඓතිහාසික තොරතුරු මේ ස්ථානය ඇසුරෙන් අසන්නට ලැබෙනවා. කොළඹ- නුවර පාරෙ කඩුගන්නාව කන්ද නැඟගෙන යන කෙනකුට බතලේගල කන්දට මෙපිටින් කෝම්පිට්ටුවක හැඩය ගත්තු පර්වතයකුත් ඒ මුදුනේ තියෙන දාගැබකුත් දැකගන්න පුළුවන්. ඒ තමයි දෙවනගල.

දෙවනගල මුදුනට නඟින්න පිහිටි ගලේම නෙළපු පිය ගැට පේළි සහිත මාර්ග තුනක් තියෙනවා. මේ අතරින් උඩපමුණුව පාරෙන් හා අයගම හන්දිය ළඟින් හැරිලා යන මාර්ගවලින් මඳ නැග්මක් ඔස්සේ මුදුනට යන්න පුළුවන්. කටුගහවත්ත කඩ මණ්ඩිය ළඟින් වැටුණු පාරෙන් නම් තරමක් එක එල්ලේ නඟින්න වෙනවා.

අලුත්නුවර දෙවියන් හිඟුලේ කිරුංගල්පායට වැඩම කරලා දෙවැනිව මෙතැනට වැඩම කරපු හින්දා දෙවනගල වුණා කියලා එක ජනප්‍රවාදයක තියෙනවා. දෙවියන් වැඩ විසූ ගල කියන අර්ථයෙන් අමර ගිර කියලත් මේ පර්වතය හඳුන්වනවා. දෙවනගල කියල හඳුන්වන්න තවත් හේතුවක් හැටියට කියවෙන්නෙ රන් වංගෙඩි දෙකක් මෙතැන නිදන් කරල තිබීමයි. ප්‍රදේශයේ වඩාත්ම උසින් පෙනෙන බතලේගලට විතරක් දෙවැනි වුණු හින්දා දෙවනගල වූ බවත් කියනවා. පුරාණ නම් පොතේ දෙවනගල හඳුන්වලා තියෙන්නෙ පරණ නුවර කියන නමින්.

අනුරාධපුර යුගයෙදී ධාතුසේන රජතුමා දාසෙන් පව්වෙහි කරවපු විහාරයක් ගැන මහාවංශයේ සඳහන් වෙනවා. ඒ කාලෙ දාසෙන් පව්ව කියල මේ ස්ථානය හඳුන්වපු බවයි කියවෙන්නෙ. පොළොන්නරු කාලෙදී කිත්සෙන් පව්ව කියල හඳුන්වල තියෙන්නෙත් දෙවනගලයි. ඒ ගැන සනාථ කෙරෙන ගිරි ලිපියක් උඩ පමුණුව පැත්තෙන් දෙවනගලට නඟින පියගැට පෙළ ආරම්භයෙදීම දක්නට ලැබෙනවා. මහා පරාක්‍රමබාහු රජතුමා කරපු බුරුම සටනෙදී ප්‍රධාන සෙන්පතියා හැටියට කටයුතු කරල තියෙන්නෙ කීර්ති නගරගිරි කියන සෙනවියා. ඔහු බුරුමයේ කුසුමිය නගරය යටත් කරලා ලංකා රාජ්‍යයේ බලය පැතිරවීම ගැන රජතුමා බොහෝ සතුටට පත් වුණා. ඒ වෙනුවෙන් කීර්ති නගරගිරි සෙනවියාට ප්‍රදානය කළ ගම්වර ගැනයි මේ ලිපියේ සඳහන් වෙන්නෙ.

