රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම නිලධාරීන් එම රාජකාරි කටයුතු කිරීමට විරෝධය දැක්වීම හේතුවෙන් කොරෝනා එන්නත්කරණ රාජකාරීවලින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඉවත්වී තිබේ.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සමෘද්ධි සහ සංවර්ධන නිලධාරීන් මෙන්ම ග්‍රාමසේවා නිලධාරීන් ද එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධ වීම අනවශ්‍ය අතපෙවිමක් ලෙස අර්ථ දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යවා තිබෙන බවයි.











