• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

19 හදපු ජයම්පති ඊළග ජනපතිට තියෙන බලතල ගැන ‌හෙළිකරයි

September 15, 2019
in Politics, Uncategorized
Reading Time: 1 min read
A A
19 හදපු ජයම්පති ඊළග ජනපතිට තියෙන බලතල ගැන ‌හෙළිකරයි
Share on WhatsAppShare on Facebook

මීළඟ ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලතල මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් හිමි වූයේ පසුගිය 10 වැනිදාය. ඒ අනුව දෙසැම්බර් 09 වැනි දිනට පෙර ඕනෑම දිනයක ජනාධිපතිවරණය කැඳවීමේ හැකියාව දැන් මැතිවරණ කොමිසම සතුව ඇත. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන ආකාරයට ජනාධිපතිවරණය පැවැත්විය හැකි පහසුම දිනය වන්නේ නොවැම්බර් 15 වැනිදාය. කෙසේ නමුත් මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ ජනාධිපතිවරණය කැඳවීම මේ මස අවසන් සතිය වන තෙක් කල්යනු ඇති බවය.
මේ වන විට දේශපාලන පක්ෂ 17ක් සහ එක් ස්වාධීන අපේක්ෂකයකු ජනාධිපතිවරණයට තරගවදින බව තමන්ට දැනුම්දී ඇතැයි මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය කැඳවීමේ බලතල කොමිසමට හිමිවූ දිනයේදීමය. ඒ අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයන් මේ වන විටද ප්‍රකාශයට පත්වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්නද බොහෝ දුරට මේ සති අන්තයේදී දැනගැනීමට හැකියාව ලැබෙනු ඇත. බොහෝ දෙනකුගේ විශ්වාසය වන්නේ ශ්‍රී ලංකාවේ බලවත්ම දේශපාලනඥයා ජනාධිපතිවරයා බවය. ඒ බලය ජනාධිපතිවරයාට හිමි වූයේ 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මතය. එම සංශෝධනයෙන් ඇති කළ විධායක ජනාධිපති බලතල යටතේ ජනාධිපතිවරයකුට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියකු කිරීමට සහ පිරිමියකු ගැහැනියක කිරීමට පමණක් බවට වූ ජනප්‍රිය මතයක්ද සමාජගතව ඇත.
එමෙන්ම විධායක ජනාධිපති ධුරය ආරම්භ කළ දින පටන් එයට එරෙහිව දැඩි විරෝධයක්ද සමාජය තුළ මතුවී තිබුණු අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ලේම ප්‍රධාන සටන් පාඨය විය. 1994දී ජනාධිපති ධුරයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ 2005 ජනාධිපතිවරණය ජයගත් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානම මැතිවරණ පොරොන්දුව වූයේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතර බලයක් නොමැති වීම හේතුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එම පොරොන්දුව ඉටුකිරීමට නොහැකි වූ අතර, 2/3ක බහුතර බලයක් තිබුණද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු නොකිරීමද විශේෂත්වයක් විය.
