• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු රටක් අන්දපු මහා බොරුව හිතුමතේ ජීවිතේ…

January 31, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
මුළු රටක් අන්දපු මහා බොරුව හිතුමතේ ජීවිතේ…
Share on WhatsAppShare on Facebook

බටුගහගේ දොන් රංජිත් කරුණානන්ද නොහොත් සුමතිපාල නොහොත් ‘හිතුමතේ ජිවිතේ’ නමැති පුද්ගලයකු පසුගිය සතියේ කළුබෝවිල රෝහලේදී මරණයට පත්වූ බව වාර්තා විය. ඔහුගේ සිරුර භාරගන්නට කිසිවකු මුලදී ආවේ නැත. නමුත් පසුව නැගණිය හා සොයුරා රෝහලට පැමිණ තිබිණි. ඔහු ගැන ඔවුන් පවසන්නේ වෙනස්ම කතාවකි. ඔහු බොරුවක් කළ බවකි. ශ්‍රී ලංකාවේ පළවූ නවකතා, චිත්‍රපටවලටද විෂය වූ ඔහුගේ කතාව කාලයක් සමාජ මාධ්‍ය තුළද ආන්දෝලනයක් ඇති කළේය.

තම නැගණිය මැරූ සමූහ දූෂකයකු මරා බන්ධනාගාරයට ගිය ඔහු සිරගෙදරින් හතරපස් වතාවක් පැනගොස් නැගණියට හදි කළ සියල්ලන් මරාදැමූ ආකාරයත්, එල්ලා මරන්නට නියම වී මිනිත්තු කීපයකට පෙර එකල රාජ්‍ය නායකයාගේ අණින් ජීවිතය රැකුණු ආකාරයත්, තමා ගැන සිතා තම මවගේ ළය පැලී මියගිය ආකාරයත්, ඔහු ඉතා ප්‍රබන්ධාත්මකව මාධ්‍ය වෙත කියූ අතර හිරගෙදර යකඩයා අනුකරණය කරමින් තමන්ගේ පපුවේ ‘හිතුමතේ ජීවිතේ’ නමින් පච්චයක් කොටා වීරත්වයක්ද ආරෝපණය කර පෙන්වූයේය.

මෙම පුද්ගලයා වසර 43කට වඩා හිරගෙදර සිට පසුව ජනපති සමාව ලැබ 2018 නිදහස්ව පිටව යන්නේ මේ අපූරු කතාවද කියමිනි. මිනීමැරුම් පහක් හයක් කර ඇති අයකුට මේ ආකාර ජනපති සමාවක් ලැබීම ඒ කාලයේ එම කතා පළකළ මාධ්‍ය ප්‍රශ්න කරන්නේ නැති අතර ඔහු කියන අනෙක් කතා සත්‍ය ලෙසම සිදුවීද යන්න ප්‍රශ්න කර තිබුණේද නැත.

නමුත් හිතුමතේ ජීවිතේගේ නැගණිය ජීවතුන් අතර සිටින්නකු වූවාසේම ඇය තමන්ව දූෂණයට ලක්වූ කතාව ප්‍රබන්ධයක් බව කියන්නීය. තමන්ගේ මව මොහු නිසා ළය පැලී මියගිය කතාවද ප්‍රතික්ෂේප කරන්නීය. සොරකමක් නිසා හිරේ ගිය සුමතිපාල හිරේදී ව්‍යාජ වීරත්වයක් මවාපාමින් කතාවක් ගොතා තිබූ අතර ඒ ගැන කිසිදු හෙවිල්ලක් නොකළ ඇතැම් මාධ්‍ය එම කතාව විසුරුවා හැර ඒ මගින් ඔහු වීරයකු බවට පත් කළේය.

ඒ, ‘හිතුමතේ ජීවිතේ’ නමින් ප්‍රසිද්ධව සිටි බටුගහගේ දොන් රංජිත් කරුණානන්ද නැමැත්තා ඉකුත් 13 වැනිදා ජීවිතක්ෂයට පත් වී පසුව කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති මෘත දේහය භාරගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැතිව සිටි නමුත් අවසානයේ ඔහුගේ දේහය භාරගැනීමට රෝහලට පැමිණියේ අතවරයට ලක්ව ඝාතනය වූ බවට ‘හිතුමතේ ජීවිතේ’ මාධ්‍ය ඉදිරියේ කී ඔහුගේ එකම නැගණියත් සහ බාල සහෝදරයාත්ය.

