ශ්‍රී ලංකාවේ ප්‍රකට නීතිවේදියකු මෙන්ම විදේශ රටවල් කිහිපයක ශ්‍රී ලංකා තානාපති ධුරයන්ද දැරූ ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබෙන තානාපතිවරුන්ගේ සංසදය (Ambassadors Forum) විසින් නවතම ග්‍රන්ථ ප්‍රකාශනයක් එළිදක්වා ඇත.
මානව හිමිකම් සංවර්ධනය සහ නව ලෝක පිළිවෙත පිළිබඳ විදේශ ප්‍රතිපත්ති ඉදිරි දර්ශනය 22/25 (Foreign Policy Prespectives on Human Rights Development and New World Order 20/25) යනුවෙන් නම්කර ඇති මෙම ග්‍රන්ථය විශේෂාංග ලිපි 25කින් සමන්විත අතර, එය සම්පාදනය කර ඇත්තේ සරත් විජේසිංහ සහ අමිල විජේසිංහ යන මහත්වරුන් විසිනි.
වර්තමානයේ රට මුහුණදී සිටින විදේශ ප්‍රතිපත්ති සහ මානව හිමිකම් සම්බන්ධ ප්‍රධාන කරුණුවලට අදාළව සිදුකළ යුතු සාකච්ඡාවට මෙම ග්‍රන්ථය කාලෝචිත වූ සම්පාදනයකි. මෙම ග්‍රන්ථයේ ලිපි ප්‍රකට වෘත්තීය විද්වතුන්, දේශපාලන විචාරකයන් සහ මාධ්‍යවේදීන් විසින් සම්පාදනය කර ඇත.
මෙහි පළමු පිටපත එහි ප්‍රධාන සංස්කාරක, ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතා අතින් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිනිය වන සරෝජා සිරිසේන මහත්මියට ප්‍රදානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.












