කොරෝනා වයිරසය මුල්කරගෙන රට තුළ මතුව ඇති බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ඇඳිරි නීති තත්ත්වය මුල්කරගෙන නිවෙසේ රැඳී සිටිමින්ම ප්‍රේමදාස මහතා මෙම විශේෂ ප්‍රකාශය නිකුත් කිරීම විශේෂ සිදුවීමකි.
රට බරපතළ අර්බූදයක පවතින මේ මොහොතේ මහ මැතිවරණ හෝ තුනෙන් දෙක නොව වහාම පාර්ලිමේන්තුව කැදවිය යුතු බව ඒ මහතාගේ ස්ථාවරය වී තිබේ.










