හලාවත මුන්නේශ්වරමේ සොහොන් කාලි දේවාලයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා පස් ලෝ දේව ප්‍රතිමාවක් සොරකම් කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් හලාවත පොලීසිය මේ වනවිට පරීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතී.
පසුගිය 29 වැනිදා අලුයම මෙම සොරකම සිදුකර ඇති බව දේවාලයේ භාරකරුවන් පොලීසියට පැමිණිලි කර තිබේ.
දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර පවතින මත ගැටුමක් හේතුවෙන් අදාළ නඩුව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මීට පෙරද මෙම දේවාලයේ දේව ප්‍රතිමාවක් සොරකම් කිරීමක් සිදුව ඇත.










