ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූයේ කෙසේද යන්න තමන් නොදන්නා බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා සදහන් කොට ඇත.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාට පවා අමාත්‍යංශය මගින් වියදම් නොදැරූ බවකි.
එමෙන්ම අනෙකුත් ඇමැතිවරුන් සදහා මුදල් ලබා දුන්නේ කව්රුන්ද යන්න සම්බන්ධයෙන් තමන් නොදන්නා බවද හෙතෙම සදහන් කොට තිබේ.
කෙසේවෙතත් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවේදී ජනමාද්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ එම අමාත්‍යවරුන් අනුග්‍රාහකයන් හරහා ඊට අදාළ මුදල් සොයාගෙන ඇති බවකි.
නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, තමන් පෞද්ගලික වියදමින් එහි පැමිණි බවත්ය.