‘හිතුමතේ ජීවිතේ’ නමින් පෙනීසිටි සුමතිපාලගේ නැගණිය චන්ද්‍රානි මෙසේ පවසා තිබිණ.‍

‘හිතුමතේ ජීවිතේගේ එකම නංගි මමයි. එයා මාධ්‍යවලට, පත්තරවලට ගිහින් අර විදියේ බොරුවක් කියද්දි මමයි, මගෙ පොඩි අයියයි ඒ මාධ්‍යවලටයි පත්තර කන්තෝරුවලටයි ගිහින් කිව්වා මේවා ප්‍රචාරය කරන්න එපා, එයා බොරු කියන්නේ කියලා. නමුත් අපිට සාධාරණයක් වුණේ නැති තැන අල්ලලා දාලා නිකම් හිටියා. පොතක් ගහනවා කියලා ආරංචි වුණාම එයාලටත් මම කිව්වා මම ඉදිරිපත් වෙනවා කියලා. ඒත් එයාලා ඒ පොතත් ගැහුවා. චිත්‍රපටයක් කරනවා කියලා ආරංචි වුණාම එයාලටත් කතා කළා. මම උපන්නේ වාද්දුව මොරොන්තුඩුවේ. දංකොටුවේ පදිංචියට එද්දී මට වයස අවුරුදු 7යි. අයියා ගැන මට ලොකු මතකයක් නැහැ. මට මතක අම්මයි තාත්තයි අනිත් අයියලා දෙන්නයි. ඒත් මට මතකයි එක පාරක් මම අම්මත් එක්ක ගියා මීගමුවේ බන්ධනාගාරයට. එතකොට එයා ඇවිත් අපිත් එක්ක කතා කළා මට මතකයි. එයා අවුරුදු හතළිස් ගාණක ඉඳන් හිරේ කියනවා. ඒවා සේරම බොරු. එයා කියන දේවල් ඇත්ත ද නැත්ත ද කියලා පොලිසිවලට, බන්ධනාගාරවලට ගිහින් බලන්න පුළුවන්.

ඒත් එයා හිරේ හිටිය ද කියලවත් හොයලා බලන්න කිසි කෙනෙක් උනන්දු වුණේ නැහැ. අපි බොරු කියනවා කියලයි කිව්වේ. මේකෙන් අපි ගොඩක් අපහසුතාවට පත්වුණා. දන්න අඳුනන අය කෝල් කරලා කියනවා අන්න අර පත්තරේ, අර වැඩසටහනේ යනව කියලා. ඒක අපිට ලොකු කරදරයක් වුණා. අම්මා මැරුණේ හිරගෙදරදී පපුව පැළිලා කියලත් කියලා තිබුණා. ඒකත් බොරුවක්. අම්මගේ මරණ ගෙදරට එයා ඇවිත් ගියා. එයා ඒ කාලේ කොහේ ඉන්නවද කියලවත් අපි දන්නෙ නැහැ. කවුරු හරි අම්මගේ මරණේ ගැන කියලා ආරංචියට වෙන්නැති එන්න ඇත්තේ…’

ඉකුත් 16 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක, සාම විනිසුරු පාරින්ද කොටුගොඩ විසින් ‘හිතුමතේ ජීවිතේ’ගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පැවැත්විණි. ඒ සඳහාද සොයුරිය චන්ද්‍රානි පෙරේරා (56) හා සොයුරා ආනන්ද පෙරේරා (64) සාක්ෂි ලබාදුණි. සොයුරා මෙසේ කීය.

‘අපේ අම්මා තාත්තා වුණේ බටුගහගේ දොන් මාටින් පෙරේරා සහ තුඩුවගේ දොන් සෝමවතී. අපේ පවුලේ දරුවන් සිවු දෙනෙක් හිටියා. පුතුන් තිදෙනකු සහ එක් දියණියක්. හිතුමතේ ජීවිතේ නැතිනම් සුමතිපාල පුතුන් තිදෙනාගෙන් දෙවැනි පුතා.

කුඩා වියේ සිටම ඉතා හිතුවක්කාරී චරිතයක්. පාසල් ගියේ නැහැ. පවුලෙන් පමණක් නොව නිවෙසින් ද පිටවී ජීවත් වුණා. විවාහ වුණෙත් නැහැ. එයා නංගි දූෂණය කරපු පිරිසක් මරාදැමූ බව කියලා තිබුණේ. ඒත් අපි දන්නා තරමින් නම් ඔහු කවදාවත් ඒ වගේ මනුෂ්‍ය ඝාතන කරලා නෑ. ඔහුගේ එකම නංගි මරාදැමූ බව කිව්වත් ඇය තවමත් ජීවතුන් අතර ඉන්නවා. මේ අතරෙදී තමයි මගේ බිරිය දැකලා තිබුණේ අයියා කළුබෝවිල රෝහලේදී මියගිය පුවත. අපි රෝහලට ගියේ ඒක දැකලා. එහිදී අපි අයියාගේ දේහය ඔහුගේ බව හඳුනා ගන්න පුළුවන් වුණා….’

