කාන්තාවන්ට සහ දරුවන්ට එල්ල වන තර්ජන මැඩලීමට සියලු පාර්ශ්ව එක්විය යුතු බවත් එවැනි හිංසනයන් තුරන් කිරීමට සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි වනිතා බලවේගය නියෝජනය කරන එහි සභාපතිනියවන පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල මහත්මිය ඇතුළු නිලධාරි මණ්ඩලය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.
සමගි වනිතා බලවේගය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි වැඩසටහන් පිළිබඳව එහිදී පුළුල් වශයෙන් සාකච්ඡාවට ගැණිනි.