මේ පුද බිමේ ස්වර්ණමය යුගය හැටියට හඳුන්වන්න පුළුවන් වෙන්නෙ මහනුවර රාජ්‍ය සමය. පළමුවැනි විමලධර්මසූරිය රජතුමාට රජකම සඳහා බොහෝ උපකාර කරපු කෙනෙක් තමයි දෙවනගල වැඩහිටිය රතනාලංකාර කියන හාමුදුරුවො. විහාරයේ පැවැත්ම වෙනුවෙන් රතනාලංකාර හාමුදුරුවන්ට රජතුමා විසින් කරපු පරිත්‍යාග පිළිබඳ කියවෙන ගිරි ලිපියකුත් පර්වතය මුදුනේ දැකගන්න පුළුවන්. මේ ගිරි ලිපිය ආසන්නයේම ගල් තලාවෙ දකින්න තියෙන සිරි පතුල මහනුවර යුගයෙදී නිර්මාණය කෙරුණු විශාල සිරි පතුලක් හැටියට සැලකෙනවා. මඟුල් ලකුණුද සහිතව නෙළා තිබීම මේ සිරි පතුලේ විශේෂත්වයක්.

ගල මුදුනේ හදලා තියෙන ටැම්පිට පිළිම ගෙය පළමුවැනි විමලධර්මසූරිය රජතුමාගෙ අනුග්‍රහයෙන් රතනාලංකාර හාමුදුරුවන්ගෙ මූලිකත්වයෙන් කෙරුණු බවයි පිළිගැනෙන්නෙ. එකවරම ටැම්පිට පිළිමගෙයක් විදියට හඳුනාගන්න අපහසු වෙන්නෙ ඒ වටා ගොඩනැඟිල්ලක් ඉදිකරල තියෙන හින්දයි. මේ පිළිම ගෙය කරවපු ශිල්පියාගෙ නමත් ධර්ම ශාලාව ඉදිරිපිට ගල් තලාවේ කොටලා තියෙනවා.

දොරටු තුනකින් මේ ගොඩනැඟිල්ලට ඇතුළු වෙන්න පුළුවන්. කැටයම් රහිත සඳකඩ පහන් ඒ දොරටු ඉදිරියෙන් තියෙනවා. පිළිම ගෙට ඇතුළුවෙන දොරටුවේ උළුවස්සත් අගනා කැටයමින් යුක්තයි. මේ ඇතුළෙ තියෙන සිතුවම් මහනුවර යුගයේ මුල් කාලයට අයත් බවයි පිළිගැනීම. සූවිසි විවරණය, සොළොස්මස්ථාන, රහත් රූප, ඉර හඳ, වෘක්ෂලතා, ලියවැල් ආදිය පිළිම ගෙය ඇතුළෙ තියෙන සිතුවම් අතරින් වැදගත්. මකර තොරණ යට වැඩ හිඳින බුද්ධ ප්‍රතිමාවත් මෑත කාලයේ ප්‍රතිසංස්කරණය කරල තියෙනවා. තිබුණු ප්‍රතිමා කීප වරක්ම සොරුන් විසින් කඩා දමනු ලැබුවා. දෙල්ගමු විහාරයේ කුරහන් ගලක සඟවලා තිබුණු දළදා වහන්සේ මහනුවරට වැඩමවාගෙන යන අතරෙ එක් රාත්‍රියක් දෙවනගලත් තැන්පත් කරලා තිබුණලු. එහෙම තැන්පත් කළ බව කියන කුරහන් ගලකුත් මේ විහාරෙදී දැකගන්න පුළුවන්.

පර්වත මුදුනේ තියෙන පොකුණ මේ විහාරයේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලාට පැන් පහසුව සලසලා තියෙනවා. පොකුණ වට කරලා තියෙන්නෙ කළු ගල් බැම්මකින්. පොකුණ ළඟින්ම සංඝාවාසයත් ධර්ම ශාලාවත් දකින්න ලැබෙනවා. ධාතුසේන රජ කාලෙදී ගල මත වෙහෙරක් කරවල තිබුණත් දැන් තියෙන දාගැබ මහනුවර විමලධර්මසූරිය රජතුමාගෙ කාලෙදීම කරවපු එකක් බවයි පිළිගැනෙන්නෙ. බෙල් මහත්මයාගෙ කෑගලු පුරා විද්‍යා වාර්තාව සකස් කරන කාලෙදී දාගැබ ගරා වැටිලා තිබුණු බව සඳහන් කරල තියනවා. දෙවනගල විහාරයේ දාගැබත් කීප වරක්ම සොරුන් විසින් විනාශ කළා. අද වෙනකොට දාගැබ ප්‍රතිසංස්කරණය කරලයි තියෙන්නෙ.

