ගෝඨාභය රාජපක්ෂ මහතා වටකරගෙන ඉන්න ඇතැම් නිලධාරීන් තණකොළ ගහක් පෑගිලා නැති කුරුම්බා ගෙඩියක් කට තියලා බීලා නැති, ගහක මලක් නෙලලා පූජා කරලා නැති අතින් බත් ටිකක් අනලා කාලා නැති පිරිසක් ඉන්නේ. ඉංග්‍රිසියෙන් හිතන ටයිකෝට්කාරයේ අස්සේ රිංගලා ඉන්නවා බෝනගේන්කාරයෝ… පාත්පයින්ඩර්කාරයෝ… මේ තමයි හෙණේ. අපිට දුකයි ගෝඨාභය මහත්තයා ගැන… යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.
රජය සතු ඉඩම්, පුද්ගලීකරණය කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු ජනවරමක් ලැබී නොමැති බවද උන්වහන්සේ පැවසූහ.
අද (10) පස්වරුවේ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්,
“මේ අවස්ථාවේ රජය සෙලන්දිව නමින් පෝට්සිටි එක යටතේ සමාගම් 3ක් පිහිටුවලා අපේ රජය සතු ආයතන, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, ගෆූර් ගොඩනැගිල්ල, යොක් වීදියේ රජයට අයත් ගොඩනැගිලි, විදේශ අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල, තැපැල් දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ල, පොලිස් මුලස්ථානය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය, කොම්පඤ්ඤවීදිය පොලීසිය, පොලිස් ක්‍රීඩාංගනය, පොලිස් නිවාස සංකීර්ණය ගුවන් හමුදා කඳවුර සහ ක්‍රීඩංගනය, MOD සයිබර් කාර්යාලය කියන සියලුම රජය සතු ආයතන සමාගම් තුනක් යටතේ පිහිටුවලා රාජ්‍ය දේපළ ඒවට පවරාගෙන ක්‍රියාත්මක කරන්න හදනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ රාජ්‍ය දේපළ ජනතාව සතුයි. මේවා අලෙවි කිරීමට හෝ වෙන්දේසි කිරීමට කාටවත් ඉඩදෙන්නේ නෑ. මේවා හරියට සාංඝික දේපළ වගේ කියලා හිතලා කටයුතු කරන්න කියලා අපි රජයට කරුණාවෙන් දැනුම්දෙනවා.“
අපි පහුගිය රජයට විරුද්ධ වුණෙත් මේවට. මේවා කරන්නේ නෑ කියලා පොරොන්දු දීලා ආපු රජයක් මේක. ඒ නිසා දැඩි ලෙස අපි කියනවා මේ රජයට විකුණලා විකුණලා අවසානයේදී මොනවද තව විකුණන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා වටකරගෙන ඉන්න ඇතැම් නිලධාරීන් තණකොළ ගහක් පෑගිලා නැති කුරුම්බා ගෙඩියක් කට තියලා බීලා නැති, ගහක මලක් නෙලලා පූජා කරලා නැති අතින් බත් ටිකක් අනලා කාලා නැති පිරිසක් ඉන්නේ. ඉංග්‍රිසියෙන් හිතන ටයිකෝට්කාරයේ අස්සේ රිංගලා ඉන්නවා බෝනගේන්කාරයෝ… පාත්පයින්ඩර්කාරයෝ… මේ තමයි හෙණේ. අපිට දුකයි ගෝඨාභය මහත්තයා ගැන…










