ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන Lenovo සමාගම ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනාගාරයක් විවෘත කරන බව පසුගිය දෙසැම්බර් මාසයේදී නිවේදනය කළේය. ඒ අනුව Lenovo නිෂ්පාදන අලෙවි කරන ‘Ktronix’ අලෙවිසලක් කොළඹ 4 Unity Plaza බිම් මහලේ විවෘත කර තිබේ.
Lenovo නිෂ්පාදන පමණක් අලෙවි කෙරෙන මෙම ප්‍රදර්ශනාගාරයේදී ඉලෙක්ට්‍රොනික උපාංග, පරිගණක දෘඪාංග ඇතුළු බොහෝ දේ අලෙවි කෙරෙන අතර එම නිෂ්පාදන අතරට Lenovoහි ජනප්‍රියම නිෂ්පාදන අතරට එක්වී ඇති ThinkPad සහ Legion series වැනි නිෂ්පාදන ඇතුළත් වේ. පාරිභෝගිකයන්ට නවෝත්පාදනයන්ගේ මහිමය සමීප කරමින් තම ආවරණ පරාසය පුළුල් කිරීමට උත්සාහ කරන Lenovo 2020/2021 මූල්‍ය වර්ෂය තුළ තව තවත් නව ප්‍රදර්ශනාගාර විවෘත කිරීමට සැලසුම් කර ඇත.