ගල මත තියෙන පරණ විහාරය නැත්නම් ගල් ගේ කියල හඳුන්වන නටබුන් වුණු ගොඩනැඟිල්ල පොළොන්නරු කාලයට අයිති බවයි පිළිගැනීම. බදාම රහිතව ගල් කුට්ටි එක්ක උඩ එකක් තියෙන විදියට හදලා තියෙන මේ ගොඩනැඟිල්ල ඉසුරුමුණිපාය නමින් හඳුන්වලා තියෙන බවත් ජනප්‍රවාදයේ සඳහන්. මේ ගල් කුට්ටි මිනුම් සහිතව කපාගත්තු තැන දකින්න තියෙන්නෙ විමලධර්මසූරිය රජතුමාගෙ සෙල් ලිපිය ආසන්නයේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙ කාලෙදිත් දෙවනගල විහාරයයි විහාරෙට අයිති ගම්වරයි සංවර්ධනය කරපු බව සඳහන්. දෙවනගල පර්වතයේ එක් බෑවුමක පුරාණයේ උමඟක් විදියට භාවිත කරපු බව කියන ගල් කුහරයක් දකින්න ලැබෙනවා. දෙවනගල පර්වතය මුදුනේ ඉඳලා බලද්දී වටා දර්ශනයත් හරිම සුන්දරයි. ඒ වාගෙ තැනක් මුළු සතර කෝරළයටම නැති තරම්. ඈතින් ඈතට විහිදෙන කඳු වැටි අතරෙ උතුරෙන් අලගල්ල කන්දත් ඊසාන පැත්තෙන් කඩුගන්නා කන්දත් දැකගන්න පුළුවන්. නැඟෙනහිර පැත්තෙන් දිගින් දිගටම විහිදෙන්නෙ කොටගල කඳු වැටිය. අම්බුළුවා කඳු වැටිය, පිඹුරාගල, පහන තිබූගල වාගෙ කඳු මුදුන් පෙනෙන්නෙ ගිනිකොන පැත්තෙන්. නිරිත පැත්තෙන් බතලේගලත්, ඌරාකන්දත් පෙනෙනවා. බටහිරින් වාකිරිගලත් වයඹින් උතුවන්කන්දත් ඇතුළුව හැම දිසාවකටම තියෙන ලොකු කුඩා කඳු දෙවනගල මුදුනේ ඉඳලා දැකගන්න පුළුවන් වීම හරිම විශේෂත්වයක්. දෙවනගල මුදුනේ ගහ කොළ අඩු වුණත් සමහර තැන්වල තරමක් ලොකු ගස් වගේම පඳුරුත් දැකගන්න පුළුවන්. දිය සීරාව රැඳිලා තියෙන තැන්වල මීවන, පෙඳ, පාසි වාගේ දේවල් දැකගන්න ලැබෙනවා. විහාර භූමියේ තියෙන පැරණි අරලිය ගස් පෙළ මේ පුද බිමට ගෙන එන්නේ පූජනීයත්වයක් වගේම සුන්දරත්වයක්.

විවිධ කාල වකවානුවලදී සතුරු උවදුරුවලට ලක් වුණු හින්දත්, ස්වාමීන් වහන්සේලා වැඩ වාසය නොකිරීම හින්දත් මේ පුදබිම ජනතාවගෙන් දුරස්ව ගිය අවස්ථා තියෙනවා. අද වුණත් මේ වටා වැඩි වශයෙන් පදිංචි වෙලා ඉන්නෙ අන්‍ය ආගමික අය. ඒත් දෙවනගල අතීතයේ පැවතුණු ශ්‍රී විභූතිය නම් තවමත් නොනැසී පවතින බව එහි යන කාට වුණත් පෙනී යන කරුණක්.
මහේෂ් ඉන්දික විජේතිලක

SendShareShare
Previous Post

අහසට ළඟ රන් පාට පුදබිම

Next Post

මැතිනිගේ කාලේ සිට සිරිසේනගේ කාලේ දක්වා අධිකරණයට ඇගිලි ගහපු හැටි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.