ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇප මුදල් පවා බැද තිබූ කුමාර වෙල්ගම මහතා නාමයෝජනා ලබා දීමට අද (07) දිනයේදී නොපැමිණියේ පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අවසන් මොහොතේදී ලද දුරකතන ඇමැතුමක් හේතුවෙනි.
ඒ අනුව ඉකුත් සති අන්තයේදී වෙල්ගම මහතාට දුරකතන ඇමැතුමක් ලබා දී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ලෙස ඉල්ලීමක් කර තිබේ.
එපමණක් නොව ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව වෙල්ගම මහතාගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් සහතිකයක් ලබා දීමටද ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.