ශ්‍රීලනිපය හා පොහොට්ටුව සන්ධානගත වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන 05 වැනිදාට ගැනීමට අද (30) රාත්‍රියේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණු අතර දෙපාර්ශ්වය සන්ධානගත වීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝව කරුණු සාකච්ජා වී තිබේ.
ඒ අනුව අවසානයේදී තීන්දු වී ඇත්තේ දැනට සකස් කෙරෙමින් පවතින අවබෝධතා ගිවිසුම් 3ට අමතරව ජන්ද ලකුණු සම්බන්ධයෙන් තවත් ලියවිල්ලක් සකස් කොට හෙට (01) දිනයේදී එම ලියවිල්ල පොහොට්ටුව වෙත භාර දීමටය.