• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!
Share on WhatsAppShare on Facebook

ලක්බිම විවිධ යුගයන්හි විවිධ ජාතීන්ට විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවිය. ඒ ඇතැම් අවස්ථාවන්හිදී මෙරට පාවාදෙන්නන්ගේම වරදින් මේ උතුම් හෙළ බිම විවිධ ජාතීන්ගේ යටත් විජිතයක් බවටත්, තවත් විටෙක මෙහි විවිධ පළාත් පිට දේශක්කාර පාලකයන්ගේ බලයටත් යටත් විය. එක්සේසත් රටක් ලෙස තිබූ සිය මවු පොළොව එලෙස කැඩී බිඳී කොටස් බෙදෙනවාට එදා මෙදාතුර කාලයේ මවු බිමට ආදරය කළ බොහෝ දෙනක් අකැමැති වූහ. තම මවු පොළොව මත හිඳ පරදේශක්කාරයන්ට හිස නමන්නට ඒ අභීත හෙළයහෝ අකැමැති වූහ. ඔවුහු සෑම විටම නැගී සිටියේ එනිසාය.

කිනම් පාවාදෙන්නාගේ වරදින් හෙළ බිමේ එක්සේසත් බව ගිලිහී ගියද යළි මේ රට එක්සේසත් කරන්නට හෙළයකුම ඉදිරිපත් විය. එලෙස විවිධ අවස්ථාවන්හි රට අනතුරේ වැටුණු සෑම විටම රට එක්සේසත් කරන්නට හෙළ වීරයකු පෙරමුණ ගත්තේය. එලෙස පෙරමුණ ගෙන මවුබිම එක්සේසත් කිරීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණේය. අවසානයේ ලෙයින් කඳුළින් දහඩියෙන් කැපවී මවුබිමේ ඒකීයභාවය ආරක්ෂා කොට එක්සේත් කරන්නට ඒ විරුවන්ට හැකියාව ලැබිණි.

එදා මෙදාතුර ඉතිහාසයේ එවන් විරුවන් කිහිප දෙනකු ගැනම අසන්නට ලැබුණත් ඒ අතරින් දුටුගැමුණු මහරජු ගැන ඇති කතිකාව ප්‍රධාන වෙයි.

එකල මෙරට පාලන බලය බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි එළාර රජුගේ දුර්දාන්ත පාලනය හේතුවෙන් ජනයාට උරුමවී තිබූ ඛේදනීය තත්ත්වය ගැන ඉතා කනස්සල්ලෙන් පසුවූ ගැමුණු කුමරු රාජ්‍යත්වයට පෙර සිටම එළාරගේ මේ නොමනා පාලනය ගැන විරසකව සිටි අයෙකි. නිතර නිතර සිය පිය රජුට එළාරට එරෙහිව සටන් කරන්න යැයි බල කළද එහි පලක් නොවූ තැන රජ මාලිගයෙන් පවා පිටව ගිය ගැමුණු කුමරු රාජ්‍යත්වයට පත්වූයේම මේ රට එළාරගෙන් මුදාගෙන එක්සේසත් කරමියි සපථ වෙමිනි.

පොරොන්දු පරිදිම ඔහු එම කටයුත්ත හරියටම කළේය. සිය බුද්ධියත්, වීරෝදාර රණ ශූරයන් මනාව උපයෝගී කරගනිමින් ලක්බිම එක්සේසත් කළ දුටුගැමුණු රජු එයින් නොනැවතී මෙරට ජනයාගේ හිතසුව පිණිස ආගමික හා ශාසනික සේවාවන් රැසක්ද ඉටු කළේය. එම සේවාවන් අතරින් අද්විතීය ස්ථානයක් රුවන්වැලි සෑය ඉදිකිරීමට හිමිවන අතර විශ්වය පවතින තාක්කල් පවතින ආකාරයේ අග්‍රගණ්‍ය නිමැවුමක් ලෙස සැලකෙන රුවන්වැලි මහා සෑය වැනි විශිෂ්ට වූ දායාදයක් බෞද්ධ ජනයාට ලබාදීමට හැකි එක්සේසත් රටක් ගොඩනැගීම උදෙසා සෑම යුදමය කටයුත්තකදීම ගැමුණු කුමරුට ශක්තියක් ආරක්ෂාවක් වූ රන් කඩුව සුරක්ෂිතව ඇති අපූරු පුදබිමක් පිළිබඳ හෝඩුවාඩුවක් ලැබී ඇතැයි පැවැසුවහොත් ඔබ පුදුම වනු ඇත.

