ලංකාවේ අංක එකේ කෝටිපතියා ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා රට පුරා පැතිර යන කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා රුපියල් ලක්ෂ 700කට (කෝටි 7ක) අධික වටිනාකමකින් යුත් භාණ්ඩ පරිත්‍යාගයක් සිදු කර ඇති බව දැනගන්නට තිබේ.
ඒ අතර දැඩී සත්කාර ඒකකයන්ට ලබා දෙන හුස්ම ගැනීමේ උපකරණ 6ක්, දැඩි සත්කාර ඒකකයන්ට අවශ්‍ය ඇදන් 169ක් ඇතුලුව ඇදන් 485ක් ඇති බව දැනගන්නට ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ කිසිදු පූර්ව ප්‍රචාරයකින් තොරව ධම්මික පෙරේරා මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කර තිබීමය.
අදාළ පරිත්‍යාගය සිදුකිරීමෙන් පසුවද ධම්මික පෙරේරා මහතා දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රසිද්ධියක් ලබා නොදෙන ලෙසටය.
නමුත් තෙවන පාර්ශ්වයක් හරහා අපට එම තොරතුර දැනගන්නට ලැබුණු අතර රටම විපතට පත්ව ඇති මෙවැනි අවස්ථාවකදී එම පරිත්‍යාගයන්හි ඇති වටිනාකම සලකා එම පුවත අපගේ වෙබ් අඩවියේ පළ කිරීමට පියවර ගත් බව සදහන් කර සිටිමු.










