ජනාධිපතිවරණයේ නාමයෝජනා බාර දීමත් සමග රට පුරා සිය ජාලයන් විහිදී ඇති ප්‍රධාන පෙළේ සමාගම් රැසක්ම ජයග්‍රාහී අපේක්ෂකයා කවුරුන්ද යන්න සොයා බැලීම සදහා රට පුරා මත විමසුම් ආරම්භ කිරීමට කටයුතු කොට ඇත.
ඒ අනුව එම සමාගම් දකුණේ සිට උතුරේ අවසන් ඉම දක්වාම සිය ජාලය යොදවා මතවිමසුම් කිරීමට කටයුතු සැලසුම් කොට ඇත.
එමෙන්ම මෙහි ප්‍රතිපල ජනාධිපතිවරණයේ අවසන් අදියරේදී රටට ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කර ඇති බවද දැනගන්නට තිබේ.