• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පත්තිරිප්පුවේ ඇත්තම කතාව මෙන්න…

January 16, 2023
in Exclusive, Mahawanshaya
Reading Time: 5 mins read
A A
පත්තිරිප්පුවේ ඇත්තම කතාව මෙන්න…
Share on WhatsAppShare on Facebook

එෛතිහාසික දළදා මැඳුර තියෙන්නේ සෙංකඩගල පුරවරයේ. මේ එෛතිහාසික දළදා මැඳුරේ ඓතිහාසික බව හා සුවිශේෂී බවට හේතු වෙන්නේ පූජනීයත්වයම පමණක් නෙමේ. මේ පූජනීයත්වය නිසා ලෝපුරා බැතිමතුන් අතර ප්‍රසිද්ධත්වයට පත් වූ පින් බිමක්. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ඉන්න බෞද්ධයෝ මේ බිම වඳින්න එන්නෙ එහි තියෙන පූජනීයත්වය හේතුවෙන්. හැබැයි බෞද්ධයන් නොවෙන ශ්‍රී ලාංකිකයනුත් නොවන විජාතිකයන් මේ වෙහෙර බිමට පැමිණෙන්නේ මෙහි ඇති පූජනීයත්වය ඉක්මවා ගිය ඓතිහාසික බව හේතුවෙන්.

මේ ඓතිහාසික බව, දැකුම්කලු බව, සුවිශේෂී බව, මේ සියල්ල රැඳිලා තියෙන්නේ දළදා වහන්සේ එහි තියෙන පත්තිරිප්පුව සහ වෙනත් අනෙකුත් සාධක ඇතුළු සියල්ලෙහි එකතුවෙනි. එතකොට මේ දළදා වහන්සේ වැඩ සිටින්නාවූ එෛතිහාසික දළදා මැඳුර කියන එක ඇතුළෙ තියෙන ඉතාම සුවිශේෂී වූ සංකේතයක් තමයි මේ පත්තිරිප්පුව.

පත්තිරිප්පුව සුවිශේෂි සංකේතයක් වගේම පත්තිරිප්පුව අපිට හරියට දළදා මැඳුරෙ සලකුණක් විදියටයි දැනෙන්නේ. ඇත්තට දළදා මැඳුරක් අඳින්න කිවුවොත් දළදා මැඳුරක අනුරුවක් හදන්න කිවුවොත් දළදා මැඳුර වගේ වෙසක් පහන් කූඩුවක් නිර්මාණය කළොත් ඕනෑම කෙනෙක් මේ දළදා වහන්සේ වැඩ වාසය කරන ස්ථානය කුමක් වුවත් පත්තිරිප්පුව තමයි එහි සංකේතය විදියට යොදා ගන්නේ.

ඒ නිසා දළදා වහන්සේ වැඩ වාසය කරන මේ දළදා මැඳුරෙ පත්තිරිප්පුව ඉතාම සුවිශේෂියි. පත්තිරිප්පුව කියලා කියන්නේ දේවෙන්ද්‍ර මූලාචාරියා විසින් නිර්මාණය කරන ලද දළදා මාලිගාවේ පිහිටි එක ස්ථානයක්. මේ පත්තිරිප්පුවේ ඉතිහාසය ඉතාම දුරයි. කෙසේ වෙතත් පත්තිරිප්පුව අදටත් බොහෝ බැතිමතුන් අතර සුවිශේෂි ස්ථානයක් බවට තමන්ගේ හිතේ රැඳිලා තියෙනවා. මේ වෙලාවේ අපි පත්තිරිප්පුව ගැන වගේම පත්තිරිප්පුව සහ මේ මොහොතේ ඇතිව තිබෙන කතාබහ සම්බන්ධයෙන් කතා කරන්නයි සූදානම් වෙන්නේ.

එහිදී පත්තිරිප්පුව ගැනත් පත්තිරිප්පුව හා සමාන යැයි සලකන ව්‍යාජ දළදා මැදුරක් යැයි නම් කරන ලද ආන්දෝලනයකට තුඩු දුන් ස්ථානයක් මෙසේ ආන්දෝලනවලට තුඩු නොදුන් වෙනත් ස්ථාන ගැනත් අප කතා කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙහිදී අප කිසිදු පාර්ශ්වයකට පක්ෂ හෝ විපක්ෂ වන්නට උත්සාහ කරන්නේ නෑ. ඒවගේම මේ කටයුත්ත හරිද වැරදිද කියන එක සම්බන්ධයෙන් අපිට අදහස් දක්වන්න පුළුවන් කමකුත් නෑ. ඒකට හේතුව වෙන්නේ අපි මේ තරම් සංකීර්ණ කාරණයකට උත්තර දෙන්නට තරම් ඇසූ පිරූ තැන් ඇති අය නොවීම.