පොරොන්දු වූ ආකාරයෙන්ම ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීමට කටයුතු කළ එකම ජනාධිපතිවරයා වූයේ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. බහුතර බලය නැති ආණ්ඩුවක් යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂද එකතු කරගනිමින් 19 වැනි සංශෝධනය සම්මත කොට ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාට හැකි විය. 2015 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත වුවද, එහි විශේෂ ව්‍යතිරේකයක් යටතේ සඳහන්ව තිබුණේ එම සංශෝධන සියල්ල වර්තමාන ජනාධිපතිවරයාට අදාළ නොවන බවය. 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගෙන් ඉවත් කළ බලතල කිහිපයක් තම ධුර කාලය නිම වනතුරු පවත්වාගෙන යෑමේ බලය එම විශේෂ ව්‍යතිරේකය මඟින් මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමි වූ අතර ඒ අනුව නියමාකාරයෙන් 19 වැනි සංශෝධනය බලාත්මක වන්නේ මීළඟ ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයා යටතේය. 19 වැනි සංශෝධනයෙන් සිදුකළ ව්‍යවස්ථා වෙනස්කම් සියල්ල වර්තමාන ජනාධිපතිවරයාගේ පාලන සමය අවසන් වනතුරු ක්‍රියාත්මක නොවුණද, එහි අඩංගුව තිබූ වැදගත් සංශෝධන රාශියක් 2015 වසරේ සිටම ක්‍රියාත්මක විය. ඒ අතරින් ප්‍රධාන වූයේ වසර හතරහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව සඳහන් වන සංශෝධනයය. එම සංශෝධනයද ඇතුළත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලය ජනතාව හරියටම තේරුම් ගත්තේ පසුගිය වසරේදී හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය වැරැදි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟය.
මීළඟ ජනාධිපතිවරණය සඳහා කොයි ආකාරයෙන් සූදානම් වුවද ඉන් පත්වන්නේ කිසිවක් කරකියාගත නොහැකි ජනාධිපතිවරයෙක් බවට මතයක් මේ අතර සමාජය තුළ නිර්මාණයවී ඇත. 19 වැනි සංශෝධනයෙන් තටු කපාදැමීම නිසා ජනතාව බලාපොරොත්තු වන සහ ඔවුන්ට ලබාදෙන පොරොන්දු කිසිවක් ඉටුකිරීමේ බලයක් අනාගත ජනාධිපතිවරයාට නොලැබෙන බවට මතයක් සමාජගත කිරීමේ උත්සාහයක්ද මේ වන විට සිදුකෙරෙමින් ඇත. 19 වැනි සංශෝධනයෙන් පසුව ශ්‍රී ලංකාවේ පත්වන පළමු ජනාධිපතිවරයාට කළ හැකි දේ සහ කළ නොහැකි දේ මොනවාදැයි සොයාබැලීමට අප අදහස් කළේද ඒ නිසාය. මේ සඳහා අප සම්බන්ධ කරගත්තේ 19 වැනි සංශෝධනය සකස්කිරීමේ පුරෝගාමියකු වූ එක්සත් වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාවය.
“අමාත්‍යාංශ තියාගැනීමට තියෙන බලය හැර වර්තමාන ජනාධිපතිවරයාට තියෙන සියලුම බලතල ඊළඟ ජනාධිපතිවරයාටත් තියෙනවා” එලෙසින් කතාබහ ඇරැඹූ වික්‍රමරත්න මහතා එය වැඩිදුරටත් පැහැදිලි කළේ මේ ආකාරයටය.
“වර්තමාන ජනාධිපතිවරයාට තියෙන බලතලවලින් ඊළඟට පත්වන ජනාධිපතිවරයාට අහිමි වෙන්නේ අමාත්‍යාංශ තබාගැනීමට තියෙන අයිතිය පමණයි. කැබිනට් ඇමැති ධුර දැරිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණයි කියලා 19 වැනි සංශෝධනයේ 44-1 වගන්තිය යටතේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ආරක්ෂක, පරිසර සහ මහවැලි සංවර්ධන ඇමැති ධුර වර්තමාන ජනාධිපතිවරයා යටතේ පවත්වාගෙන යා හැකි ලෙස 19 වැනි සංශෝධනයේ විශේෂ ව්‍යතිරේකයක් මඟින් එතුමාට බලය ලබාදුන්නා. නමුත් ඊළඟට පත්වන ජනාධිපතිවරයාට ඒ බලය නැහැ. අපි දැක්කා පසුගිය දවසක ජනාධිපතිවරයා රූපවාහිනී සංස්ථාව තමන් යටතේ තියෙන ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගන්නවා. නමුත් අනාගත ජනාධිපතිවරයාට ඒ ආකාරයේ වැඩ කරන්න බැහැ. ආයතන පවරගෙන තමන් යටතට දාගන්න බාස්කට් එකක් ඉදිරි ජනාධිපතිවරයාට නැහැ. ඒක තමයි ඉදිරියේ පත්වන ජනාධිපතිවරයාගේ ලොකුම වෙනස්කම.”