එම පුදබිමට යෑමට හලාවත සිට පුත්තලම දෙසට කිලෝමීටර් හතකට ආසන්න දුරක් ගමන් කරද්දී දකුණුපසින් හමුවන ආණමඩුව මාර්ගය ඔස්සේ කිලෝමීටර් දොළහක් පමණ යායුතු වෙයි. දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන් අතරින් කැපීපෙනෙනා වීරත්වයක් හිමි යෝධයකු සේ සැලකෙන නන්දිමිත්‍ර යෝධයා මේ විහාරය කරවූ බවට තොරතුරු හෙළිවන අතර එම කටයුත්ත ක්‍රිස්තු පූර්ව 169-131 අතර කාලයේ සිදුකරන්නට ඇති බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

එළාරට එරෙහි සටන ඉතා සාර්ථකව අවසන් කර තුන් සිංහලය එක්සේසත් කරන්නට හැකි වීමෙන් පසු තමන්ට එම කටයුත්ත කරන්නට ශක්තියක් වූ දසමහා යෝධයන්ට කළගුණ සැලකීමට ගැමුණු රජු ගත් තීරණයට අනුව ඔවුන්ට ගම්වර තිළිණ කෙරෙන අතර නන්දිමිත්‍ර යෝධයාට සිය උපන් ගම වන මෙම පල්ලම ප්‍රදේශයේම එනම් දැදුරු ඔයෙන් උතුරු කොටසින් අක්කර 4,000ක් ලබාදී තිබේ. පසුව ඔහුට දැදුරු ඔයෙන් උතුරුබඩ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයකු ලෙස කටයුතු කරන්නට ගැමුණු රජුගේ අවසර ලැබී ඇත.

කෙසේ නමුත් නන්දිමිත්‍ර සිය උපන් ගම වන පල්ලම ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නන්දිමිත්‍රාරාම නවවංගු විහාරය විශේෂිත කරුණු කාරණා රාශියකින් සමන්විත වෙයි.

මෙම විහාරය පිහිටි බිම අතීතයේ කඩොල් ඇතු ගාල් කළ ස්ථානයක් ලෙසත් යුද ජයග්‍රහණය ලද මොහොතේ ජයපැන් පානය කළ ස්ථානය ලෙසත් සලකන අතර නන්දිමිත්‍ර සිය සහෝදරයන් නවදෙනා සිහිවීම උදෙසා අංග නවයකින් යුත් නෙලුම් මලක් මත මෙම චෛත්‍යය ඉදිකර ඇති බවයි කැණීම්වලින් හෙළිවී ඇත්තේ. එමෙන්ම මෙම ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේද රුවන්මැලි සෑය ඉදිකිරීම ආරම්භ කළ දිනට පසු දින බවයි පැවසෙන්නේ.

අතීතයේ වර්ග කිලෝමීටර් 146කින් යුක්තව විශාල විහාර භූමියක්ව පැවැති බවට පැවසුණද වර්තමානයේ එය වෙනස් වී තිබේ. කෙසේ නමුත් මෙම නන්දිමිත්‍රාරාම නවවංගු විහාරය සුවිශේෂ වන ප්‍රධානම කාරණාව වන්නේ මෙහි පිහිටි දාගැබේ එදා දුටුගැමුණු රජු භාවිත කළ රන් කඩුවක්, කඩොල් ඇතුට පැලැන්දූ රන් දම්වැලක් තැනැපත් කොට ඇති බවට වූ විශ්වාසයයි. තවද මෙම දාගැබේ පාදම වංගු නවයකින් ඉදිකර සහෝදරයන් නවදෙනා සිහිවීම සනිටුහන් කර ඇති බවත් පැවසේ. එනිසාම මෙය නන්දිමිත්‍රාරාම නවවංගු විහාරය ලෙසින් නම්කර ඇති බවද සැලකේ. මේ වන විට ගරාවැටීමට ලක්ව ඇතත් අවට කරන ලද කැණීම්වලින් හමුවූ ශෛලමය කොටස්වලින් මෙම ස්ථානය අනුරාධපුර යුගයට අයත් බවට හඳුනාගෙන තිබේ.

