රෝයල් පාක් මිනීමරුවාට ජනපති සමාව දීම සාධාරණියකරණය කරමින් ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයට එරෙහිව ගාල්ල බිෂොප්වරයා වන රේමන්ඩ් වික්‍රමසිහ මහතා සිය විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කොට ඇත.

රෝයල් පාක් මිනීමරුවාට සමාව දෙන ලෙසට තමන් වෙත අප්‍රමාණ ඉල්ලීම් ඉදිරිපත් වූ බවත්, ඒ අතර ගාල්ල බිෂොප්වරයා වන රේමන්ඩ් වික්රමසිිංහ මහතා සිටින බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයේ සදහන් වී තීබීම ඒ සදහා හේතු වී තිබේ.
මෙහිදී බිෂොප්වරයා පෙන්වා දී ඇත්තේ තමන් කිසිදු විටෙක රෝයල් පාක් මිනීමරුවා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නොමැති බවකි.










