රන්ජන් රාමනායක මහතා සමග සංවාදයේ යෙදුණු බව කියන වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබේ.
නීතිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ විනිසුරුවරයාව විමර්ශනයේ සැකකරුවෙක් ලෙස නම් කර අධිකරණ වරෙන්තුව ලබා ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් ප්රකාශයක් ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
රන්ජන් සමග කතා කර වැඩ තහනමට ලක්වූ බද්දේගම මහේස්ත්රාත් ධම්මික හේමපාල මහතාගෙන්ද මෙසේ කොළඹ අපරාධ කොට්ඨාසය මීට පෙර ප්රකාශයක් ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.










