එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායම අද (25) රාත්‍රියේදී කතානායක කරු ජයසූරිය මහතා මුණගැසීමට නියමිතය.
මෙහිදී දැනට පක්ෂය තුළ මතුව ඇති නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
එමෙන්ම මෙම හමුවේදී විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබා දිය යුතු බවට අත්සන් තැබෙන ලිපියට මේ වනවිට මන්ත්‍රී අස්සන් 70කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇත.










