මුහුණුපොත ඔස්සේ කපුවකුට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැහැරගෙන ගොස් අම්පිටිය ප්‍රදේශයේ කන්දක් මුදුනේදී ලීකොටවලින් සැකසූ කුරුස ආකෘතියකට තබා යකඩ ඇණ ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ ඔහුගේ කල්ලිය අල්ලා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
පැහැර ගැනීමේ සිද්ධියට යොදාගත් වෑන් රථයක් ද විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් දහ දෙනකු සැඟව සිටින බව ද පොලිසිය සඳහන් කරයි.










