නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා හට බම්බලපිටිය ප්‍රදේශයේ ‘ලොරිස්’ පෞද්ගලික නිවාස සංකීර්ණයේ නව නිල නිවසක් ලබාදී ඇත.
නියෝජ්‍ය කථානායකවරයකුට මෙසේ පෞද්ගලික නිවාස සංකීර්ණයක නිල නිවසක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වේ.
මින් පෙර නියෝජ්‍ය කථානායකවරුන්ටද ලබාදී තිබුණේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි නිවසකි.
නියෝජ්‍ය කථානායකවරයාට ලොරිස් නිවාස සංකීර්ණයෙන් නිල නිවසක් ලබාදීමේ තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කමිටුව මගිනි.











