• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට දවස එළිය කරන්න අද දවස කරුවලේ ගෙවන අපේ ළමයි…

January 31, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
හෙට දවස එළිය කරන්න අද දවස කරුවලේ ගෙවන අපේ ළමයි…
Share on WhatsAppShare on Facebook

මේ උසස් පෙළ විභාග සමයයි. දහස් ගණන් දූදරුවන් තමන්ගේ ජීවිතය කොයි මඟට යාදැයි තීරණය කරගන්නා සමය මෙයයි. ඒ නිසා බොහෝ විට විභාගය, දරුවන්ට සේම රටටද ඉතා වැදගත් දෙයක් බව අප විශ්වාස කරමු. මේ දරුවෝ නිදි නොලබා කුසට අහරක් නොමැතිව මේ කාලය ගතකරන බව අප කවුරුත් දන්නා කරුණකි. උසස් පෙළ ලියූ, උසස් පෙළ සමත්, විභාගයක වටිනාකම දන්නා ඕනෑම කෙනකු සිතන්නේ මේ කාලයේ දරුවන්ට නිදහසේ වැඩ කරන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතු බවය. ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්නට සියලු දෙනා කැපවිය යුතු බවය. සාමාන්‍යයෙන් විභාගය ලියද්දී ශාලාවට එන විභාග පරීක්ෂකවරුන්ට තම සුවඳ විලවුන් වර්ගය භාවිත කිරීමේදී පවා සැලකිලිමත් වන්නට කියන්නේ ඒ නිසාය. විභාග ශාලාවේදී ගුරුවරයකුට ශබ්ද නැගෙන පාවහන් පැලඳීමට පවා අවසර නැත.

විභාග දෙපාර්තමේන්තුව පළමු වැනි ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කරන්නට පෙර පිරිත් කියනා බවත්, විභාගය ආරම්භ කරන්නට දින වකවානු වෙන් කරගත් පසු පළමු ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කරන්නට සුබ වෙලාවක් බලනා බවත් අප අසා ඇත්තෙමු. ඒවා මිථ්‍යා විශ්වාස යැයි ඇතැම් විට ඔබ බැහැර කරනවා විය හැකිය. නමුත් දරුවන්ගේ අනාගතය සම්බන්ධව සෑම කරුණක්ම සුබ දෙයක් කරන්නට රටේ අධ්‍යාපන බලධාරීන් කටයුතු කරන බව අප කියන්නේ ඔබ සමහර විට එය නොදන්නවා ඇතැයි යන විශ්වාසයෙනි. කෙසේ නමුත් ලංකාවේ අධ්‍යාපනය ඉතා සුබවාදී තැනක තිබූ කලක් තිබිණි. එකල ලෝකයේ වඩාත් විශ්වසනීයම විභාගය ලෙස උසස් පෙළ විභාගය සැලකුවේය. ලංකාවේ අධ්‍යාපනය ලෝකයේ ඉහළ වටිනාකමක් සහිත එකක් ලෙස පිළිගත්තේය. ඒ නිසාම රටේ උගතුන් බිහිවිය. දරුවන් අධ්‍යාපනයට කැපවිය. සාක්ෂරතාව ඉහළ මට්ටමක තිබුණේය. නමුත් අද එය උඩුයටිකරු වී තිබේ. ඇතැම් විට මෙතරම් සාක්ෂරතාවක් සහිත යැයි කී රටක්, මෙතරම් උගතුන් බිහිවුණා යැයි කී රටක් මෙවන් තැනකට වැටුණේ කෙසේදැයි අසන්නට පෙර අධ්‍යාපනයේ අවුලක් ඇතැයි අපට සමහර විට හිතන්නට සිදුවේ. මක් නිසාදයත් ලංකාවේ අධ්‍යාපනය මෙතරම් හොඳ තැනක තිබුණා නම්, මෙච්චර බූරුවෝ පාර්ලිමේන්තු නොයන්නට ඉඩ තිබුණා නොවේදැයි කෙනෙක් කිව හැකිය. නමුත් අප කවදාවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එවැනි කතාවක් කියන්නේ නැත. පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයකි. එවැනි උත්තරීතර ආයතනයක උත්තරීතව කටයුතු කරන අයට එවැනි චචනයක් කියන එකට අප එකඟ නැත. නමුත් ඇතැමුන් එසේ කියන නිසා එය ලිව්වා මිස, හිතකින් හෝ හදවතින් ලියූ එකක් නොවන බව සියලු දෙනා දැනහඳුනාගත යුතුය.