එකල මෙහි දෙමහල් ගොඩනැගිලි සහ තවත් ගොඩනැගිලි රාශියක් තිබී ඇති බවට තොරතුරු හෙළිවන අතර අතීතයේ මේ විහාරයට අයත්ව තිබුණා යැයි සැලකෙන අසල ඉඩමකින් ජීවමාන ප්‍රමාණයේ පිත්තල ප්‍රතිමාවක් හමුවී ඇති බවත් පැවසෙනවා. එය මිහිඳු හිමියන්ගේ බවටයි පැවසෙන්නේ.

ඒ සියල්ලටම අමතරව මේ විහාර භූමියේ කරන ලද කැණීම්වලින් දිය නොසිඳෙන පොකුණු ඇතුළු පුරාවිiා වටිනාකම් සහිත ස්ථාන රාශියක් හඳුනාගෙන තිබේ. එමෙන්ම එදා දසමහා යෝධයන්ගේ සුවිශේෂ හැකියාවන් ගැන මනාව කියාපාන ගල් කණු රාශියක්ද මේ බිමේ දැකිය හැකි වේ. ඒ සියල්ල සමග අදටත් මෙහි දාගැබ අසල දක්නට ඇති ගල්පතුර ගැනද සුවිශේෂ කතාවක් වෙයි. එනම් නන්දිමිත්‍ර මේ විහාර කාර්යයට සිය ශ්‍රමයෙන්ද දායකත්වය ලබාදී ඇති අතර දුටුගැමුණු රජු කලුරිය කළ පුවත ඔහුට ලැබෙන විට ඔහු විහාරයේ අවශ්‍යතාවක් සපුරන්නට මෙම ගල් පොත්ත ඔසවාගෙන යමින් සිට ඇති අතර එම ශෝකජනක පුවතට සංවේදී වූ නන්දිමිත්‍ර අතින් ගල් පොත්ත අතහැරී තිබේ. පසුව එම ගල් පතුර සිහිවටනයක් ලෙස එලෙසම තැබූ බවටත් මතයක් පවතී.

කෙසේ නමුත් ලක් පොළොවේ එක් තීරණාත්මක යුගයකදී එකී අභියෝග ජයගෙන ලක් දෙරණ එක්සේසත් කරන්නට වීර නරපතියකුට ශක්තියක් වූ ඒ රන් කඩුවට හිමිවනුයේ සුවිශේෂ අගයකි. එහි අගය නිසාම නන්දිමිත්‍රාරාම නවවංගු විහාරයට හිමිවනුයේද විශේෂ ස්ථානයකි. මෙවන් පූජනීය වටිනා ස්ථාන අනාගතයට ආරක්ෂා කිරීම අප කාගේත් වගකීමක් බව සිතීම හැමගේ යුතුකමකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

Next Post

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

MORE NEWS

Exclusive

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Exclusive

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩු එනවා යනවා! නායකයෝ එනවා යනවා! ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි! විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නීතීඥ සංගමයෙන් තවත් සම්මන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන බය හිතෙන කතාවක් කාලගුණෙන් එළියට දමයි! ඔක්තෝබර්-නොවැම්බර් භයානකයි!  I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වහයි! තුන්වන ප්‍රහාර වටයට අමෙරිකාව ලකලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

Load More
Exclusive

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

උතුරෙන් තමිල්නාඩුවට තමිල්නාඩුවේ මහජන විප්ලවයකින් බලය අල්ලා මහඇමැති ධුරයට පත්වූ සුපිරි නළු තලපති විජේ දිවුරුම් දෙන විටදී අප ‘රාජ්‍ය රහස්’...

Read more

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩු එනවා යනවා! නායකයෝ එනවා යනවා! ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි! විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නීතීඥ සංගමයෙන් තවත් සම්මන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන බය හිතෙන කතාවක් කාලගුණෙන් එළියට දමයි! ඔක්තෝබර්-නොවැම්බර් භයානකයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.