ඒ අනුව පෙනීයන්නේ ඉදිරි ජනාධිපතිවරයාට ආරක්ෂ ඇමැතිවරයා ලෙස හෝ කටයුතු කළ නොහැකි බවට වන මතය සත්‍ය එකක් බවය. අමාත්‍යාංශ දැරීම හෝ අමාත්‍යාංශයන්ට අයත් ආයතන පවරාගැනීම සිදුකළ නොහැකි වුවද, පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට ඇඟිලි ගැසීමේ සහ හිරිහැර කිරීමේ බලය ඒ ආකාරයෙන්ම ඉදිරි ජනාධිපතිවරයාට හිමිවන බවද වික්‍රමරත්න මහතාගේ අදහසය.
“අමාත්‍යාංශ දැරීමේ බලයක් නැති වුණත්, ජනාධිපතිවරයා තමයි ඉදිරියේදීත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. ඒ හින්දා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳන් පාර්ලිමේන්තුවට කරන ඇඟිලිගැසීම්, හිරිහැරකිරීම්, බාධාකිරීම් සහ බලපෑම් ඉදිරි ජනාධිපතිවරයාටත් ඒ ආකාරයෙන්ම කරන්න පුළුවන්. ඒ වගේම ඇමැති මණ්ඩලය පත්කිරීමේදිත් අගමැතිවරයාට බලපෑම් කරන්න ජනාධිපතිවරයාට පුළුවන්. උදාහරණයක් විදියට කිව්වොත් සරත් ෆොන්සේකා මහත්තයට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදීමට වර්තමාන ජනාධිපතිවරයා විරුද්ධ වූ ආකාරයෙන්ම ඉදිරි ජනාධිපතිවරයාටත් ඒ වගේ කටයුතුවලට මැදිහත් වෙන්න පුළුවන්.”
ඒ සම්බන්ධව අදහස් දැක්වූ ජයම්පති වික්‍රමරත්න මහතා පවසන්නේ 19 වැනි සංශෝධනය නිසියාකාරව ක්‍රියාත්මක වුවද, කඳවුරු දෙකක් ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින බල අරගලය ඒ ආකාරයෙන්ම පවතිනු ඇති බවය.
“ඉදිරියේදී පත්වෙන පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය නම්කිරීමේ බලය තියෙන්නේ අගමැතිතුමාට. නමුත් ඒ සඳහා පත්කරන පුද්ගලයන්ට විරුද්ධවීමේ අයිතිය ජනාධිපතිවරයාට තියෙනවා. ඇමැතිවරුන්ගේ විෂයන් මාරුකිරීම සම්බන්ධව අගමැතිවරයාට බලපෑම් කිරීමේ අයිතිය ජනාධිපතිවරයාට තියෙනවා. කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු තීරණවලට විරුද්ධවීමේ අයිතියත් ඊළඟ ජනාධිපතිවරයාට මේ විදියටම ලැබෙනවා. ඒ හින්දා ජනාධිපතිවරයාගේ කඳවුර සහ අගමැතිවරයාගේ කඳවුර අතර පවතින බල අරගලය ඉදිරියටත් මේ විදියටම තියෙන්න පුළුවන්. එකම පක්ෂයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පත්වුණත් එතැන බල කේන්ද්‍ර දෙකක් හැදෙන්න පුළුවන්. මොකද ඉස්සර අගමැතිවරයාට බලයක් තිබුණේ නැහැ. උදාහරණයකට කිව්වොත් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලෙදි දි.මු. ජයරත්න කියන්නේ නාමික අගමැතිවරයෙක්. එතුමාට බලයක් තිබුණේ නැහැ. බලයක් නැති තැනක කඳවුරක් හැදෙන්නේ නැහැ. ඒ හින්දා එතුමා වටා කවුරුත් කේන්ද්‍රගත වුණේ නැහැ. නමුත් ඉදිරියේදී තත්ත්වය වෙනස්. අගමැතිවරයාටත් විශාල බලතල ප්‍රමාණයක් තියෙනවා. ඒ හින්දා ජනාධිපතිවරයා වටේ වගේම අගමැතිවරයා වටාත් පිරිස කේන්ද්‍රගත වෙන්න පුළුවන්. ඒ වටා බල කඳවුරු දෙකක් නිර්මාණය වෙන්න පුළුවන්.”
