පාර්ලිමේන්තුව ලබන 27 වැනිදා කල් තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇත.
අද සවස පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මේ බව සදහන් කොට තිබේ.
එසේ කල් තබන පාර්ලිමේන්තුව නැවත පෙබරවාරි 08 වැනිදා නැවත විවෘත කරනු ලැබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් පාර්ලිමේන්තු කමිටු සදහා මන්ත්‍රීවරුන් සහභාගී නොවන බවට කළ විමසීමට අනුව ජනාධිපතිවරයා මේ බව දැනුම් දී තිබේ.
මෙසේ ලබන 27 වැනිදා පාර්ලිමේන්තුව කල් තැබීමත් සමග කෝප් සහ කෝපා කමිටු අහෝසි වීමට නියමිතය.