ජනාධිපති උපදේශක සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ පවුලට අයත් ලංකාදීප පුවත්පත අද දින විශේෂ පුවතක් වාර්තා කරමින් මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉල්ලා අස්වී නොමැති බව වාර්තා කොට ඇත.
ඒ අනුව ඇය ඊයේ දිනයේ මුද්‍රණයට යවා ඇති පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බවද එම පුවතේ සදහන් වේ.
නමුත් ඉකුත් ජනවාරි 25 වැනි දින රාත්‍රියේ විශේෂ පුවතක් පළ කරමින් ලංකාදීප පුවත්පත සදහන් කර තිබුණේ චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වන බවට වූ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවකි.
නමුත් අද දිනයේදී එම පුවත අසත්‍ය බව තහවුරු කරමින් ලංකාදීප පුවත්පතම සදහන් කොට ඇත්තේ චාල්ස් මහත්මිය ඊයේ මැතිවරණ කොමිසම විසින් යවන ලද ගැසට් පත්‍රයට අස්සන් කොට ඇති බවකි.
කෙසේවෙතත් මීට පෙර අවස්ථා ගණනාවකදීම මේ අයුරින් මැතිවරණය ඉලක්ක කරගෙන අසත්‍ය පුවත් රැසක් පළ කිරීමට ලංකාදීප පුවත්පත පියවර ගෙන තිබිණ.
නමුත් අප ඒ සෑම අවස්ථාවකදීම ලංකාදීප පළ කළ පුවත් අසත්‍ය බව පෙන්වා දීමට පියවර ගත්තෙමු.
මැතිවරණය ඉලක්ක කරගෙන ලංකාදීප පුවත්පත මෙසේ පළ කළ අසත්‍ය පුවත් සියල්ල එකවර ඉදිරියේදී අප පාඨකයන් වෙත හෙළිදරව් කිරීමටද සූදානම්ය.
අද ලංකාදීපය පළ කළ පුවත!
මැතිවරණ ගැසට්ටුවට චාල්ස් අත්සන් කරලා!
(රංජන් කස්තුරි)
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් පී.එස්.එම්.චාල්ස් මහත්මිය ඉවත් වී නැතැයි මැතිවරණ කොමිෂන් සභාව ආරංචි මාර්ග කියයි.
පළාත් පාලන මැතිවරණයට අදාල ගැසට් නිවේදනයක් මුද්‍රණයට යවා තිබෙන අතර ඊට චාල්ස් මහත්මිය ද අත්සන් යොදා ඇතැයි ද දැනගන්නට ඇත
තරුණ ඡන්ද සම්බන්ධ තොරතුරු ඇතුළත් එම ගැසට් නිවේදනයට චාල්ස් මහත්මිය අත්සන් තැබූ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද තහවුරු කළේය.
ජනවාරි 25 දින ලංකාදීපය පළ කළ පුවත!
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි!
(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙි.
චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීම සඳහා අද( 25 )රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර තිබිණි.