අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සමඟ පරීක්ෂණ මෙහෙයවු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අද (24) දහවල් කිසිවකුටත් නොකියා විදේසගතව ඇත.
දහවල් 12.50ට ඩබ්ලිව් කේ 0065 නැමැති යානයෙන් ඒ මහතා බිරිද හා දරු තිදෙනා සමග හොර රහසේ ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගොස් ඇති බව දැනගන්නට තිබේ.
රහස් පොලිසියේ මිනිමැරුම් හා සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා යටතේ වසර කිහිපයක්ම සේවය කර ඇති අතර තරුණයින් 11 දෙනා අතුරුදන් කිරීමේ නඩුව, ලසන්ත වික්‍රමතුංග නඩුව, සේයා සදෙව්මි ඝාතන නඩුව, ඩී ඒ රාජපක්ෂ සොහොන් කොත් සම්බන්ධ නඩුව, යාපනයේ විද්‍යා දැරිය ඝාතන නඩුව, වැලිකඩ සිරකරුවන් ඝාතනය ඔහු විසින් මෙහෙයවු ප්‍රධාන නඩු අතරින් කිහිපයකි.
රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාව සිටි ශානි අබේදේකර මහතා පසුගිය සතියේදී ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කර යවා තිබිණ.