සොයුරිය චන්ද්‍රානි මරණ පරීක්ෂණයේදී මෙසේ කීවාය.

‘අයියා කුඩා කාලේ ඉඳලම හරිම හිතුවක්කාරයි. ගෙදරින් තරහ වෙලා පාසල් යන කාලේ සිටම ගෙදරින් පිටවෙලයි හිටියේ. තාත්තා අවස්ථා කිහිපයකදීම නිවෙසට රැගෙන ආවත් ඔහු නිවෙසේ රැඳී හිටියේ නැහැ. ඒත් අවස්ථා කිහිපයකදී විටින් විට නිවෙසට පැමිණ අපි සමග කතාබස් කොට නැවත පිටව ගියා. ඒ අතරතුර තමයි හිතුමතේ ජීවිතේ නමින් ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් කියලා තිබුණේ. ඔහු පවසන පරිදි මිනීමැරුම් කිසිවක් අපි දන්නා තරමින් කරලා නැහැ. හැබැයි සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් නම් ඔහු සිරගතව සිටි බව අපට දැනගන්න ලැබුණා.

ඒ කොහොම වුණත් ඔහුගේ එකම නැගණිය ඝාතනය කළ බව පැවසුවද එවැන්නක් සිදුවී නැහැ. ඔහුට සිටි එකම නැගණිය මමයි. අයියා මාධ්‍යවලට කළ ප්‍රකාශ මාධ්‍යවල පළවුණු මුල් කාලෙම අපි ඒ ගැන පැමිණිලි කළා, මේවා අසත්‍යයි කියලා. නමුත් අපේ පැමිණිලිවලට සාධාරණයක් වුණේ නැහැ. මාධ්‍යවල පළවුණු ඒවා නිසා අපිට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවුණා. අපි රැකියාවල් කරපු අය, අපිට දරුවෝ ඉන්නවා. අපි රටට මුහුණ දෙන්න ඕනේ. අපි හැමෝටම ලොකු ලැජ්ජාවක් වුණේ. අපි එච්චරම අසරණ තත්ත්වයකට පත්වුණා.

අපි මේ ගැන පුවත්පත් මණ්ඩලේටත් පැමිණිලි කළා. නමුත් අපිට සාධාරණයක් වුණේ නැහැ. ඔයාලගෙම අයියනේ ඒවා කියන්නේ, ඒ හින්දා අපිට මුකුත් කරන්න බැහැ කිව්වා. අපේ අම්මා, තාත්තගේ නම් පවා ඒ ලිපිවල තිබුණා. ඒ ගැන අපිට හරි වේදනාවක් තියෙන්නේ. මේ රටේ පුරවැසියො විදිහට අපිට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් නැද්ද? සමහර මාධ්‍ය අපේ පවුලම පණ පිටින් වළලලා දැම්මා වගේ වැඩක් කළේ. දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයිනේ. තවත් මේ ගැන කතා කරන්නවත් අපි කැමැති නැහැ. අපිට දැන්වත් නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න…’

මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව පෙණහලුවල ඇතිවූ නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීම බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක, පාරින්ද කොටුගොඩ නිගමනය කළේය.

ඔහුගේ සහෝදරයාත් සහෝදරියත් ඔහුගේ අවසන් කටයුතු ඉටුකිරීම සඳහා තමන්ට හැකි අයුරින් දායකත්වය දක්වා තිබිණි.

අන්තර්ජාලය ඇසුරෙණි

SendShareShare
Previous Post

හැංගි හොරා නෑ! IMF එකත් එක්ක ගනුදෙනු කරන හැටි සජිත් එළිපිට කියයි! කුරුණෑගලට ආවා වගේම මහා ජන ගඟක් මතුගමටත් එයි! VIDEO & PHOTOS

Next Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරලා! සාක්ෂි පසුව සකස් කරලා! රාජ්‍ය දේපොළට හානි කළ බවක් හෝ අනර්ථයක් කළ බවක් පෙනී යන්නේ නෑ! පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බවක් පහරදුන් බවක් මුල් සාක්ෂිවල නෑ! ‌මෝටිවේෂන් අප්පච්චිගෙයි ගැමුණු විජේරත්නගේයි කතා හුදු ප්‍රකාශ! වසන්තව නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා දුන් ඓතිහාසික තීන්දුව මෙන්න!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

රඟපානවා නම් මෙන්න රඟපෑම්… කාලෙකට පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ එක හුස්මට බලන, සුපිරිම රංගනයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබෙනවා. ඒ වෙන...

Read more
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.