කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ.
සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු 23, සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි.