මක්නිසාද යත් මෙහි ඇති කාරණය ඉතාම සංවේදී කාරණයක්. මෙය දේශපාලනික වශයෙන් කියවා ගන්නවාට වඩා ආගමික වශයෙන් කියවා ගැනීමෙන් වඩාත් වැඩි ප්‍රතිඵල ලැබෙතැයි සමහර විට කෙනෙක් බලාපොරොත්තු විය හැකියි. නමුත් අප හිතන්නේ මේ කාරණය දේශපාලනිකව හෝ පැහැදිලි කරන්නට නොයා ආගමිකව පැහැදිලි කර ගැනීම තමයි වඩාත් භයානක සහ සංවේදී කාරණය බවට පත් වෙන්නේ.

ආගම කියල කියන්නේ මිනිසුන්ගේ හදවතේ වැඩි ඉඩක් තියෙන තැනක්. කොහොමත් මිනිස්සු ආගමට ටිකක් වැඩිපුර ළැදියි. ලෝකයේ වැඩිපුරම යුද්ධ සිද්ධ වෙලා තියෙන්නේ ලෝකයේ වැඩිම මනුෂ්‍ය සංහාර සිද්ධ වෙලා තියෙන්නෙත් ලෝකයේ අදටත් මිනිස්සු ගැටෙන්නේත් මේ ආගම් හේතුවෙන්. මිනිස්සු දැඩි ආගමික භක්තිකයන් වීම සහ කිසිසේත්ම ආගමිකයන් නොවීම ඇතැම් වෙලාවට ගැටලු ඇති කරන්නට හේතු වෙන්න පුළුවන්. කොහොම වෙතත් කෙනෙකුට තමන්ගේ ආගම කුමක් වුවත් තමන්ගේ ආගමට ආදරය කළත් නොකළත් ආගම මූලික කොටගෙන සිදුවන ක්‍රියාවන්වලට එරෙහි වීමට හෝ ඒවාට විවේචන ඉදිරිපත් කිරීමට සාමාන්‍යයෙන් හැකියාවක් නෑ. ලියුම්කරු විශ්වාස කරනවා එවැනි දේවල් නොවිය යුතු බවට. ඒකට හේතුව තමයි ආගමක් කියල කියන්නේ අනාදිමත් කාලයක් තිස්සේ මිනිස්සු විසින් ආරක්ෂා කරගෙන පවත්වා ගෙන එන ලද දෙයක්. එසේ ආරක්ෂා කරගෙන පවත්වාගෙන එන දේ වලට අදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කිරීමට හෝ ඒවා විවේචනය කිරීමට අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට හැකියාවක් ඇති නමුත් එම විශ්වාසයන් කඩා බිඳ දැමීමට හෝ ඒවා වෙනස් කිරීමට ඒවාට අතිරේක කාරණා එකතු කිරීමට සාමාන්‍යයෙන් හැකියාවක් ලැබෙන්නේ නෑ. සාමාන්‍යයෙන් කළ යුතු වෙන්නේ නෑ.

නමුත් යම් කිසිවෙක් ආගම ඉස්සරහට දාගෙන ආගම මූලික කොටගෙන ආගම විකුණගෙන කනවා නම් ඒක ආගමික වශයෙන් නෙමෙයි දේශපාලනික වශයෙන් වරදක් විදියට හඳුනා ගත යුතුයි. එහෙම අයට ආගමිකව නෙමෙයි දේශපාලනිකව දඩුවම් ලබා දිය යුතුයි. එහෙම අයට ආගමිකව දඬුවම ලැබෙන්නේ ඊලඟ ආත්මයේදී, ස්වර්ගයේදී, දිව්‍ය ලෝකයේදී, අපායෙදී කියන කාරණය ගැන කතා කරමින් ඉන්නෙ නැතුව රටක තියෙන සිවිල් නීතිය හෝ අපරාධ නීතිය පාවිච්චි කරල ඔවුන්ට දඬුවම් ලබා දීම තමයි කඩිනමින් කළ යුතු කාරණය වෙන්නේ.

