අද පෙරවරුවේ ව්‍යවස්ථාදායක සභාව පළමු වරට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
ඇතැම් මාධ්‍ය අද දින මැතිවරණ කොමිසමේ නව සාමාජිකයන් පත් කරනු ඇති බව වාර්තා කර තිබුණද අද දින මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් කිසිදු වචනයක් කතාබහ කොට නොමැත.
ව්‍යවස්ථාදායක සභාව ඉදිරියේදී රැස්වන ආකාරය, තීන්දු තීරණ ගන්නා ආකාරය, ඝණ පූර්ණය තිබිය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.
ලංකාදීප පුවත්පත ඊයේ පළ කොට තිබූ පුවත!
මැතිවරණ කොමිසමට අලුත් ලොක්කන්!
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (25) බදාදා රැස්වීමට නියමිතය.
මීට අමතරව සෙසු ස්වාධීන කොමිෂන් සභා සඳහාද නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත්කිරීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ප්‍රධාන විපක්ෂය නොවන සෙසු විපක්ෂයේ පක්ෂවල නියෝජිතයා මෙතෙක් පත්කර ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන්ද බදාදා රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් නියෝජිතයෝ තිදෙනා පසුගියදා පත් කරනු ලැබූහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබූවේ විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුවය. නව ව්‍යවස්ථා දායක සභාව පත් කිරීමෙන් පසුව ස්වාධීන කොමිෂන් සභා සඳහා අලුතින් සාමාජිකයන් පත්කර ඒවා යළි ස්ථාපනය කළ යුතු වේ.