ඒ ආකාරයෙන් බැලූ විට 19 වැනි සංශෝධනය හරහා ඉදිරියේදී රට තුළ මීටත් වඩා ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය විය හැකියි. රටේ බහුතර ජනතාව විශ්වාස කළ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයක් හරහා මේ ආකාරයේ තත්ත්වයක් ඇතිවීම ඔවුන්ගේ බලාපොරොත්තු බිඳවැටීමට හේතුවක් බව ජනතාවගේ අදහසය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ ආකාරයේ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවීමට මඟ පෑදුනේ කෙසේදැයි යන්න පිළිබඳ අප ඒ සඳහා වගකිව යුතු එක් පුද්ගලයෙක් වන ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් විමසා සිටියේ එය ජනතාව දැනගත යුතුම කරුණක් වන නිසාය.
“පැහැදිලිවම මේ ව්‍යවස්ථාව හරහා එහෙම තත්ත්වයක් තියෙනවා. නමුත් අපි සකස් කරපු 19 වැනි සංශෝධනයේ මුල් කෙටුම්පත සම්මත වුණා නම් මේ වගේ ව්‍යාකූල තත්ත්වයක් කිසිසේත්ම නිර්මාණය වෙන්නේ නැහැ. රට තුළ බල කඳවුරු දෙකක් නිර්මාණය වීමේ ඉඩකඩ අහුරන්න හැකි සියලුම ඉඩකඩ ඒ මුල් කෙටුම්පත් හරහා අහුරලයි තිබුණේ. නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සහ විපක්ෂය පැත්තෙන් ආපු විරෝධතා හින්දා ඒ කෙටුම්පතේ කරුණු රාශියක් සංශෝධනය කරන්න අපට සිද්ධ වුණා. මොකද එහෙම නැති වුණා නම් මේ සංශෝධනය 2/3ක බලයකින් සම්මත කරගැනීමේ අවස්ථාව අපට නැති වෙනවා. ඒ හින්දා ඒ සංශෝධන පිළිගන්න අපට සිද්ධ වුණා. නමුත් රටට හිතකර වටිනා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ ඉඩකඩ ඒ හරහා අපට අහිමි වුණා.”
ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට ඇති බලතල සහ ඔහුට කටයුතු කළ හැකි ආකාරය එලෙසය. ඊළඟ ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයාට තමන්ගේ බලාපොරොත්තු ඉටුකිරීමේ ඉඩකඩ ලැබෙන්නේ කොයි ආකාරයෙන්දැයි ඒ හරහා තේරුම්ගැනීම ජනතාවගේ වගකීමය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඉතාලියේ තනිවුණු ආදරණීය ගායකයා

Next Post

ගෝඨා පරද්දන සැලසුම ගැන ෆීල්ඩ් මාෂල් කට අරී

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Uncategorized

වචනයක්වත් කතා නොකර අනුර දවස් 3ක් පාර්ලිමේන්තුවේ මොනවද කළේ? I Sri Lanka Latest News

කොළඹ ගෙදරින් දොට්ට දැමූ මහින්දව පිළිගන්න ගමේ මහසෙනගක් රැස්වෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

මේ පාර කතානායක ධූරය වෛද්‍යවරයෙක්ට!  I Sri Lanka Latest News
Uncategorized

බාර දීලා මාස 4ක්! තාම කිසිම දෙයක් කරලා නෑ! පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධියේ වාර්තාව තවම කතානායක ළඟ! I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.