කොල්ලුපිටියේ පිහිටි Colombo Swimming Club හෝටලයේදී ඊයේ (25) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මුණගැසී පක්ෂයේ ඉදිරිය පිළිබදව සාකච්ජා කර ඇති බව දැනගන්නට ඇත.
රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැත්වී ඇති මෙම සාකච්ජාවට මන්ත්‍රීවරුන් 40 දෙනකු සහභාගී වී සිටි බව දැනගන්නට තිබේ.
මෙහිදී විපක්ෂනායක ධුරය පමණක් නොව පක්ෂ නායකත්වය පවා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉවත් කොට සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා ගත යුතු බවට පිරිස අතර සාකච්ජා වී තිබේ.