දැන් කතාව අප නිවැරැදි මඟට ගනිමු. මේ වතාවේ විභාගය අස්සේ කරන්ට් එක කපන්නට තීරණය කර තිබේ. කරන්ට් එක කපන්නට තීරණය කිරීමත් සමග විවිධ ක්ෂේත්‍ර ඒ සම්බන්ධව විවිධ මට්ටමේ ගැටුම් ඇතිකර ගත්තේය. ඇතැම් තැනකදී මහජන උපයෝගිතා කොමිසම කෙළින්ම කියා සිටියේ විභාගය අතරතුර කරන්ට් එක කැපීම නතර කළ යුතු බවය. එසේම මානව හිමිකම් කොමිසමද වරක් ඉල්ලීමක් කර තිබුණේ විදුලිය විසන්ධි කිරීම අඩුම තරමින් විභාග සමය තුළදීවත් නතර කළ යුතු යැයි කියාය. නමුත් ඒ කිසිදු කතාවක් ගානකට නොගෙන මේ වන විටත් විදුලිය විසන්ධි කිරීම ආරම්භ කර තිබේ. ඒ සඳහා පැය දෙකක විදුලි කප්පාදු කාලයක් තීරණාත්මකව ප්‍රකාශ කරන්නටද බලධාරීන් පියවර ගත්තේය. මේ විදුලි විසන්ධිය නවත්වන්නට නම් විවිධ විකල්ප තැන්වල කතාබහ කරන අතර, ඊට අවශ්‍ය යම් මුදලක් සම්බන්ධයෙන්ද කතාබහක් ආවේය. මේ මුදල ලබාදෙන්නේ නම් විදුලිය විසන්ධි කිරීම නතර කළ හැකි බව කී අතර, පසුව කීවේ සල්ලි ලැබුණා යැයි කියා, සල්ලි කොල දමා ජෙනරේටර් ක්‍රියාත්මක කරන්නට නොහැකි යැයි කියාය. ප්‍රශ්නය බරපතළ බව ඇත්තය. රටක් මේ ආකාරයට දුවාගැනීම කොයි තරම් දුෂ්කර ද යන්න සත්‍යයකි. රට මේ තත්ත්වයට ඇද දැමුවේ ඒ අයම නිසා, ඒ අයම රට යළි ගොඩනගන්නට උත්සාහ නොකරන බවද බොහේ දෙනෙක් කියන කරුණකි. බලධාරීන් හැකි උපරිමයෙන් උත්සාහ කරද්දීත් තවමත් මේ විදුලි විසන්ධියට පිළියමක් හදාගන්නට ආණ්ඩුව අසමත් වී තිබේ. මේ අසමත් ආණ්ඩුව දරුවන් සමත් කරන්නට උත්සාහ නොකරන බවද දැන් දැන් අපට දැනෙන පෙනෙන කාරණයකි. ඇත්තටම රටක දරුවන් වෙනුවෙන් මීට වඩා හිතන්නට, මීට වඩා ගෞරව කරන්නට බලධාරීන් දැන සිටියා නම් විභාගයට කලින් දවසේ පැය දෙකක් විදුලිය විසන්ධි වන රටක මේ දරුවන් විභාගයට මුහුණ දෙන්නේ නැත. අවාසනාවක මේ දරුවන් ඉපදී ඇත්තේ එවැනි රටකය.

බලධාරීන් නිහඬව තමන්ගේ පාඩුවේ තමන්ගේ වරප්‍රසාද ගැන හිතමින් සිටින අතර, දරුවන් රැයෙහි දෙපැයක් විදුලිය විසන්ධි වෙද්දී හෙට දිනයේ පැවැත්වෙන විභාගයට සූදානම් විය යුතුය. විභාගය අස්සේත් කරන්ට් එක කපන්නට මේ රටට සිදුවුණේ අපේ වරදකින් නොවන බව අපේ විශ්වාසයයි. දරුවෙක් කිසි දිනෙක එවැනි වරදක් කර නැතැයි අප සිතමු.

