ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය වන EDEX Expo, යළිත් වරක් 2020 ජනවාරි 17 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීත්, ජනවාරි 24, 25 යන දිනවල මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදීත් පැවැත්වීමට නියමිතය. අඛණ්ඩව 17 වැනි වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, ඉකුත් කාලය තුළ, රටේ තරුණ පරපුරෙහි අනාගත අධ්‍යාපනික හා රැකියා අවස්ථා සඳහා අත්වැල සපයන ප්‍රදර්ශනයක් බවට පත්ව තිබේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා EDEX Expo කොළඹ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙයි.
2004 වසරෙන් ඇරඹුණු EDEX Expo මේ වන විට, සාමාන්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයක ස්වරූපයෙන් බැහැරව, ශ්‍රී ලාංකේය තරුණ පරපුරට ජාත්‍යන්තර වශයෙන් තරගකාරී මට්ටමට පත් වීමටත්, ජයග්‍රහණයේ ඉහළටම ළඟා වීමටත් උදව් වන, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රදර්ශනයක් බවට පත්ව තිබේ.











