ආණ්ඩුවේ ආයතනවල ප්‍රධාන තනතුරු පිරවීම සදහා වූ තේරීම් කමිටුව මේ වනවිට ජනාධිපතිවරයා විසින් නම් කරනු ලැබ තිබේ.
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සුසන්ත රත්නායක, ඩයන් ගෝමස් හා නාලක ගොඩහේවා යන මහත්වරුන්‌ගෙන් මෙම කමිටුව සමන්විතය.
අමාත්‍යවරුන් දිවුරුම් දීමේදී ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම ඔවුනට දැනුම් දී සිටියේ අදාළ ආයතනවල ඉහළ තනතුරු පිරවීමේදී දක්ෂතාවයෙන් යුත් පිරිසක් පත් කළ යුතු බවත්, ඒ වෙනුවෙන් කමිටුවක් පත් කරන බවත්ය.