එහෙම නොවුනොත් ඒ අය සමාජ පිළිල බවට පත්විය හැකියි. ඒ නිසා මේ කාරණය හරියට වටහා ගැනීමටයි අපි ඔබට ආරාධනා කරන්නේ. කවුරු හෝ කෙනෙක් ආගමික සිද්ධස්ථානයක් පෙන්වාගෙන ඉන් මුදල් හම්බකර ගැනීමට උත්සාහ කරනවා නම් ඔවුන් වැරදිකරුවන් විදියටයි අපි හඳුන ගන්නේ. ඒකට අයිති වෙන්නේ සාමාන්‍ය සිවිල් පුරවැසියන් පමණක් නොවන බවත් අප තරයේ කියා සිටිනවා. අපි හිතනවා මේ රටේ ඉන්න සමහර භික්ෂූන් සමහර චීවරධාරීන් සමහර ආගමික ප්‍රධානීන් සමහර කපුමහත්වරුන් සමහර ගිහි දායකයන් සමහර පැවිද්දන් ඇතුළු සියලු දෙනාම මෙවැනි වූ කාර්යයන් වල නියැළෙන බව. එසේම අපි විශ්වාස කරනවා රටේ තිබෙන ප්‍රධානතම ආගමික සිද්ධස්ථානවල සිට ප්‍රකට – අප්‍රකට අලුත් -පරණ සියළුම ආගමික ස්ථානවල මේ කටයුත්ත ඕනෑම මොහොතක සිදුවිය හැකියි කියා.

එහෙත් අපි කියන්නේ නෑ හැම ආගමික සිද්ධාස්ථානයක්ම හැම වෙලාවකම ඒ දේ සිද්ධ කරනවා කියා. අපි කියන්නේ ඇතැම් ආගමික ස්ථානවල මෙය සිදුවිය හැකියි. ඒ සිදුවෙන්නේ අදද හෙටද ලබන සුමානෙද නැත්නම් අනාගතේද කියන එක ගැන අපිට මේ මොහොතෙ කියන්න බෑ. ඒ නිසා ඔබ යම් හෙයකින් මේ ලිපිය කියවා ඉන් අනතුරුව ශෝකයට හෝ කලබලයට පත් වීමට ඉක්මන් විය යුතු නෑ. ඒ ඔබට ඇතැම් විට ශෝක වීමට හෝ කලබල වීමට නිසි දවසට නිසි වෙලාවට නිසි ආකාරයේ ඉඩක් ලැබෙන්නට ඉඩ කඩ තියෙන නිසා.

මෙහිදී අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා පත්තිරිප්පුව කියන්නෙ මොකක්ද කියලා. දළදා මාලිගාවේ සංකේතය විදියට සලකන මේ පත්තිරිප්පුව අද වෙනකොට විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. පත්තිරිප්පුව නිර්මාණය කරල තියෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ දී. එහිදී පත්තිරිප්පුව හදවන්න එතුමා සැලසුම් කරලා ඒ සඳහා සැලසුම් සහ ආකෘති කැඳවලා තියෙනවා. දේවේන්ද්‍ර මූලචාරි විසින් ලබා දුන්නු ආකෘතිය තමයි මේ විදියට අද පත්තිරිප්පුව බවට පත් වෙලා තියෙන්නේ. මෙහිදී දේවේන්ද්‍ර මූලචාරිගේ ආකෘතියට රජතුමා කැමැත්ත පළ කරලා කෙසෙල් කඳන් හා පතුරුවලින් මේ පත්තිරිප්පුවේ ආකෘතියක් සකස් කළ බව කියවෙනවා. මේ ආකෘතියට තමයි රජු අනුමැතිය දීලා තියෙන්නේ.

