සති අන්ත පුවත්පත් කිහිපයක වාර්තා කර තිබූ ආකාරයෙන් මැතිවරණය සඳහා මුදල් ලබා නොදීමේ යෝජනාවක් හෝ මුදල් නොමැති බව දන්වා සිටීමේ කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (05) පෙරවරුවේ රුවන්වැල්ලේ පැවති වැඩසටහනකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කෙසේවෙතත් සතිඅන්ත ඉරිදා ලංකාදීප පුවත්පතේ මුල් පුවතක් මගින් වාර්තා කොට තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් බාදීමට නොහැකි බව මුදල් අමාත්‍යංශය විසින් එළඹෙන 8 වනදා පාර්ලිමේන්තුව දැනුම දීමට නියමිතව ඇති බවකි.
නමුත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රකාශයට අනුව ලංකාදී පුවත්පතේ එම පුවත සම්පූර්ණ අසත්‍යයක් බව තහවුරු වේ.
මීට පෙරද මැතිවරණය කල් දමාගැනීම සදහා ලංකාදීප පුවත්පත පළ කළ අසත්‍ය පුවත් රැසක් අප මව්රට වෙබ් අඩවිය ඔස්සේ රටට අනාවරණය කිරීමට පියවර ගත්තෙමු.
ඉරිදා ලංකාදීපය පළ කළ පුවත!
ඡන්දෙට දෙන්න සල්ලි නෑ! යෝජනාව 8 වැනිදා පාර්ලිමේන්තුවට!
අජන්ත කුමාර අගලකඩ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් බාදීමට නොහැකි බව මුදල් අමාත්‍යංශය විසින් එළඹෙන 8 වනදා පාර්ලිමේන්තුව දැනුම දෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
පසුගිය අයවැයෙන් මැතිවරණය සඳහා මුදල් වෙන් කර ඇතත් පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඒ සඳහා මුදල් නිදහස් කිරීමට නොහැකි බවද එම යෝජනාව මගින් දැනුම් දීමට නියමිතව තිබේ.
එම දැනුම්දීම පදනම් කරගනිමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ආර්ථික තත්වය හමුවේ මැතිවරණය මාස කිහිපයකින් කල් දමනු දමන්නැයි 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කිරීමටද ආණ්ඩුව සූදානම් වෙයි.
මෙම වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක මුදලක් පසුගිය අයවැය ලේඛනය මගින් වෙන් කර ඇතත් පවතින ආර්ථික තත්ත්වය හමුවේ මුදල් නිදහස් කිරීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශයද දිගින් දිගටම දැනුම් දැනුවත් කර ඇත.










