පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා තමන්ට බැන තර්ජනය කළ බව කියමින් මාතලේ නාඋල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංජය සේනාරත්න මහතා මාතලේ පොලිසියට පැමිණීල්ලක් ඉදිරිපත් කොට ඇත.
moiv 339/199 යන අංකය යටතේ ඉදිරිපත් කොට ඇති මෙම පැමිණිල්ල මගින් සේනාරත්න මහතා සදහන් කොට ඇත්තේ තමන්ට ලක්ෂ්මන් වසන්ත පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉරිදා (24) දහවල් දුරකතන ඇමතුමක් ලබා දී බැන තර්ජනය කළ බවකි.
මේ සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.