මේ නිර්මාණශීලී පත්තිරිප්පුව නිර්මාණය වෙන්නේ 1812දී කියලයි කියන්නේ. ඇත්තටම මේක දළදා මාලිගාවේ කොටසක් හැටියට නෙමෙයි ඉදිවෙලා තියෙන්නේ. මෙය නිර්මාණය වෙන්නේ රජතුමාට වැසියන් ඉදිරියේ පෙනී සිටීමේ ස්ථානයක් විදියට. ඇත්තටම යුක්තිය පසඳලීමේ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ මේ ස්ථානයේදී කියලා තමයි කියන්නේ. ප්‍රසිද්ධ නඩු තීන්දු රාශියක් මේ ස්ථානයේදී ලබා දීල තියෙනවා. ඒ අතර එකක් තමයි ඇහැලේපොල පවුල සම්බන්ධව දීපු තීන්දුවත් අපි අහල තියනවා මෙතැන ඉඳන් තමයි ලබා දුන්නෙ කියලා.

මේක රජතුමාගේ විවේකාගාරය රජතුමා දළදා පෙරහැර නැරඹූ ස්ථානය මහ මළුවෙ පවත්වන මල්ලව පොර හා කඩු සටන් ආදී නරඹන්න එතුමන් යොදා ගත්ත ස්ථානය කියලත් සඳහන් වෙලා තියෙනවා. පත්තිරිප්පුව ඉදිකිරීම සඳහා නා ලී ලබා ගෙන තියෙන්නේ මාතලෙන් කියල කියවෙනවා.
මේ දේවේන්ද්‍ර මූලචාරි කියලා කියන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජාධි රාජසිංහ වගේ රජවරු ඉදිරියේ රජකම් කරපු කෙනෙක්. ඔහු අතිදක්ෂ නිර්මාණ ශිල්පියෙක්. ඔහු තමයි මඟුල් මඩුව නිර්මාණය කරල තියෙන්නෙත්. මේ වගේ විශේෂ නිර්මාණ රාශියක් ඔහු විසින් සිද්ධ කරල තියෙනවා.

පත්තිරිප්පුව ගැන නම ලැබිල තියෙන්නෙ “පාර්තු ඉරිප්පු” කියන විදියට. පාර්තු කියන්නේ බලනවා කියන එකට ඉරිප්පු කියන්නේ ඉඳගෙන කියන එක. මේ දෙමළ වචනය තමයි මේ පාර්තු ඉරිප්පු කියන එක පත්තිරිප්පුව බවට පත් වෙලා තියෙන්නේ. පහු කාලීනව ඉංග්‍රීසි සමයෙදි පත්තිරිප්පුව මහනුවර කච්චේරිය විදියට භාවිතා වෙලා තියෙනවා. ඒවගේම රොබට් බ්‍රවුන්රින්ග් ආණ්ඩුකාරවරයා මේක කාර්යාලයක් විදියට පවත්වලත් තියෙනවා. පත්තිරිප්පුව පුස්තකාලයක් බවටත් පස්සෙ පත්වෙලා තියෙනවා. කොහොම නමුත් මේ පත්තිරිප්පුව හා සමාන නිර්මාණයක් ඉදිවීමත් එක්ක ඒ සම්බන්ධව විශාල ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ විදියෙ එක නිර්මාණයක් තියෙනවා ආනමඩුවෙ. ඒ වගේම තව නිර්මාණයක් තියෙනවා 1987 කතරගම දි ඉදිවෙච්ච එකක් විදියට.

මේ නිර්මාණ පසුකාලීනව හොඳින් පාවිච්චියට නොගත්තත් ඒ කාලෙදි මේ ඇතැම් වෙලාවට ඒවා දළදා මාලිගාවෙ නැත්නම් පත්තිරිප්පුවෙ ආකෘතිය හා සමානවම තිබුණු බව තමයි බොහෝ අය කියන්නෙ. නමුත් මේ මහියංගනය ආනමඩුව කියන ප්‍රදේශ වලත් මේ විදියටම දළදා මාලිගාවේ ආකෘතියට සමාන නැත්නම් පත්තිරිප්පුවෙ ආකෘතියට සමාන ගොඩනැගිලි තිබිල තියෙනවා. කතරගම තමයි අර අපි කලින් කියපු ගොඩනැගිල්ල තිබිල තියෙන්නෙ. එම ගොඩනැගිල්ලේ මේ පත්තිරිප්පුව හා සමාන කොටසක් තිබුණා. ඒ වගේම අඹන්පොල නාමල් අංග විහාරයේත් මේ විදියට පත්තිරිප්පුව හා සමාන එක්තරා ඉදිකිරීමක් අපිට දකින්න ලැබෙනවා. කුරුණෑගල නුවර පාරෙ පිහිටි දේවස්ථානයක් ගැන ඇතැම් තැන්වල කියනවා. මේ දේවස්ථානය කළු ගලක් පාමුල ඉදිකරල තියෙන්නෙ. ඇත්තටම මේක යම් ආකාරයක පත්තිරිප්පුවක ආකෘතියක් සහිතව පේන්න තියෙනවා. යම් වෙනස්කම් සහිතවයි ඇත්තට මේ ආකෘතිය නම් සඳහන් වෙලා තියෙන්නෙ. එහි කුරුසයක සලකුණ පවා සඳහන් වෙලා තියෙනවා.

