ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වහාම ඉල්ලා අස්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.
රටේ වත්මන් තත්ත්වයට වගකිවයුත්තන් එම තනතුරුවල සිටියදී අගමැතිකම පමණක් වෙනස් කිරීමෙන් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවන බව හෙතෙම අවධාරණය කළේය.
පවතින අර්බුද විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ද එම පක්ෂය ඉල්ලා සිටියේය.
“අගමැති ධූරය දරන පුද්ගලයාගේ වෙනසක් සිදුවුවද රාජපක්ෂලා ආණ්ඩුකරණයේ බොහෝ සෙයින් සිටිති. ඔවුන් කොහේවත් ගොස් නැත. ඔවුන් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පෙන්වන අතර ඔහුත් එසේ කිරීම ගැන සතුටු වෙනවා.. මෙම තත්ත්වය වෙනස් නොකළහොත් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඊයේ යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
අග්‍රාමාත්‍ය ධූරයේ පුද්ගලයා වෙනස් කළ පමණින් පවතින තත්ත්වය වෙනස් වනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස නොකරන බවද ඔහු පැවසීය.