සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල යාල වනෝද්‍යානය තුළට වී කල් ගතකරමින් සිටින බව දැනගන්නට ඇත.
පසුගිය සිකුරාදා සිටම මෙසේ ප්‍රේමදාස මහතා වනෝද්‍යානය තුළට වී සිටින බැවින් කිසිවකුටත් ඒ මහතා සමග සම්බන්ධතා පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව පැවසේ.
වනෝද්‍යානය තුළ ජංගම දුරකතන සංඥා නොමැති බැවින් අවම වශයෙන් දුරකතන මගින් හෝ ඒ මහතා සම්බන්ධ කර ගැනීමට එම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ට පවා නොහැකි වී ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් ලබන අගහරුවාදා දිනයේ නැවත ප්‍රේමදාස මහතා යාල වනෝද්‍යානයෙන් එළියට එමට නියමිත බවද වාර්තා වේ.