ඉතිං කොහොම නමුත් මේ පහුගිය දවසක ඉදිවෙච්ච නව දළදා මාලිගා ආකෘතිය මේ වන විට කඩා බිඳ දමා ඉවත් කොට තිබෙන බව දැන ගන්න ලැබෙනවා. මෙහි විශේෂත්වය ඒ ගැන හොයා බලද්දි අපිට දැන ගන්න ලැබෙන කාරණය තමයි මේ පත්තිරිප්පුවෙ ආකෘතිය හැඩය පමණක් නෙමෙයි මෙහිදී ඔවුන් දිගින් දිගටම කියල තියෙනවා දැන් දළදා වහන්සේ දළදා මාලිගාවේ නැතිබවත් එය වෙන රටක තිබෙන බවත් මේ මාලිගාවට වැඩමවන බවත් ඒ නිසා එහි යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වුණු බවත් කියවෙනවා. ඉතිං ඒ සම්බන්ධව තමයි මේ වනකොට කතා බහක් ඇති වෙලා තියෙන්නේ. අපි මේ ලිපිය ලියන්නේ කවුරුත් සාධාරණ හෝ අසාධාරණ බව කියන්න නෙමේ.
ලංකාවේ මේ විදියෙ ඉදිකිරීම් කිහිපයක් සිද්ධ වෙලා තියෙන බව කියන්නත් අපිට අවශ්‍ය වුණා. ඒ වගේම අවුකන පිළිමය ආකෘති, සමාධි පිළිමෙ ආකෘති, ඇතුළු වෙහෙර විහාරස්ථානවල ආකෘති ඉදිකිරීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. සාංචි විහාරයේ ආකෘතියක් සාංචි දාගැබේ ආකෘතියක් අපි දැකලා තියෙනවා මීරිගම පැත්තෙ පන්සලක ඉදිවෙලා තගලග කියන විහාර ස්ථානය ඉදිවෙලා තියෙන ආකාරය.

විදෙස් රටවල්වල තියෙන සමහර නිර්මාණ වල ආකෘති ලංකාවේ ඉදිවෙනවා. එවගේම මිහින්තල ආකෘති පොසොන් පෝයට ඕන තරම් ඉදිවෙනවා. වෙහෙර විහාරස්ථානවල ආකෘති ඕන තරම් සිද්ධ වෙනවා. ඒ නිසා ආකෘති ඉදිකිරීම් වරදක්ද කියන ප්‍රශ්නයට උත්තරය ඔබ සකස් කරගත යුතුයි. නමුත් අපි මේ කතා කරන්නේ ආකෘති ඉදිකිරීම හරිද වැරදිද කියන එක ගැන නොවෙන නිසා ඒ ගැන ඇත්තටම කතා කරල වැඩක් නැති වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ කියන ප්‍රශ්නයට හේතුවත් 100 ආකෘති ඉදිකිරීමක් පමණක් නොවෙන බවත් අපිට පේන්න තියෙනවා. කොහොම නමුත් මේ හරහා තම තමන්ගේ නැතිවෙලා ගියපු දේශපාලන ප්‍රහර්ෂ ඇති කර ගන්න සමහරු සූදානම් වෙන හැටිත් අපිට පේනවා.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මෙන්න අලුත්ම කැබිනට් තීන්දුව! සමෘද්ධි ලැබෙන අයටයි නොලැබෙන අඩු ආදායම් ලැබෙන අයටයි ආණ්ඩුවෙන් හාල් කිලෝ 10ක්! හැබැයි පුතෝ මාස 2යි!

Next Post

පාර්ලිමේන්තුව 27 කල් තියන්න ජනපති තීන්දු කරයි! යළි විවෘත කිරීම 8 වැනිදා! EXCLUSIVE

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.