රටේ මහජනතාව ලෙසද අපට මීට වඩා මේ ගැන සැලකිලිමත් වන්නට තිබුණේය. අපූරු විකල්පයකට අප ගියා නම් අද දරුවන් මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ නැත. කොහොමත් විදුලිය විසන්ධි කරනවා නම් අපේ නිවෙසේ පැයක හෝ එකහමාරක කාලයක් විදුලිය විසන්ධි වුණා යැයි සලකා සියලු විදුලි උපකරණ ක්‍රියා විරහිත කර සිටින්නට තීරණය කළා නම් යම් හෙයකින් මේ මොහොතේ දරුවන්ට විදුලිය අහිමි වීමේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන්නට සිදුවන්නේ නැත. නමුත් එවැනි පිළියමකට රටේ ජනතාවද නොගිය අතර ඔවුන් කළේ බලධාරීන්ට ඇඟිලි දිගු කර කර සිටීම පමණි. ඔබේ නිවෙස ඉදිරියේ වූ විදි පහන නිවාදමන්නට ඔබ සැලකිලිමත් නොවනා තාක්කල්, ඔබේ නිවෙසේ විදුලි බුබුළු අනවශ්‍ය ලෙස දල්වා තිබීම නවතා තබන්නට ඔබ උත්සාහ නොකරන තාක්කල්, ඔබේ නිවෙසේ විදුලි උපකරණ අනවශ්‍ය ලෙස භාවිත කිරීම ඔබ නවත්වන තාක්කල් ලංකාවේ විදුලි අර්බුදය විසඳෙන්නේ නැත. නමුත් නොවටිනා සුදු අලියෙක් අපේ කරගත් නොරොච්චෝලේ අර්බුදයත්, රටේ ඔහේ අපතේ යන ජලය, හිරු එළිය, උදම් රල ඇතුළු පුනර්ජනනීය බලශක්තියෙන් අප ප්‍රයෝජනයක් නොගන්නා තාක්කල්, නිවැරැදි සුළං බලාගාර තැන් තැන්වල ඉදි නොවනා තාක්කල් අපට කවදාවත් මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට නොහැකිය.

බලධාරීන් බොහෝ විට කරන්නේ ඩීසල් බලගාර සඳහා අවසර ලබාදීමය. ඒස් ඇඹිලිපිටිය වැනි බලාගාර සම්බන්ධව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සංජීව මහතා බොහෝ කලක සිට චෝදනා කරයි. ඒ ඔවුන් චෝදනා කරන්නේ මේවා පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කරන ආයතන නොවන නිසාය. හැබෑවටම රටකට අවශ්‍ය වන්නේ පුනර්ජනනීය බලශක්තියයි. ලෝකයම මේ වන විට පුනර්ජනනීය බලශක්තිය සඳහා යොමුවෙමින් තිබේ. නමුත් අපට ඒ ගැන වගේ වගක් නැත. දරුවනි අපි ඔබට අපේ කනගාටුව ප්‍රකාශ කරමු. රටක් ලෙස අපට ඔබ වෙනුවෙන් කළ යුතුම දේ කිරීමට නොහැකි වීම ගැන අප කනගාටු වෙමු.

ජාතික පුවත්පතක ජාතික වගකීම වන්නේ මෙවැනි ව්‍යසනයකදී ඒ අය වෙනුවෙන් ඉදිරිපත් වීමත්, පෙනී සිටීමත්ය. නමුත් අපටද ඔබේ ප්‍රශ්නය කරන්නට තරම් ශක්තියක් තිබුණේ නැත. රටේ බලධාරීන් නෑසුන් කනින් යුතුව ඔබේ නිවෙසේ විදුලිය, විභාගයට පෙර දිනයේ කපාදමන විට, අපට තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකිය. ඒ නිසාම අප අපේ කනගාටුව ඔබට ප්‍රකාශ කරන අතර, ආණ්ඩුවේ විදුලි විසන්ධි ක්‍රමවේදය පිළිබඳ අපේ විරෝධයද දැඩි සේ ප්‍රකාශ කර සිටිමු. කුමන මට්ටමින් ගත්තද මේ ආණ්ඩුව අසමත් බවත් අප යළි යළිත් සිහිපත් කර සිටිමු. දරුවන්ගේ අනාගතයට ආණ්ඩුව වගකිව යුතු බවට අප ඍජුවම චෝදනා කරන අතර, දරුවන් වෙනුවෙන් කළ හැකි යමක් වේ නම් කරන්නට ආණ්ඩුවට තවමත් ඉඩ ඇති බවටද අප විශ්වාස කරමු. ලක්ෂ 03ක පමණ දරුවන් පිරිසක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ දුෂ්කර ක්‍රියා කොට බව දන්නා කෙනෙක් වේ නම් බලධාරීන්ට පෙන්වා දෙන්න. අධ්‍යාපනයේ වටිනාකම නොදන්නා බොහෝ මිනිසුන් පාලකයන් බවට පත්වූ විට, අධ්‍යාපනය ශත පහකට නොවටිනා දෙයක් යැයි ඔවුන් සිතන බව නම් අපට අරුමයක් නොවේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අපේ හොඳ සැලැස්මක් තියෙනවා ඉස්සරහට කියන්නම්! පොහොට්ටුවේ ලේකම් සාගර කියයි! VIDEO

Next Post

ඩලස්ගේ ගෙදරට පොහොට්ටු කාර්යාලයෙන් ලියුමක්! ඩලස් මාධ්‍යයට එයි! ලියුම පෙන්වයි! ඕවට මම බයවෙන්නෙ නෑ කියලා කියයි! VIDEO

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.